About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cowpea Curry - මෑ කරල් ව්‍යාංජනය

ඔන්න ටික කාලෙකට පස්සෙ අරුණි මිතුරිය ආයෙමත් ඉවුම් පිහුම් ඇප් එක පැත්තෙ ඇවිල්ලා..! ඉවුම් පිහුම් ඇප් එ…
Cowpea Curry - මෑ කරල් ව්‍යාංජනය
ඔන්න ටික කාලෙකට පස්සෙ අරුණි මිතුරිය ආයෙමත් ඉවුම් පිහුම් ඇප් එක පැත්තෙ ඇවිල්ලා..! ඉවුම් පිහුම් ඇප් එකේ ඉස්සර ඉදන්ම ඉන්න කට්ටියට නම් අපේ මිතුරියව මතක ඇති නේද? පුඩින් වර්ග, කප් කේක් වර්ග එහෙම හදන විදි ගොඩක් එයා අපේ ඉවුම් පිහුම් කට්ටියට කියලා දීලා තියෙනවනෙ. අරුණි මිතුරිය ගැන කිව්වොත් එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලාගෙන කෑම හදන, ඒ වගේම ඔයාලට කියලා දෙන්න කියලා නිතරම අලුත් අලුත් කෑම වර්ග හදන විදිහ අපිට එවන මිතුරියක්.

හරි! එයා දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ රසම රස "මෑ කරල් ව්‍යාංජනයක්" හදන්නේ කොහොමද කියලා.. මෑකරල් ටික මුලින්ම තෙලේ බැදගෙන එහෙම තමයි මේ මෑ කරල් ව්‍යාංජනය හදන්න යන්නෙ. ටිකක් වෙනස් විදිහක්. හැබැයි ඔයාලට ඉක්මනටම ව්‍යාංජනය හදාගන්න නම් පුලුවන්. ටක්ගාලා බලමු එහෙනම් අපේ මිතුරියගේ වචන වලින්ම මේ "මෑ කරල් ව්‍යාංජනය" හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • මෑ කරල් 250g
  • අමු මිරිස් කරල් 3-4 ක්
  • තක්කාලි ගෙඩියක්
  • සුදු ළූණු බික් 2-3
  • උකු පොල් කිරි (මිටි කිරි) කෝප්ප කාලක්
  • කරපිංචා ඉත්තක්
  • රතු ළූණු ගෙඩි 5-6 ක්
  • කහ කුඩු තේ හැදි කාලක්
  • නොබැදපු තුන පහ කුඩු තේ හැදි බාගයක්
  • බැදලා කුඩු කරපු උළු හාල් තේ හැදි කාලක්
  • කුරුදු කුඩු ටිකක්
  • ලුණු රස අනුව
  • තෙල් කෝප්ප කාලක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මෑ කරල් ටික හොඳට හෝදලා අගලක එකහාමාරක විතර කෑලි වලට අතින් කඩා ගන්න.
  • ඊට පස්සෙ තෙල් ටික ලිපේ තියලා වතුර බේරගත්ත මෑ කරල් කෑලි ටික පාට වෙනස් වෙලා Crispy (කර කර ගාන) ගතියට එනකල් බැදගන්න. මෑ කරල් බදිනකොට තෙල් විසිවෙනවා. ඒ නිසා පරිස්සමෙන් බැදගන්න. මම නම් විනිවිද පෙනෙන මූඩියකින් තාච්චිය වහලා මෑ කරල් ටික බැදගත්තේ. එතකොට තෙල් හැමතැනම විසිවෙන්නේ නෑ.
  • ඒ අතරේ අමු මිරිස්, සුදු ළූණු, රතු ළූණු, තක්කාලි පොඩියට කපලා කරපිංචත් එක්ක භාජනයකට දාන්න (මැටි ඇතිලියක් නම් වඩා හොඳයි).
  • ඊට පස්සෙ බැදලා තෙල් බේරගත්ත මෑ කරල් කෑලි ටිකත් ඒ භාජනයටම දාගන්න.
  • ඒ වගේම කහ කුඩු, තුනපහ, උළුහාල්, කුරුදු කුඩු එකතු කරන්න.
  • දැන් උකු කිරි ටිකත් දාලා හොඳට කලවම් කරලා මද ගින්නේ ලිපේ තියන්න. උකු කිරි දාන්නේ යන්තම් මෑ කරල් ටිකේ ගෑවෙන්න තරමට විතරයි. ගොඩාරියක් කිරි දාලා මෑ කරල් හොදි හදන්න නම් එපා..!
  • අන්තිමට කිරි ටික උතුරලා ව්‍යාංජනය හැදීගෙන එනකොට රස අනුව ලුණු දාලා ලිපෙන් බාන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මෑ කරල් ටික මේ වගේ කඩාගන්න.

මේ මෑ කරල් ටික බැදගන්න ගමන්.

මේ අමු මිරිස්, සුදු ළූණු, රතු ළූණු, තක්කාලි, කරපිංච දාගත්ත භාජනයට බැදගත්ත මෑ කරල් ටික දාගෙන. දැන් අපි මේකට කහ කුඩු, තුනපහ, උළුහාල්, කුරුදු කුඩු එකතු කරගෙන උකු කිරි ටික දාගන්න ඕනෙ.

කිරි ටිකත් දාලා හොඳට කලවම් කරගෙන.

මේ ව්‍යාංජනය හදාගෙන යන ගමන්.

අන්තිමට කිරි ටික උතුරලා ව්‍යාංජනය හැදීගෙන එනකොට ලුණු ටිකකුත් දාලා ව්‍යාංජනය ලිපෙන් බාගන්න ඕනෙ.














ලිපිය ලිව්වේ A. O. P. ගාල්ලගේ මිතුරිය. වෘත්තියෙන් ඇය වෛද්‍යතුමියක්. මතකයි නේද එයා අපිට මීට කලිනුත් ගොඩක් කෑම ජාති හදන විදිහ කියලා දුන්නා? අපේ මිතුරියට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට "මෑ කරල් ව්‍යාංජනයක්" හදන විදිහ කියලා දුන්නාට? බොහොම ස්තූතියි අරුණි! තවත් දවසක ඇයගේ ලිපියකින් ඇයව හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment