About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Diya Bath - දිය බත්

ඔයාලට හැමදාම එක එක විදිහේ කෑම වර්ග හදන විදිහ කියලා දෙන අපේ "අරුණි" මිතුරිය ඔන්න අද ඔයාලට …
Diya Bath - දිය බත්
ඔයාලට හැමදාම එක එක විදිහේ කෑම වර්ග හදන විදිහ කියලා දෙන අපේ "අරුණි" මිතුරිය ඔන්න අද ඔයාලට කියලා දෙන්න යන්නෙ "දිය බත්" හදාගන්නේ කොහොමද කියලා.. "දිය බත්" හදන විදිහ ඉවුම් පිහුම් ඇප් එකේ තිබුණත් මේ ලිපිය ඊට වඩා ටිකක් වෙනස්. අරුණි මිතුරිය ගැන කිව්වොත් එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලාගෙන කෑම හදන, ඒ වගේම ඔයාලට කියලා දෙන්න කියලා නිතරම අලුත් අලුත් කෑම වර්ග හදන විදිහ අපිට එවන මිතුරියක්. වෘත්තියෙන් ඇය වෛද්‍යවරියක්! "මාරි බිස්කට් පුඩින්, ඇපල් කප් කේක්, චොක්ලට් කප් කේක්, මෑ කරල් උයන විදිහ වගේ ගොඩක් ගොඩක් කෑම වර්ග හදන විදිහ එයා ඔයාලට කියලා දීලා තියෙනවා මතක ඇති නේද? හරි! ටක්ගාලා බලමු එහෙනම් අපේ මිතුර්යගේ වචන වලින්ම මේ "දිය බත්" හදන්නේ කොහොමද කියලා..

"..ඉවුම් පිහුම් අප්ප් එකේ කලිනුත් දිය බත් හදන හැටි දාලා තිබුනා. මේ දිය බත් හදන විදිය වගේම දාන දේවලුත් ටිකක් වෙනස්. මේක පැණි රස දිය බතක්. චූටි බබාලට උදේට දෙන්න වගේම අතුරුපක් විදියටත් හොඳයි.."

අවශ්‍ය දේවල්:

  • රැයක් වතුරේ පෙගුණු බත් කෝප්ප 2ක්
  • උකු පොල් කිරි කෝප්පයක්
  • හකුරු කෝප්ප කාලක්
  • ඉදුණු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 4 ක්
  • ලුණු රස අනුව
  • දෙහි යුශ බිංදු 2-3 ක්

සාදාගන්නා ආකාරය:
  • කලින් දවසේ, උයලා ඉතුරුවුණු රතු කැකුළු හෝ සුදු කැකුළු කෝප්ප 2ක් ඇරගෙන ඒ බත් ඇට හොදට වෙන් වෙන්වෙන්න හැදිගාගෙන, බත් ටික වැහෙන්න වතුර දාලා තියාගන්න (කැමති නම් වතුර දැම්මට පස්සෙ ශීතකරණයේ දාන්නත් පුළුවන්). එහෙම තමයි අපි රැයක් වතුරේ පෙගුණු බත් කෝප්ප 2ක් හදාගන්නෙ.
  • පහුවදා උදේට බත් එකේ වතුර පෙරලා අයින් කරලා බත් ටික භාජනයකට දාගන්න.
  • දැන් හකුරු ටික පොඩියට කපා ගන්න.
  • ඒ වගේම ඉදුණු කෝලිකුට්ටු කෙසෙල් වල ලෙලි අයින් කරලා රවුමට හීනි පෙති කපා ගන්න.
  • දැන් අපි බත් ටිකට, උකු පොල් කිරියි, කෙසෙලුයි, හකුරුයි දාලා කලවම් කරගන්න ඕනෙ.
  • දැන් අන්තිමට රස බලලා රස අනුව ලුණු ටිකකුයි, දෙහි යුශ ටිකකුයිත් දාගන්න. එච්චරයි! සීතල ගතිය තියද්දිම කන්න ගන්න පුලුවන් නම් තමයි ගොඩක් හොද. එතකොට තමයි වැඩිපුර රස :)
මේ තියෙන්නෙ අපි මේ හැමදේම කරලා හදාගත්ත "දිය බත්" එක අන්තිමට.














ලිපිය ලිව්වේ A. O. P. ගාල්ලගේ මිතුරිය. වෘත්තියෙන් ඇය වෛද්‍යතුමියක්. මතකයි නේද එයා අපිට මීට කලිනුත් ගොඩක් කෑම ජාති හදන විදිහ කියලා දුන්නා? අපේ මිතුරියට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට "දිය බත්" හදන විදිහ කියලා දුන්නාට? බොහොම ස්තූතියි අරුණි! තවත් දවසක ඇයගේ ලිපියකින් ඇයව හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment