About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coffee Cupcakes - කෝපි මිශ්‍ර කප්කේක්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කෝපි මිශ්‍ර කප්කේක් හදන්නේ කොහොමද කියලා. කප්කේක් කියන්නෙත් ස්පන්චි වලටම…
Coffee Cupcakes - කෝපි මිශ්‍ර කප්කේක්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කෝපි මිශ්‍ර කප්කේක් හදන්නේ කොහොමද කියලා. කප්කේක් කියන්නෙත් ස්පන්චි වලටම තමයි හොදේ.. උදේ නැත්නම් හවස් වරුවේ තේ බොන වෙලාවට කෑමට ගන්න නම් මේ කප්කේක් කියන්නෙ කියාපු කෑමක්. ඉඟුරු දපු තේ එකක් එක්ක වගේ නම් හරිම රසයි. ඒ වගේම, ගෙදරට අමුත්තො ආපු වෙලාවට පිලිගන්වන්නත් කියාපු කෑමක්..

අවශ්‍ය දේවල්:

  • උණු වතුර මේස හැදි 3 ක දිය කරගත්තු ක්ෂණික කෝපි මේස හැදි 2 (Instant coffee)
  • පාන් පිටි 125g (කෝප්ප 1)
  • බිත්තර 4
  • බේකින් පවුඩර් තේ හැදි 1 1/2
  • ලුණු පිංචක් (මාපට ඇගිල්ලෙයි දබර ඇගිල්ලෙයි තුඩු වලට හසුවන ප්‍රමාණය)
  • සීනි 200g (කෝප්ප 1)
  • බටර් හෝ මාගරින් 114g (කෝප්ප 1/2)
  • එළවළු තෙල් 118 ml(කෝප්ප 1/2)

සාදාගන්නා ආකාරය:
  • ඉස්සල්ලම ඔයාගෙ අවන් එක සෙල්සියස් 180ට (ෆැරන්හයිට් 350/ගෑස් මාර්ක් 4) රත් වෙන්න දාගෙන ඉන්න. අවන් එකට අන්තිමට කප් කේක් ටික දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් Off කරන්න නම් එපා..!
  • ඊට පස්සෙ පිටියි බේකින් පවුඩරුයි ලුණුයි එකට දාලා කලවම් කරගෙන පෙනේරයක් පාවිච්චි කරලා හලාගෙන වෙනම භාජනයකට දාගන්න.
  • කෝපි ඇරෙන්න අනෙකුත් සියලු ද්‍රව්‍යය තව භාජනයක් ඇරන් ඒකට දාගන්න. ඒ ද්‍රව්‍යය ටික ක්‍රීම් එකක් වෙනතුරු හොඳින් කළවම් කරගන්න ඕනෙ අපි ඊට පස්සෙ.
  • කලින් අපි හලාගත්ත පිටි-බේකින් පවුඩර්-ලුණු මිශ්‍රණය දැන් ඒ ක්‍රීම් එකටම එකතු කරලා තත්පර 10ක් විතර හොඳින් කළවම් කරගන්න.
  • ඊට පස්සෙ ස්පැට්‍යුලා එකක් (කේක් හදනකොට එහෙම කළවම් කරන්න පාවිච්චි කරන පැතලි හැන්දක්. මේවගේ ෆොටෝ එකක් පල්ලෙහා දැම්මා. එක බලන්න.) පාවිච්චි කරලා කෝපි ටිකත් දන් අපි මේ මිශ්‍රණයට එකතුකර ගන්න ඕනෙ. එහෙම දාලා කලවම් කරගන්න විදිහක් තියෙනවා. ඒකට කියන්නෙ ෆෝල්ඩින් මෙතඩ් එක කියලා. ඔයාලා හොඩක් අය නම් දන්නවා ඇති මොකක්ද මේ ක්‍රමය කියලා. එහෙම නොදන්න අපේ යාලුවෝ ඉන්නවානම් මෙන්න මේ වෙබ් අඩවියේ තියෙන මේ වීඩියෝ එක බලන්න (Video). ඒ ක්‍රමය ටිකක් විස්තර කරන්න අමාරුයි. ඒකයි වීඩියෝ එකක් දැම්මේ.
  • දැන් අපි කප් කේක් හදාගන්න පාවිච්චි කරන කප්කේක් ට්‍රේ එකක් (මෆින් ට්‍රේ කියලත් කියනවා) ඇරන් ඒකෙ කප් වල ඇතුල් පැත්තෙ හොදට බටර් හරි මාගරින් හරි ගාගන්න ඕනෙ. එහෙම නැත්නම් කුකින් ස්ප්‍රේ එකක් තියේනම් ඒක පාවිච්චි කරන්න. ඔයාලට පුළුවන් ඔයාලගෙ මෆින් ට්‍රේ එකට මෆින්/කප්කේක් කවර දාලා ලෑස්ති කරගන්නත්.
  • ඊට පස්සෙ හදාගත්ත මිශ්‍රණය අපි ඒ කප්කේක් ට්‍රේ එකේ කප් වලට, එහෙමත් නැත්නම් කප්කේක් කවර වලට වත්කරගන්න ඕනෙ.
  • දැන් මේ කප්කේක් ටික කලින් අපි රත්වෙන්න දාපු ඔයාලගෙ අවන් එකේ මැද රාක්කේ විනාඩි 15ක් හරි, ටූත් පික් එකකින් හරි ඉරටු කෑල්ලකින් හරි කප් කේක් එකකට ඇනලා ඒ ටූත් පික් එක එලියට ගන්නකොට ඒක පිරිසිදුව කප්කේක් මිශ්‍රණය නොතැවරී එළියට එන තරමට බේක් කරගන්න.
  • එච්චරයි! ඊට පස්සෙ ඔයාලට කෑමට ගන්න පුලුවන්. ඕනෙනම් ඔයාලට මේ කප්කේක් ටික සරසා ගන්නත් පුලුවන් බටර්ක්‍රීම් එකක් වගේ පාවිච්චි කරලා.

පොටෝ ටිකත් බලන්නකෝ..
ක්ෂණික කෝපි (Instant Coffee) ටික උණු වතුර වල දිය කරගෙනයි අපි මේක හදද්දී ගන්නෙ.

මේ ඇඟිලි දෙයකට අහුවෙලා තියෙන ප්‍රමාණයට තමයි අපි ලුණු පිංචක් කියලා කියන්නෙ.

මෙන්න මේවට තමයි ස්පැට්‍යුලා කියලා කියන්නෙ. කේක් හදනකොට එහෙම කළවම් කරන්න පාවිච්චි කරන පැතලි හැදි තමයි මේ.

මේ තියෙන්නෙ කප්කේක් ට්‍රේ එකක් (මෆින් ට්‍රේ කියලත් කියනවා). ට්‍රේ එක තියෙන විදිහටම ඇරන් කප් වල බටර් ගාලා ගන්නත් පුලුවන්. නැත්නම් ට්‍රේ එකේ කප් වලට මෆින්/කප්කේක් කවර දාලා ගන්නත් පුලුවන් ඔයාලට.

මේ තියෙන්නෙ මෙහෙම හදාගත්ත කප් කේක්.

අයිසින් වැඩ ගැන අත්දැකීම් එහෙම තියෙනවානම් ඔයාලට හදාගත්ත කප්කේක් ටික මේ වගේ සරසා ගන්නත් පුලුවන් බටර්ක්‍රීම් පාවිච්චි කරලා. දවසක කියලා දෙන්නම් මේ වැඩේ පියවරෙන් පියවර.














ලිපිය ලිව්වේ නුවණි මිතුරිය විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment