අවශ්‍ය දේවල්:
- සුද්ද කරගත්ත ඉස්සො ග්‍රෑම් 455
- දිගටි හැඩයට කපාගත්ත බෝංචි ග්‍රෑම් 360
- ලුණු තේ හැදි 1
- ගම්මිරිස් කුඩු තේ හැදි 1
- පොඩියට කපාගත්ත බ්‍රොකොලි කෝප්ප 1 (අත්‍යවශ්‍ය නැහැ)
- පෙති කපාගත්ත කැරට් ග්‍රෑම් 120
- සෝයා සෝස් කෝප්ප 1/2
- මී පැණි කෝප්ප 1/4
- කපාගත්ත සුදු ළුණු බික් 2
- පොඩිකරගත්ත ඉගුරු තේ හැදි 1
- තල ඇට මේස හැදි 1
- පොල් තෙල් පොඩ්ඩක්
සාදාගන්නා ආකාරය:
- මුලින්ම භාජනයක් අරගෙන සෝයා සෝස්, ඉගුරු, සුදු ළුණු, මී පැණි, ලුණු, ගම්මිරිස් එකට දාලා සේරම ටික කලවම් කරගන්න.
- ඊළගට තව භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් කරගෙන සුද්ද කරපු ඉස්සො ටික දාලා උයාගන්න.
- ඉස්සො ටික හොදට ඉවුනහම(තැම්බුනාම) කලින් හදාගත්ත සෝයා සෝස් මිශ්‍රණය ඉස්සො වලට දාලා හොදට කලවම් කරගන්න.
- ඊට පස්සෙ සෝස් එක පොඩ්ඩක් බුබුළු දාගෙන වගේ එනකොට කැරට්, බෝංචි, බ්‍රොකොලි ටික මේ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
- ඊට පස්සෙ කරන්න තියෙන්නෙ දන් මේ දාගත්ත එළවළු ටික තැම්බෙනකම් මේ විදියට ලිපේ තියාගන්න එක.
- මේ විදියට එළවළු තැම්බුනාම තල ඇට ටිකත් උඩින් ඉහගෙනම අපිට මේ බැදුම කෑමට ගන්න පුළුවන්.
වැදගත්:
- බ්‍රොකොලි කියන්නෙ ගෝවා මල් වගේ ජාතියක්. මේවා සුපර් මාර්කට් වල ගන්න තියනවා. බ්‍රොකොලි නෑ කියලා මේක හදන්නෙ නැතුව ඉන්න එපා. මොකද බ්‍රොකොලි අත්‍යවශ්‍යම නැහැ මේක හදන්න.
පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ බ්‍රොකොලි.
බැදුම හදාගෙන යන ගමන් මේ.
මේ තියෙන්නෙ වැඩ ඔක්කොම ඉවර වුනාට පස්සෙ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ tasty.co වෙබ් අඩවියෙන්.