About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Roasted Carrots - කැරට් හදන්න පුලුවන් තවත් එක විදිහක්..

කැරට් දාලා ව්‍යංජන, සම්බෝල, බීම වගේ දේවල් හදන එකනෙ අපේ කට්ටිය ගොඩක් වෙලාවට කරන්නෙ. හැබැයි කැරට් වලි…
Roasted Carrots - කැරට් හදන්න පුලුවන් තවත් එක විදිහක්..
කැරට් දාලා ව්‍යංජන, සම්බෝල, බීම වගේ දේවල් හදන එකනෙ අපේ කට්ටිය ගොඩක් වෙලාවට කරන්නෙ. හැබැයි කැරට් වලින් තව එක එක කෑම වර්ග හදනවා වගේම කැරට් හදන විදිත් සෑහෙන්න තියෙනවා. මතකද එක පාරක් කැරට් දලා හදන කේක් එකක් හදන විදිහ එහෙමත් "ඉවුම් පිහුම්" ඇප් එකේ කියලා දුන්නා? හරි! අද කියලා දෙන්න යන්නෙ කැරට් හදන්න පුලුවන් තවත් එක විදිහක් ගැන. මේ ක්‍රමයේදි අපි කරන්නෙ කැරට් ටික පොඩි පොඩි දේවල් කීපයක් එක්ක මිශ්‍ර කරගෙන අවන් එකේ දාලා රෝස්ට් කරගන්න එක. හදන්න නම් හරිම ලේසියි. ගොඩක් වෙලා යන්නෙත් නැහැ හදන්න. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • කැරට් අල 4
  • පොල් තෙල් මේස හැදි 2
  • මිරිස් කුඩු තේ හැදි 2
  • පොඩියට කපාගත්ත පාර්ස්ලි කෝප්ප 4 (කොත්තමල්ලි කොළ වුනත් ගන්න පුළුවන්)
  • ලුණු තේ හැදි 1
  • ගම්මිරිස් කුඩු තේ හැදි

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 200°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට අපි කැරට් මිශ්‍රණය දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් Off කරන්න නම් එපා..!
  • අවන් එක රත්වෙන අතරතුර කැරට් ටික අරගෙන රවුම් පෙති වගේ හැඩයට කපාගන්න.
  • දැන් ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, පාර්ස්ලි කියන සේර්ම ටික කපාගත්ත කැරට් වලට දාලා සේරම ටික එකට කලවම් කරන්න.
  • ඊළගට මේ කැරට් මිශ්‍රණය අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකකට දාලා කලින් අපි රත්වෙන්න තියපු අවන් එකේ විනාඩි 20-25ක් රෝස්ට් කරන්න (බේක් කරන්න).
  • එච්චරයි! රෝස්ට් වුනාට පස්සෙ විනාඩි 5ක් විතර මේ කැරට් ටික නිමෙන්න තියලා ඔයාලට කෑමට ගන්න පුළුවන්.
මේ තියෙන්නෙ මේ විදිහට හදපු කැරට්.













මේ ලිපිය සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ tasty.co වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment