About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kerala Style Prawn Curry - කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්

ටිකක් සැර කෑමක් වුනත් ඉස්සො කියන්නෙ අපි කවුරුත් කන්න ආසා කරන කෑමක්නෙ. ඒ හින්දම ඉස්සො හදන විදි ගොඩක්…
Kerala Style Prawn Curry - කේරල ක්‍රමයට ඉස්සො වෑන්ජනයක්
ටිකක් සැර කෑමක් වුනත් ඉස්සො කියන්නෙ අපි කවුරුත් කන්න ආසා කරන කෑමක්නෙ. ඒ හින්දම ඉස්සො හදන විදි ගොඩක් ගොඩක් දැනටමත් ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දීලා තියෙනවා ඔයාලට. දැන් මේ කියලා දෙන්න යන්නෙත් එහෙම ඉස්සො රසම රසට හදාගන්න පුලුවන් තවත් එක විදිහක් ගැන. මේක ඉන්දියාවේ කට්ටිය ඉස්සො හදන විදිහක්. මේ විදියට ඉස්සො හදාගත්තම බත් එක්ක විතරක් නෙමෙයි පාන්, ඉදිආප්ප, තෝසෙ වගේ දේවල් එක්ක වුනත් කෑමට ගන්න පුළුවන් ඔයාලට..

අවශ්‍ය දේවල්:

  • ඉස්සො කිලෝ ග්‍රෑම් 1
  • පොල් තෙල් මේස හැදි 1
  • උළු හාල් තේ හැදි 1
  • කහ තේ හැදි 1/2
  • අබ ඇට තේ හැදි 1
  • කරපින්චා කොළ 10-12
  • පොල් කිරි කෝප්ප 1
  • වතුර කෝප්ප 1/4
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
  • දෙහි යුෂ
  • කපාගත්ත ළුණු ගෙඩි 1
  • රතු මිරිස් කරල් 1
  • ඉගුරු ග්‍රෑම් 30
  • සුදු ළුණු බික් 4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ඉගුරු, සුදු ළුණු, ළුණු, මිරිස් බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගෙන පේස්ට් එකක් වගේ හදාගන්න. ඒ කිව්වෙ ක්‍රීම් එකක් වගේ.
  • දැන් ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් දාලා ටිකක් අඩු ගින්දරේ තෙල් ටික රත් කරගන්න.
  • තෙල් රත් වෙනකොට ඒකට උළු හාල්, කරපින්චා, කහ, අබ එකතු කරන්න ඕනෙ.
  • ඊළගට අපි කලින් හදාගත්ත ළුණු පේස්ට් එක මේකට එකතු කරලා විනාඩි 2-3ක් විතර ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ ඉස්සො ටිකයි වතුරයි එකතු කරලා ඉස්සො ටික තැම්බෙනකම් ලිපේ තියාගන්න.
  • ඉස්සො ටික තැම්බීගෙන එනකොට අපි ඒකට පොල් කිරි, ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ එකතු කරලා තවත් විනාඩි 2-3ක් ලිපේ තියාගන්න ඕනෙ. එච්චරයි! හරිම ලේසියි හදන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ වගේ ඉගුරු, සුදු ළුණු, ළුණු, මිරිස් කියන ඔක්කොම දේවල් ටික බ්ලෙන්ඩර් එකට දාගෙන පේස්ට් එකක් හදාගන්න. මේකනම් බ්ලෙන්ඩර් එකක් නෙමේ, මේක Food Processor එකක්.

මේ වගේ ගානට එනකම් බ්ලෙන්ඩ් කරගන්න ඔයාලා.

භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වෙනකොට ඒකට උළු හාල්, කරපින්චා, කහ, අබ එකතු කරගෙන.

මේ කලින් අපි බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය ඒකට දාගෙන ඊට පස්සෙ ඉස්සො ටිකත් දාගෙන කලවම් කරගෙන. මේකට වතුරත් දාගෙන තියෙන්නෙ.

මේ පොල් කිරි එකතු කරගන්න ගමන්.

ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ ටිකත් එකතු කරගන්න මේ වගේ. ඊට පස්සෙ හොදට හැදි ගා ගන්න ඕනෙ.

මේ වගේ හැදි ගාගෙන විනාඩි 2-3ක් විතර ලිපේ තියාගන්න.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා කියලා හදාගත්ත අපේ රසම රස ඉස්සො වෑන්ජනය. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ tasty.co වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment