About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Prawn Salad - ටිකක් වෙනස් විදිහේ ඉස්සො සැලඩ් එකක්..

දැන් මේ කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහේ ඉස්සො සැලඩ් එකක් හදාගන්න පුලුවන් විදිහක් ගැන. ටිකක් වෙ…
Prawn Salad - ටිකක් වෙනස් විදිහේ ඉස්සො සැලඩ් එකක්..
දැන් මේ කියලා දෙන්න යන්නෙ ටිකක් වෙනස් විදිහේ ඉස්සො සැලඩ් එකක් හදාගන්න පුලුවන් විදිහක් ගැන. ටිකක් වෙනස් කියලා කිව්වෙ අපි මේකට අලිගැට පේර එහෙමත් එකතු කරගන්න හින්දා. ඒ වගේම මේක හදන්න "ගර්කින්" එහෙමත් ඕන වෙනවා අපිට. ගර්කින් නම් ඔයාලට සුපර් මාකට් එකකින් ගන්න පුලුවන්. හදන්න ඕන කරන බඩු ටික ඔයාලගේ ගෙදර නැති වුනත් කමක් නැහැ, හදන විදිහ කියවලා හරි බලන්න. ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න හරි පුලුවන් වෙයිනෙ.

අවශ්‍ය දේවල්:
සැලඩ් එක හදාගන්න ඕන වෙනවා,
  • තම්බගත්ත ඉස්සො ග්‍රෑම් 300
  • පොඩි නිවිති වලින් ග්‍රෑම් 120
  • පෙති කපාගත්ත අලිගැට පේර ගෙඩි 2
  • හීනියට රවුම් පෙති කපාගත්ත ගර්කින් ගෙඩි 1 (සුපර් මාර්කට් වලින් ගන්න පුලුවන්)
සැලඩ් එක සරසගන්න ඕන වෙනවා,
  • රතු මිරිස් කරල් 1 (පොඩියට කපාගන්න)
  • තල තෙල් මේස හැදි 1 ½
  • සෝයා සෝස් මේස හැදි 1 ½
  • දෙහි යුෂ පොඩ්ඩක්
  • ටෝස්ට් කරගත්ත කජු ග්‍රෑම් 50

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් අරගෙන ඒකට "සැලඩ් එක සරසගන්න" ඕන කරන දේවල් ටික (ඒ කිව්වෙ තල තෙල්, සෝයා සෝස්, දෙහි යුෂ, කපාගත්ත මිරිස් කියන සේරම ටික) දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ අපි තම්බගත්ත ඉස්සො ටික ඇරගෙන ඒ මිශ්‍රණයටම දාලා කලවම් කරගන්න ඕනෙ. මේ විදියට කලවම් කරගෙන ඉස්සො ටික විනාඩි 10ක් විතර ඒ භාජනයේම තියන්න.
  • ඊළගට ඉස්සො ටික හොදට ඒ මිශ්‍රණයේ පදම් වුනාට පස්සෙ වෙන භාජනයකට ඉස්සො ටික විතරක් ඇරගෙන දාගන්න. එතකොට ඒ මිශ්‍රණයේ ඉස්සො නැතුව අනිත් දේවල් ටික ඉතුරු වෙනවනෙ. දැන් අපිට අන්න ඒ ටික ඕන වෙනවා.
  • දැන් නිවති කොළ ටික අරගෙන ඒ ඉතුරු වුන මිශ්‍රණයට දාලා නිවිති කොළ ටික ඒ මිශ්‍රණයත් එක්ක හොදට කලවම් කරගන්න.
  • ඒ වගේම ඒකට අලිගැට පේර ටිකයි, ගර්කින් ටිකයිත් දාලා පරිස්සමට කලවම් කරගන්න ඕනෙ අපි.
  • ඊට පස්සෙ සැලඩ් එක හදාගන්න භාජනය අරගෙන කලින් අපි අර මිශ්‍රණයෙන් ඉවත් කරගත්ත ඉස්සො ටික ඒ භාජනයට දාලා ඊට උඩින් දැන් මේ හදාගත්ත නිවිති මිශ්‍රණය දාගන්න ඕනෙ.
  • දැන් වැඩ ඔක්කොම වගේ ඉවරයි. දැන් අන්තිමට ඔයාලට කරන්න තියෙන්නෙ ටෝස්ට් කරගත්ත කජු ටික සැලඩ් එක උඩින් ඉහ ගන්න එක.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ සෝයා සෝසුයි, තල තෙලුයි. මේ දේවල් දේකම ඔයාලට සුපර් මාර්කට් වලින් ගන්න පුලුවන්.

අලිගැට පේර ගෙඩි දෙක මේ වගේ කපාගන්න.

මේ වගේ පොඩි නිවිති තමයි මේක හදන්න අපි ගන්න ඕන.

මේ තියෙන්නෙ හීනියට රවුම් පෙති කපාගත්ත ගර්කින්. සුපර් මාර්කට් වලින් ඔයාලට ගර්කින් ගන්න පුලුවන්.

මේ තියෙන්නෙ ටෝස්ට් කරගත්ත කජු (බැදගත්ත කජු). සැලඩ් එක සරසාගන්න වැඩේට වගේම සැලඩ් එක තව පොඩ්ඩක් රසවත් කරගන්න තමයි අපිට කජු ඕන වෙන්නෙ.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් කරලා හදාගත්ත අපේ සැලඩ් එක අන්තිමට.















මේ ලිපිය සයුරි මිතුරිය විසින් ඉවුම් පිහුම් ඇප් එක වෙනුවෙන් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ bbcgoodfood.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment