About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Squares - ඇපල් කෑලි දාලා හදන පොඩි කෑමක්!

ඇපල් කෑලි දාලා තේ බොන වෙලාවට කෑමට ගන්න පුලුවන් පොඩි කෑමක් හදන විදිහ තමයි මේ කියලා දෙන්න යන්නෙ. හරි!…
Apple Squares - ඇපල් කෑලි දාලා හදන පොඩි කෑමක්!
ඇපල් කෑලි දාලා තේ බොන වෙලාවට කෑමට ගන්න පුලුවන් පොඩි කෑමක් හදන විදිහ තමයි මේ කියලා දෙන්න යන්නෙ. හරි! බලන්නකෝ එහෙනම් මේ කෑම එක හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • පාන් පිටි කෝප්ප 1
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • ලුණු තේ හැදි 1/4
  • කුරුදු කුඩු තේ හැදි 1/4
  • දියකරගත්ත බටර් කෝප්ප 1/4
  • දුඹුරු සීනී කෝප්ප 1/2
  • සුදු සීනී කෝප්ප 1/2
  • බිත්තර 1
  • වැනිලා තේ හැදි 1
  • පොඩියට කපාගත්ත ඇපල් කෝප්ප 1/2
  • තවත් සුදු සීනි මේස හැදි 2
  • තවත් කුරුදු කුඩු තේ හැදි 2
  • පොඩියට කපාගත්ත කජු කෝප්ප 1/2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 175°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට අපි දැන් මේ හදාගන්න මිශ්‍රණය දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් OFF කරන්න නම් එපා..!
  • ඊළගට අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඇතුළ් පැත්තෙ බටර් ටිකක් ගාගන්න.
  • දැන් පිටි, බේකින් පවුඩර්, කුරුදු කුඩු 1/4 එක්ක ලුණු පොඩ්ඩකුත් දාලා මේ සේරම ටික පෙනේරයකින් හලා ගන්න ඕනෙ.
  • එහෙම හලා ගත්තට පස්සෙ මේක පැත්තකින් තියලා තියන්න. මොකද අපිට පස්සෙ තමයි මේක ඕන වෙන්නෙ.
  • ඊළගට ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට දියකරගත්ත බටර්, දුඹුරු සීනී, සුදු සීනි කෝප්ප 1/2 ක් දාලා කලවම් කරගන්න. ලී හැන්දකින් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. මේක හොදට කලවම් වුනාට පස්සෙ බිත්තරයයි වැනිලයි එකතු කරගන්න.
  • ඊට පස්සෙ කරන්න තියෙන්න්නෙ අපි කලින් හලාගත්ත පිටි ටික මේ මිශ්‍රණයට එකතු කරලා හොදට කලවම් කරගන්න එක.
  • අන්තිමටම කපාගත්ත ඇපල් ටිකයි කජු ටිකයි එකතු කරලා සේරම හොදට කලවම් කරගන්න.
  • දැන් අපි කලින් බටර් ගාලා හදාගත්ත ට්‍රේ එක අරගෙන මේ මිශ්‍රනය ඒකට දාගන්න.
  • මේක හොදට හැමතැනටම එකසමානව විසිරිලායන විදියට තමයි ට්‍රේ එකට දාගන්න ඕනෙ.
  • අපිට තව සුදු සීනී මේස හැදි 2කුයි කුරුදු කුඩු තේ හැදි 2කුයි ඉතුරු වෙලා තියනවනෙ. ඒ දෙක අරගෙන පොඩි භාජනේකට දාලා එකට කලවම් කරගන්න.
  • ඊටපස්සෙ අපි ට්‍රේ එකට දාගත්ත මිශ්‍රණය උඩින් මේ සීනී මිශ්‍රනය ඉහ ගන්න.
  • ඔන්න දැන් වැඩ ඉවරයි ඊළගට තියෙන්නෙ බේක් කරගන්න. මේ මිශ්‍රනය අපි කලින් රත්වෙන්න තියපු අවන් එකට දාලා විනාඩි 25-30ක් බේක් කරගන්න.
  • බේක් වුනාට පස්සෙ නිවෙන්න තියලා කෑලි වලට කපාගෙන අපිට කෑමට ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
පිටි, බේකින් පවුඩර්, කුරුදු කුඩු, ලුණු පොඩ්ඩක් එකට දාලා කලවම් කරගෙන පෙනේරයකින් හලා ගන්න ඕනෙ.

මේ දියකරගත්ත බටර්, දුඹුරු සීනී සහ සුදු සීනි ටික එකට දාගෙන කලවම් කරගන්න ගමන්.

මේ ඒකට අපි කලින් හලාගෙන සූදානම් කරගත්ත පිටි ටික එකතු කරගන්න ගමන්.

අන්තිමටම කපාගත්ත ඇපල් ටිකයි කජු ටිකයි එකතු කරලා සේරම හොදට කලවම් කරගන්න ඕනෙ.

බටර් ගාලා හදාගත්ත ට්‍රේ එක අරගෙන ඒ මිශ්‍රනය ඒකට දාගෙන.

මේ ඉතුරු වෙලා තියන සුදු සීනී මේස හැදි 2කුයි කුරුදු කුඩු තේ හැදි 2කුයි පොඩි භාජනේකට දාලා එකට කලවම් කරගන්න ලෑස්ති වෙලා.

ඊටපස්සෙ අපි ට්‍රේ එකට දාගත්ත මිශ්‍රණය උඩින් ඒ සීනී මිශ්‍රනය ඉහ ගෙන.

මේ බේක් කරගත්තට පස්සෙ කෑලි කපාගන්න ගමන්.

දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment