About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coriander Chutney - කොත්තමල්ලි කොළ චට්නි

ඔන්න අද අපි හදන්න යන්නෙ කොත්තමල්ලි කොළ වලින් චට්නි එකක්. කොත්තමල්ලි කොළයි පොලූයි දාලා හදන මේ චට්නි …
Coriander Chutney - කොත්තමල්ලි කොළ චට්නි
ඔන්න අද අපි හදන්න යන්නෙ කොත්තමල්ලි කොළ වලින් චට්නි එකක්. කොත්තමල්ලි කොළයි පොලූයි දාලා හදන මේ චට්නි එක බත් එක්ක වගේම රොටී තෝසෙ වගේ දේවල් එක්ක වුනත් කෑමට ගන්න පුළුවන්. රොටී තෝසෙ වගේ දේවල් ලංකාවට වඩා ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය හින්දම මේ කොත්තමල්ලි කොල චට්නි එකත් ඉන්දියාවේ නම් ගොඩක් ගොඩක් ජනප‍්‍රිය කෑමක්..

අවශ්‍ය දේවල්:
  • පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ මේස හැදි 2
  • පොඩියට කපාගත්ත මිංචි කොළ මේස හැදි 3
  • ගාගත්ත පොල් කෝප්ප 1
  • පොල් තෙල් තේ හැදි 2
  • සූදුරු තේ හැදි 1
  • සුදු ළුණු බික් 2
  • ඉගුරු පොඩි කෑල්ලක්
  • කඩල පරිප්පු මේස හැදි 2
  • සියඹලා පොඞ්ඩක්
  • අමු මිරිස් කරල් 3
  • ලූණු තේ හැදි 1/2
  • වතුර කෝප්ප 1/2
තෙම්පරාදුවට ඕන වෙනවා,
  • පොල් තෙල් තේ හැදි 2
  • අබ තේ හැදි 1
  • කොත්තමල්ලි කොළ 5-6ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් තේ හැදි 2 දාලා රත් කරගෙන සුදු ළුණු, ඉගුරු, සූදුරු ඒකට එකතු කරගන්න.
  • ඊලගට ඒකට කොත්තමල්ලි කොළයි, මිංචි කොළයි එකතු කරගන්න.
  • ඊට පස්සෙ ඒ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගෙන නිමෙන්න තියන්න.
  • මේක සම්පූර්ණෙන්ම නිමුනට පස්සෙ බ්ලෙන්ඩර් එකක් අරගෙන තෙම්පරාදු කරගත්ත කොත්තමල්ලි මිශ්‍රණයයි පොලුයි ඒකට දාගන්න.
  • ඒත් එක්කම වතුර, අමු මිරිස්, ලුණු, සියඹලත් එකතු කරගන්න. එක සියඹලා ඇටයක මදුලු වගේ දැම්මම ඇති. නැත්තන් ගොඩක් ඇඹුල් රස එන්න පුළුවන්.
  • දැන් මේ ටික හොදට බෙලෙන්ඩ් කරගන්න ඕනෙ අපි.
  • මේ විදියට බ්ලෙන්ඩ් කරගත්ත චට්නි මිශ්‍රණය වෙන භාජනයකට දාලා පැත්තකින් තියාගන්න.
දැන් අපි තෙම්පරාදුව හදාගන්නයි යන්නෙ,
  • මුලින්ම භාජනේකට තෙල් දාලා රත් කරගන්න.
  • ඊළගට ඒකට කරපින්චා කොළයි අබයි දාලා අබ ටික පුපුරනකම් තියාගන්න ඕනෙ.
  • දැන් අන්තිමට අපි මේ මිශ්‍රණය කලින් හදාගත්ත චට්නි එක උඩින් දාගන්න ඕනෙ. එච්චරයි! ඔන්න අපේ චට්නි එක හදලා ඉවරයි.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තෙල් ටික රත්වෙන්න තියලා ඒකට සුදු ළුණුයි සූදුරුයි එකතු කරගෙන.

මේ ඒකට කොත්තමල්ලි කොළයි, මිංචි කොළයි එකතු කරගන්න ගමන්.

බ්ලෙන්ඩර් එකට තෙම්පරාදු කරගත්ත කොත්තමල්ලි මිශ්‍රණයයි, පොලුයි, වතුරයි, අමු මිරිසුයි, ලුණුයි, සියඹලයි එකතු කරගෙන හොදට බ්ලෙන්ඩ් කරගන්න ඕනෙ.

මේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සෙ.

මේ තෙම්පරාදුව හදාගෙන චට්නි මිශ්‍රණය උඩින් දාගෙන.

මේ තියෙන්නෙ හදාගත්ත අපේ රසම රස "කොත්තමල්ලි කොළ චට්නි" එක අන්තිමට.
















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ hebbarskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment