About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chickpea Egg Salad - කඩල සහ බිත්තර දැමූ සලාදයක්

දැන් මේ කියලා දෙන්න යන්නෙ කඩලයි බිත්තරයි දාලා යුරොපයේ රටවල් වල කට්ටිය හදන සලාදයක් හදන විදිහ ඔයාලට ක…
Chickpea Egg Salad - කඩල සහ බිත්තර දැමූ සලාදයක්
දැන් මේ කියලා දෙන්න යන්නෙ කඩලයි බිත්තරයි දාලා යුරොපයේ රටවල් වල කට්ටිය හදන සලාදයක් හදන විදිහ ඔයාලට කියලා දෙන්න. මේක පිටරටක කෑමක් වුනත් මේක හදන වැඩේ නම් ඔයාලට එච්චර අමාරු වෙන්නෙ නැහැ. මේක හදන්න ඕන වෙන "ඇපල් සයිඩර් විනාකිරි" ටිකක් නුහුරු විනාකිරි වර්ගයක් වගේ වුනත් "ඇපල් සයිඩර් විනාකිරි" ඔයාලට සුපර් මාකට් වලින් ගන්න පුලුවන්. "ඇපල් සයිඩර් විනාකිරි" හොයාගන්න පුලුවන් වුනොත් පොඩි වෙනසකටත් එක්ක වෙලාවක මේ සැලඩ් එකත් හදලා බලන්න..

අවශ්‍ය දේවල්:

  • කඩල ග්‍රෑම් 100
  • බිත්තර 6
  • පොඩියට කපාගත්ත ළුෑණු මේස හැදි 2
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් කුඩු පොඩ්ඩක්
  • ඔලිව් ඔයිල් මේස හැදි 2 (පොල් තෙල් උනත් කමක් නැහැ)
  • ඇපල් සයිඩර් විනාකිරි මේස හැදි 2 (Apple Cider Vinegar- ඔයාලට මේවා සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන්)
  • පොඩියට කපාගත්ත පාස්ලි කොළ හරි කොත්තමල්ලි කොළ හරි මේස හැදි 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කඩල ටික තම්බගෙන ඉන්න ඕනෙ අපි. ඒ වගේම වෙන භාජනයක බිත්තර 6ත් හොදට තම්බගන්න.
  • ඊළගට තම්බගත්ත බිත්තර ටික දිග අතට පලු 2ක් වෙන විදියට කපාගන්න ඕනෙ.
  • දැන් ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට කඩල, විනාකිරි, ලුණු, ගම්මිරිස්, ළුෑණු, තෙල්, කොත්තමල්ලි කොළ කියන සේරම ටික දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ බිත්තර ටිකත් මේකට එකතු කරලා පරිස්සමට කලවම් කරගන්න. බිත්තර කැඩෙන්නෙ නැති වෙන්න හෙමින් සැරේ මේ වැඩේ කරගන්න ඕනෙ අපි.
  • එච්චරයි! දැන් සේරම වැඩ ටික ඉවරයි. අපිට කැමතිනම් මේක දැන්ම උනත් කෑමට ගන්න පුලුවන්. එහෙමත් නැත්තන් ෆ්‍රිජ් එකේ තියලා මේ සැලඩ් එක දවසක් දෙකක් කෑමට ගන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ මේක හදන්න ගත්ත දේවල් ටික.

මේ ඔක්කොම එකට දාගෙන කලවම් කරගන්න කොට.

මේ තියෙන්නෙ හදාගත්ත අපේ සැලඩ් එක අන්තිමට. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ skinnytaste.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment