About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Pebbles Sugar Cookies - පෙබල්ස් දාපු බිස්කට්

ඔන්න අද කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහේ ලස්සනම ලස්සන බිස්කට් එකක් (කුකීස් එකක්) ගෙදරදීම හදාගන්…
Pebbles Sugar Cookies - පෙබල්ස් දාපු බිස්කට්
ඔන්න අද කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහේ ලස්සනම ලස්සන බිස්කට් එකක් (කුකීස් එකක්) ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. පෙබල්ස් හරි M&M's හරි කලවම් කරලා තමයි අපි මේ බිස්කට් එක හදන්න යන්නෙ. ඒකයි මෙච්චර මේක ලස්සන වෙලා තියෙනෙ. පොඩ්ඩොනම් ගොඩක් ගොඩක් කැමති වෙයි මේ බිස්කට් කන්න නේද? හරි! එහෙනම් බලන්නකෝ මේ බිස්කට් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • පාන් පිටි කෝප්ප 2 3/4
  • බේකිං සෝඩා තේ හැදි 1 (Baking Soda)
  • බේකිං පව්ඩර් තේ හැදි 1/2 (Baking Powder)
  • ලුනු තේ හැදි 1/2
  • මෘදු බටර් කෝප්ප 1 (සාමාන්‍ය බටර් ෆ්‍රිජ් එකෙන් එලියට අරන් තියලා ගන්න)
  • සුදු සීනි කෝප්ප 1 1/4
  • දුඹුරු සීනි කෝප්ප 1 1/4
  • බිත්තර 1
  • වැනිලා තේ හැදි 1 1/4
  • සෝ(ර්) ක්‍රීම් මේස හැදි 2 (Sour Cream)
  • ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 2 1/2 (Fresh Milk)
  • පෙබල්ස් කෝප්ප 3/4 (Ritzbury Pebbles හෝ M&M's)

සාදාගන්නා ආකාරය:
  • මුලින් අපි අවන් එක රත්වෙන්න තියන්න ඕන. අවන් එකේ උෂ්ණත්වය 350°F (175°C) හදාගෙන රත්වෙන්න තියන්න. හැබැයි රත් උනා ඇති කියලා හිතලා අවන් එක OFF කරන්න එහෙම එපා. දැන් මේ ON කරගන්න අවන් එකට අන්තිමට අපි බිස්කට් ටික දාගෙන බේක් කරගෙන අවන් එකෙන් එලියට ගන්න කන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ.
  • ඊට පස්සෙ අවන් එකට දාන්න පුලුවන් තැටියක් අරගෙන ඒකට තෙල් කොලයක් දාලා හදලා සූදානම් කරගෙන පැත්තකින් තියාගන්න.
  • දැන් පොඩි භාජනයක් අරගෙන ඒකට පිටි ටිකයි, බේකිං පව්ඩර් ටිකයි, බේකිං සෝඩා ටිකයි, ලුනු ටිකයි දාලා විස්ක් එකකින් හොදට කලවම් කරලා පැත්තකින් තියා ගන්න. විස්ක් එකක් තියේනම් ගොඩක් හොදයි. එහෙමත් නැත්නම් ඔයාලට ගෑරුප්පුවක් වගේ දෙයක් වුනත් ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් (විස්ක් එකක ෆොටෝ එකක් පල්ලෙහායින් දාන්නම්).
  • දැන් ලොකු භාජනයක් අරගෙන එකට බටර් ටිකයි සුදු සීනි ටිකයි දාලා, සීනි ටික දිය වෙනකම් බීට් කර ගන්න.
  • ඊට පස්සේ ඒකට බිත්තරයයි, වැනිලායි, කිරියි, සෝ(ර්) ක්‍රීමුයි දාලා බීට් කර ගන්න.
  • දැන් ඒකට අපි මුලින් කලවම් කරගෙන පැත්තකින් තියා ගත්ත පිටි ටික සෙමින් එකතු කරගෙන කලවම් කරගන්න (බීට් කරන්න එපා). මේකට ස්පැටූලා එකක්(පැතලි හැන්දක්) පාවිච්චි කරනවා නම් වැඩිය හොදයි. ස්පැටූලා එකක ෆොටෝ එකකුත් පල්ලෙහායින් දාන්නම්කො.
  • ඒ වගේම පෙබල්ස් ටිකත් පිටි මිශ්‍රනයට දාගෙන කලවම් කරගන්න ඔනෙ අපි.
  • හරි! දැන් ඔන්න අපි බිස්කට් මිශ්‍රනය හදාගෙන ඉවරයි. මේ එක්කම ට්‍රේ එකක් ඇරන් දුඹුරු සීනි ටික ඒකට දාලා තුනී කරගෙන පැත්තකින් තියගන්න.
  • දැන් මිශ්‍රනයෙන් ටික ටික අරගෙන රවුම් බෝල හදා ගන්න ඕනෙ අපි. මිශ්‍රණයෙන් ටික ටික ගන්න වැඩේට කුකීස් ස්කූප් එකක් වගේ දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුලුවන්. කුකීස් ස්කූප් එකක නැත්නම් අගලක ප්‍රමාණයට පොඩි බෝල හදාගන්න.
  • අපි ඉස්සරවෙලා ට්‍රේ එකකට සීනි ටිකක් දාගෙන තුනී කරගත්තනෙ. දන් අපි කලින් හදාගත්ත අර බෝල ටික ට්‍රේ එකේ තියෙන තුනී කරගත්ත සීනි උඩ දාලා මුලු බෝලෙම සීනි තැවරෙන විදියට රෝල් කර ගන්න.
  • ඊට පස්සෙ තියෙන්න අවන් එකට දාලා බේක් කරගන්න වැඩේ. බිස්කට් ගුලි ටික කලින් අපි තෙල් කොළ දාලා සූදානම් කරගත්ත තැටිය උඩින් ටිකක් ඈතින් ඈතින් තියාගෙන අවන් එකට දාන්න.
  • මේ බෝල ටික විනාඩි 9ක් 12ක් වගේ බේක් කර ගන්න ඕනෙ අපි. එච්චරයි! බේක් වුනාට පස්සෙ නිවෙන්න තියලා කෑමට ගන්න පුලුවන් ඔයාලට. මහන්සිය යන්නත් එක්ක බිස්කට් එකකට දෙකකට තනියම වග කියන්නත් වෙයි නෙහ්? හී හී.. සුවද දැනෙනකොට ඉන්න පුලුවන්යෑ නේද?

වැදගත්:
  • ඔයාලට සෝ(ර්) ක්‍රීම්, ෆ්‍රෙෂ් මිල්ක්, වැනිලා වගේ දේවල් සුපර් මාර්කට් වලින් ගන්න පුලුවන්.
  • බේකිං සෝඩයි බේකිං පව්ඩරුයි නම් ගෙවල් ලග කඩවල් වලිනුත් ගන්න පුලුවන් වෙයි ඔයාලට. සුපර් මාර්කට් වලින් නම් අනිවාර්යෙන්ම ගන්න පුලුවන්.
  • මෘදු බටර් කියන්නේ අමුතු බටර් ජාතියක් එහෙම නෙමෙයි ඔන්න හොද්ද? හී හී..:) අපි සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන බටර් ෆ්‍රිජ් එකෙන් එලියට අරන් පැයක් විතර ගියහම ඒකේ තියෙන හයිය ගතිය නැති වෙලා මෘදු වෙනවානේ, අන්න ඒකටයි මෘදු බටර් කියන්නේ.

පොටෝ ටිකත් බලන්නකෝ..
පෙබල්ස් හරි M&M's වගේ දෙයක් හරි ඔයාලට මේ කුකීස් එකට පාවිච්චි කරන්න පුලුවන්.

මේ තියෙන්නෙ විස්ක් එකක්.

මේ තියෙන්නෙ එක එක විදිහේ ස්පැටූලා.

මේ තියෙන්නෙ කුකීස් ස්කූප්. කියන ඒවා. මෙවා අයිස්ක්‍රීම් ස්කූප් වගේම තමයි. හැබැයි ප්‍රමාණයෙන් ටිකක් කුඩයි.

මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත කුකීස් ටික අන්තිමට.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ swankyrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment