About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Ethiopian Cabbage Dish - "ඉතියෝපියානු" විදිහට ගෝවා වැන්ජනයක්

දැන් මේ කියලා දෙන්න යන්නෙ "ඉතියෝපියානු" විදිහට ගෝවා වැන්ජනයක් හදන්නේ කොහොමද කියලා.. හදන්න…
Ethiopian Cabbage Dish - "ඉතියෝපියානු" විදිහට ගෝවා වැන්ජනයක්
දැන් මේ කියලා දෙන්න යන්නෙ "ඉතියෝපියානු" විදිහට ගෝවා වැන්ජනයක් හදන්නේ කොහොමද කියලා.. හදන්න නම් හරිම ලේසියි. ඕන කරන බඩු ටිකත් ලේසියෙන්ම හොයාගන්න පුලුවන් ඔයාලට. මේක නියම විදිහට හදන්න ඔලිව් තෙල් ඕන වුනත් පොල් තෙල් පාවිච්චි කරලා වුනත් ඔයාලට මේක හදන්න පුලුවන්.

අවශ්‍ය දේවල්:

  • පොඩියට කපාගත්ත ගෝවා ගෙඩි 1/2
  • අල ගෙඩි 5
  • හීනියට පෙති කපාගත්ත කැරට් අල 4
  • පොඩියට කපාගත්ත ළුෑණු ගෙඩි 1
  • ලුණු තේහැදි 1
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
  • සූදුරු කුඩු තේ හැදි 1/2
  • කහකුඩු තේ හැදි 1/4
  • ඔලිව් තෙල් කෝප්ප 1/2 (පොල් තෙල් වුනත් කමක් නැහැ)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අල ටික පොතු ඇරලා පොඩි කෑලි වගේ වෙන්න කපාගන්න.
  • ඊළගට භාජනයක් ලිපේ තියලා තෙල් ටික දාලා රත්කරගන්න.
  • රත්වෙච්ච තෙල් වලට් කැරට් ළුෑණු දාලා විනාඩි 5ක් විතර ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ කහ කුඩු, සූදුරු, ලුණු, ගම්මිරිස් මේ කැරට් මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • දැන් මේකටම ගෝවා ටිකත් එකතු කරලා විනාඩි 15-20ක් විතර උයාගන්න.
  • ඊට පස්සෙ අල ටිකත් මේකට එකතු කරලා කලවම් කරගන්න.
  • ඊළගට මේ භාජනේ පියනකින් වහලා අල ටික තැම්බෙනකම් විනාඩි 20-30 ක් විතර ලිපේ තියාගන්න. මතක ඇතුව මේ වෙලාවෙදි ලිපේ ගින්දර ටිකක් අඩු කරන්න.
  • එච්චරයි! ගෝවා වැන්ජනේ හදලා ඉවරයි. මේ වැන්ජනය එක්ක විතරක් වුනත් බත් කන්න පුළුවන්. හදලම බලන්නකෝ..

මේ විදිහට කැරට්, අල, ගෝවා කියන දේවල් ටික කපාගන්න.

මේ තියෙන්නෙ හදාගත්ත ගෝවා වැන්ජනය අන්තිමට.













මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment