About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Brazilian Truffles - රසම රස චොක්ලට් බෝල වර්ගයක්

ඔන්න අද කියලා දෙන්න යන්නෙ අපේ කට්ටිය පොඩ්ඩක් වත් කන්න කැමති නැති, තිත්තම තිත්ත, පොඩ්ඩො එහෙම කන්න අ…
Brazilian Truffles - රසම රස චොක්ලට් බෝල වර්ගයක්
ඔන්න අද කියලා දෙන්න යන්නෙ අපේ කට්ටිය පොඩ්ඩක් වත් කන්න කැමති නැති, තිත්තම තිත්ත, පොඩ්ඩො එහෙම කන්න අකමැතිම, චුට්ටම චුට්ටක් වත් කැමති නැති කෑමක් හදන විදිහ කියලා දෙන්න. ඒ තමයි චොකලට් බෝල! මොකක් කිව්වා? චොකලට් බෝල අපේ කට්ටිය කන්න කැමති නැහැ? හී හී :) අපිනම් කන්න අකමැති වෙයි නෙහ් :) උකු කල කිරි, කොකෝවා පවූඩර්, චොක්ලට් ස්ප්‍රින්කල්ස් වගේ දේවල් පාවිච්චි කරලා තමයි අපි මේක හදාගන්න යන්නෙ. හරිම ලෙසියි හදන්න නම්. විශේෂයෙන්ම ඔයාලට මේවා පොඩ්ඩොන්ගේ උපන්දින සාදයකට වගේ හදාගන්න පුළුවන්..
මේ තියෙන්නෙ මේ විදිහටම හදාගත්ත රසම රස චොක්ලට් බෝල (Brazilian Truffles).

අවශ්‍ය දේවල්:
  • බටර් මේස හැදි 1
  • උකු කල කිරි ග්‍රෑම් 400 (මිල්ක් මේඩ් වගේ ඒවා)
  • කොකෝවා පවූඩර් කෝප්ප 1/4
  • චොක්ලට් ස්ප්‍රින්කල් (කේක් බඩු තියන කඩවලින් මේවා ගන්න පුළුවන්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පෑන් එකකට බටර් ටිකක් දාලා අඩු ගින්දරේ බටර් ටික දිය කරගන්න.
  • බටර් දිය වුනාම උකු කල කිරි ටිකයි කොකෝවා පවුඩර් ටිකයි එකතු කරලා දිගටම හැදි ගාමින් මේක කලවම් කරගන්න ඕනෙ. තියේනම් ස්පැටුලා එකක් (ඒ කිව්වේ අඩිය පැතලි හැන්දක්) පාවිච්චි කරන්න මේ වැඩේට.
  • මිශ්‍රණය ඔහොම ටික වෙලාවක් කලවම් කරන් යද්දි හරි පදමට එනවා. ඒ පදම බලාගන්නෙ මෙහෙමයි. හැන්දෙන් මිශ්‍රණය මැදින් එක ඉරක් ඇදන් යන්න භාජනයේ අඩිය පේන විදිහට. එහෙම ඇදන් ගියපු ඉර චොකලට් වලින් ක්ෂණිකවම වැහෙන්නෙ නැතුව වැහෙන්න තප්පර 2ක් 3ක් යනවානම් අන්න පදම හරි.
  • දැන් මේ මිශ්‍රණය බටර් ටිකක් ගාගත්ත ට්‍රේ එකකට දාලා පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න ඕනෙ අපි.
  • ඊට පස්සෙ මේ මිශ්‍රණයෙන් පොඩ්ඩ පොඩ්ඩ අරගෙන පොඩි බෝල වගේ හදාගන්න.
  • ඊළගට අන්තිමට අපි මේ හදාගත්ත බෝල ටික චොක්ලට් ස්ප්‍රිනක්ල් වල තවරගන්න ඕනෙ. ඒ වැඩේ කරන්නෙ කොහොමද කියලා ඔයාලට ෆොටෝ ටික දකිනකොට තේරෙයි.
  • එච්චරයි! ඊට පස්සෙ ඔයාලට මේවා පිළිගන්වන්න පුලුවන්. නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා තියන්නත් පුලුවන් පිළිගන්වන වෙලාව එනකම්.

පොටෝ ටිකත් බලන්නකෝ..
කොකෝවා මිශ්‍රණය හදාගන්නකොට තියෙනවානම් මේ වගේ ස්පැටුලා එකක්(පැතලි හැන්දක්) පාවිච්චි කරන්න.

මේ තියෙන්නෙ චොක්ලට් ස්ප්‍රින්කල්ස්.

මේ කොකෝවා මිශ්‍රණය හදාගන්න ගමන්.

මේ කොකෝවා මිශ්‍රණය ෆ්‍රිජ් එකේ දාලා තියලා හයි වුනාට පස්සෙ ඒකෙන් හදාගත්ත බෝල.

මේ බෝල ටික චොක්ලට් ස්ප්‍රින්කල්ස් වල තවරගන්න ගමන්.

මේ තියෙන්නෙ හදාගත්ත අපේ රසම රස චොක්ලට් බෝල ටික අන්තිමට. දැන් ඉතින් පිළිගන්වන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ tasty.co වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment