About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Peanut Butter Cookies - පීනට් බටර් කුකීස්

පීනට් බටර් ගැන අහලා, දැකලා තිබුණට මොකෝ අපේ ගොඩක් කට්ටිය පීනට් බටර් වලින් හදන්න පුලුවන් කෑම වර්ග දන්…
Peanut Butter Cookies - පීනට් බටර් කුකීස්
පීනට් බටර් ගැන අහලා, දැකලා තිබුණට මොකෝ අපේ ගොඩක් කට්ටිය පීනට් බටර් වලින් හදන්න පුලුවන් කෑම වර්ග දන්නේ නැති හින්දම ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ පීනට් බටර් පාවිච්චි කරලා ලේසියෙන්ම කුකීස්(බිස්කට්) හදාගන්නේ කොහොමද කියලා.. හදන්න හරිම ලේසි කුකීස් එකක් තමයි මේ "පීනට් බටර් කුකීස්" කියලා කියන්නෙ. පීනට් බටරුයි, සුදු සීනීයි, බිත්තරේකුයි විතරයි ඔයාලට ඕන වෙන්නෙත්.

අවශ්‍ය දේවල්:
  • පීනට් බටර් කෝප්ප 1
  • සුදු සීනී කෝප්ප 1
  • බිත්තර 1

සාදාගන්නා ආකාරය:
මුලින්ම,

  • මුලින්ම අවන් එක 175°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට හදාගන්න කුකීස් ටික දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් OFF කරන්න නම් එපා..!
  • ඊළගට අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන, තෙල් කොළයක් දාලා ඒකෙ බටර් ටිකක් ගාලා එහෙම සූදානම් කරගෙන ට්‍රේ එක පැත්තකින් තියාගන්න.
දැන් හදන්න පටන් ගමු කුකීස් ටික,
  • මුලින්ම භාජනයක් අරගෙන ඒකට පීනට් බටරුයි සීනීයි බිත්තරයයි දාලා හොදට කලවම් කරගන්න. මේක කලවම් කරගන්න ස්පැටුලා එකක්(පැතලි හැන්දක්) පාවිච්චි කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
  • ඊට පස්සෙ මෙහෙම කලවම් කරලා හදාගත්ත මේ කුකීස් මිශ්‍රණයෙන් හැන්දකින් පොඩ්ඩ පොඩ්ඩ අරගෙන කලින් සූදානම් කරගත්ත ට්‍රේ එකේ තියාගන්න. මේ තියාගන්න ගොඩවල් තමයි අන්තිමට බිස්කට් විදිහට හදාගන්නෙ අපි. ඒ හින්දා එකම ප්‍රමාණයේ ගොඩවල් තියාගන්න බලන්න. මේ වැඩේට අයිස්ක්‍රීම් බෙදන්න පාවිච්චි කරන හැන්දක්; ඒ කිව්වෙ ස්කූප් එකක් තියේනම් ආයෙ වෙන මොනවත් ඔන වෙන්නෙ නැහැ ඔයාලට. ඒක තමයි මේ වැඩේට ගැලපෙනම භාන්ඩෙ.
  • ඊට පස්සෙ ගෑරුප්පුවක් අරගෙන ගෑරුප්පුවෙ පිට පැත්තෙන් මේ තියාගත්ත ගොඩවල් ටික පොඩ්ඩ පොඩ්ඩ තද කරගන්න. මේ වැඩේ හැන්දකින් වුනත් කරන්න පුළුවන් ඔයාලට. ගෑරුප්පුවකින් කරාම අපිට කුකීස් වල මතුපිටට ලස්සන හැඩයක් ලබාදෙන්න පුලුවන්. රස වගේම ලස්සනත් තියෙන්න ඕනනෙ නේද?
  • ඒ වගේම ගෑරුප්පුවෙන් මේ වගේ තද කරනකොට ගෑරුප්පුවේ සීනී ටිකක් ගාගෙනම වැඩේ කරන්න. එතකොට ඒ සීනී ටිකත් කුකීස් වල තැවරුනහම කුකීස් ටික තවත් රසවත් වෙනවා.
  • හරි! දැන් අපි මේ හදාගත්ත කුකීස් ටික තියෙන්නෙ ට්‍රේ එකේනෙ. දැන් අපි කරන්න ඕනෙ දේ තමයි මේ කුකීස් ටික බෙක් කරගන්න එක. දැන් අපි මේ ට්‍රේ එක කලින් රත්වෙන්න තියපු අවන් එකට දාලා විනාඩි 6-8ක් විතර බේක් කරගන්න ඕනෙ. මේවා ගොඩක් වෙලා බේක් කරන්න යන්න එපා! මෘදුවට තියනකොට තමා මේක ගොඩක් රස මේ කුකීස්.
  • එච්චරයි! ඔන්න අපි කුකීස් ටික හදලා ඉවරයි! බේක් වුනාට පස්සෙ ඔයාලට මේ කුකීස් ටික කෑමට ගන්න පුලුවන්. කැමතිනම් ඔයාලට මේ හදාගත්ත කුකීස් උඩින් දිය කරගත්ත චොක්ලට් පොඩ්ඩක් එහෙම දාගෙනම කෑමට ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ "පීනට් බටර්". ඔයාලට පීනට් බටර් සුපර් මාකට් වලින් එක එක වෙළද නාම යටතේ ගන්න පුලුවන්.

මේ තියෙන්නෙ ස්පැටුලා කියන ඒවා. ඔයාලා ස්පැටුලා නම් මීට කලින් ඕන තරම් දැකලා ඇතිනෙ. කුකීස් මිශ්‍රණය අනාගන්න වැඩේට ස්පැටුලා එකක් පාවිච්චි කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.

මේ සූදානම් කරගත්ත ට්‍රේ එක. තෙල් කොළේ බටර් ගාගන්න ඕනෙම නැහැ. කැමතිනම් බටර් ගාගන්න නැතුව නිකන්ම තෙල් කොළය විතරක් පාවිච්චි කරන්න.

මේ කුකීස් මිශ්‍රණය අනාගන්න සූදානම් වෙලා.

මේ අනාගත්ත කුකීස් මිශ්‍රණය.

ස්කූප් එකක් තියේනම් ඒකෙන් මේ වගේ කුකීස් මිශ්‍රණයෙන් ටික ටික ඇරන් තෙල් කොළය උඩින් තියාගන්න.

මේ එහෙම කුකීස් මිශ්‍රණයෙන් ටික ටික ඇරන් තෙල් කොළය උඩින් තියාගත්තට පස්සෙ.

මේ ගෑරුප්පුවකින් තද කරලා කුකීස් ටික ලස්සනට හදාගන්න ගමන්.

මේ ගෑරුප්පුවෙන් එහෙම තද කරලා හදාගත්ත කුකීස් ටික. දැන් මේ ටික බේක් කරගන්න ඕනෙ.

බේක් කරගත්තට පස්සෙ තමයි මේ.

දැන් ඉතින් කුකීස් ටික කෑමට ගන්න තමයි තියෙන්නෙ. කුකීස් උඩින් දිය කරගත්ත චොක්ලට් පොඩ්ඩක් එහෙම දාගෙන තව තවත් ලස්සන කරගන්න පුලුවන් ඔයාලට මේ කුකීස් ටික.













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment