About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mushroom with Peas - බිම්මල් සමග ග්‍රීන් පීස් වෑන්ජනය

බිම්මල් කියන්නෙ ගොඩක් වෙලාවට හැමෝම වගේ කන්න කැමති කෑමක්නෙ. ඒ හින්දම අපේ කට්ටිය බිම්මල් එක එක විදිහට…
Mushroom with Peas - බිම්මල් සමග ග්‍රීන් පීස් වෑන්ජනය
බිම්මල් කියන්නෙ ගොඩක් වෙලාවට හැමෝම වගේ කන්න කැමති කෑමක්නෙ. ඒ හින්දම අපේ කට්ටිය බිම්මල් එක එක විදිහට හදනවා. ඔයාලා බිම්මල් වලට ග්‍රීන් පීස් දාලා හදලා තියනවද? ඔන්න එහෙනම් අද කියලා දෙන්නෙ ඒ විදියට බිම්මල් හදන විදිය ගැන. ග්‍රීන් පීස් වලට අමතරව වෙන විශේෂ දෙයක් අපි මේකට පාවිච්චි කරන්නෙ නැහැ. ගෙදර තියන දේවල් විතරමයි වැඩේට ඕනෙ වෙන්නෙ. බත් එක්ක කෑමට ගන්න අපිට මේක ගන්න පුළුවන්. හැබැයි මේක ඉන්දියානු කෑමක්! ඒ හින්දා මේක චුට්ටක් වෙනස් කරලා අපිට ගැළපෙන විදියට හදන්නයි ඔන්න දැන් මේ යන්නෙ.

අවශ්‍ය දේවල්:

  • කපාගත්ත බිම්මල් කෝප්ප 2
  • ග්‍රීන් පීස් කෝප්ප 1
  • කපාගත්ත තක්කාලි කෝප්ප 1
  • පොඩියට කපාගත්ත ඉගුරු තේ හැදි 1
  • පොල් තෙල් මේස හැදි 2
  • සූදුරු තේ හැදි 1
  • කහ කුඩු තේ හැදි 1/2
  • පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ තේ හැදි 2
  • මිරිස් කුඩු තේ හැදි 1
  • ලුණු තේ හැදි 3/4
  • දෙහි යුෂ තේ හැදි 1/2
  • පොඩියට කපාගත්ත මිරිස් කරල් 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තෙල් ටිකක් භාජනේකට දාලා මද ගින්නෙ තෙල් ටික රත් කරගන්න.
  • තෙල් ටික රත් වෙනකොට සූදුරුයි කහ කුඩුයි එකතු කරලා ටිකක් කලවම් කරගන්න.
  • ඊළගට මේකට තක්කාලි, ලුණු, කොත්තමල්ලි කොළ, ඉගුරු, මිරිස් කුඩු එකතු කරලා තක්කාලි ටික තැම්බෙනකම් ලිපේ තියාගන්න. තක්කාලි ටික ඉස්ම වගේ ගානට එනකම් ලිපේ තියාගන්න ඕනෙ.
  • ඊට පස්සෙ බිම්මල් ටිකයි ග්‍රීන් පීස් ටිකයි එකතු කරලා ගින්දර අඩු කරලා භාජනේ පියනකින් වහලා පොඩ්ඩක් ලිපේ තියාගන්න.
  • බිම්මල් ටික උයාගන්න විනාඩි 4ක් විතර යනවා එතකන් මේක ලිපේ තියෙන්නෙ ඕනෙ.
  • බිම්මල් ටික උයාගත්තම ලිප නිවාගන්න.
  • ඊට පස්සෙ අන්තිමට දෙහි යුෂ පොඩ්ඩක් මේකට ඉහගෙන අමු මිරිසුත් එකතු කරලා කලවම් කරගන්න.
  • එච්චරයි! ඔන්න වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් පොඩ්ඩක් කාලා රස බලන්න පුලුවන් ඔයාලට. කෑම මේසෙට යවන්න කලින් කොත්තමල්ලි කොළ දෙක තුනක් එහෙම උඩින් තියලා පොඩ්ඩක් සරසාගෙනම යවන්න.

මේ වෑන්ජනය හදාගෙන යන ගමන්.

කොත්තමල්ලි කොළ දෙක තුනක් එහෙම උඩින් තියලා පොඩ්ඩක් සරසාගෙනම කෑම මේසෙට යවන්න.














මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නේ manjulaskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment