About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Avocado Fudge - අලිගැට පේර වලින් පොඩි කෑමක්

හැමදාම අලිගැට පේර එකම විදිහට කන එකේ මෙදා සැරේ පොඩි වෙනසකටත් එක්ක අලිගැට පේර වලින් කිරි-ටොෆී වගේ පොඩ…
Avocado Fudge - අලිගැට පේර වලින් පොඩි කෑමක්
හැමදාම අලිගැට පේර එකම විදිහට කන එකේ මෙදා සැරේ පොඩි වෙනසකටත් එක්ක අලිගැට පේර වලින් කිරි-ටොෆී වගේ පොඩි කෑමක් හදමුද? ගොඩක් වෙලාවට බීම හදනවා, නැත්නම් සීනි එක්ක වගේ අලිගැට පේර කන එකනෙ අපි ගොඩක් වෙලාවට කරන්නෙ. ඒ හින්දම මේ කෑම එකනම් ඔයාලට අලුත්ම අලුත් අත්දැකීමක් වෙයි ඔන්න. කජු, මී පැණි වගේ දේවල් දාලා හදන හින්දම මේකෙ රස ගැනනම් මොන කතාද නෙහ්? හදන්න ඕන කරන බඩු ටික හොයාගන්න පුලුවන් නම් ගෙදරට අමුත්තො එන දවසක සංග්‍රහ කරන්න වගේ මේක හදලා බලන්න, කට්ටියවම පුදුම කරවන්න පුලුවන් වෙයි වගේම හැදුවේ කොහොමදත් කියලා අහගෙන තමයි කට්ටිය යන්නෙ ඔන්න..

අවශ්‍ය දේවල්:

  • අලිගැට පේර ගෙඩි 2
  • කෙසෙල් ගෙඩි 1 (ඕනෙම කෙසෙල් ජාතියක් පාවිච්චි කරන්න පුළුවන්)
  • මී පැණි කෝප්ප 1/4
  • පොල් තෙල් කෝප්ප 2/3
  • ලෙමන් යුෂ ටිකක් (දෙහි යුෂ වුනත ගන්න පුළුවන්)
  • ලුණු පොඩ්ඩක් (පින්චක් වගේ ප්‍රමාණයක්)
  • පොඩියට කපාගත්ත කජු පොඩ්ඩක්
  • ගාගත්ත පොල් පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බ්ලෙන්ඩර් එකක් අරගෙන අලිගැට පේර, මී පැණි, ලුණු, පොල් තෙල්, ලෙමන් යුශ කියන දේවල් ටික දාලා හොදට බ්ලෙන්ඩ් කරගන්න.
  • ඊළගට ට්‍රේ එකක් අරගෙන තෙල් කඩදාසියක් දාගෙන ඒක උඩට බ්ලෙන්ඩ් කරගත්ත අලිගැට පේර මිශ්‍රණය දාලා ටිකක් තුනී කරගන්න. ගොඩක් තුනී කරන්න එපා පොඩ්ඩක් ඝනකමට මේක තියෙන්නෙ ඕනෙ.
  • ඊට පස්සෙ කජු ටිකයි ගාගත්ත පොල් ටිකයි අලිගැට පේර තට්ටුව උඩින් ඉහගෙන පැය 3ක් විතර ට්‍රේ එක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න.
  • එච්චරයි! පැය 3කට පස්සෙ ෆ්‍රිජ් එකෙන් එලියට අරගෙන කෑලි කපලා රස බලන්න තමයි තියෙන්නෙ ඉතින්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ ඔක්කොම දේවල් ටික බ්ලෙන්ඩර් එකට දාගෙන.

මේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සෙ.

මේ ඒ මිශ්‍රණය ට්‍රේ එකට දාගෙන.

මේ වගේ ඊට පස්සෙ තුනී කරගන්න ඕනෙ.

මේ වගේ අලිගැට පේර තට්ටුව උඩින් කජු ටික ඉහගන්න.

මේ පොල් ටික ඉහගත්තට පස්සෙ. ගාගත්ත පොල් ගන්නත් පුලුවන්, නැත්නම් මේ වගේ පොල් කෑලි ගන්නත් පුලුවන්.

මේ ෆ්‍රිජ් එකේ දාලා ගත්තට පස්සෙ.

මේ වගේ කෑලි කපාගන්න ඊට පස්සෙ.

දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ tasty.co වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment