About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Peanut Butter Brownies - පීනට් බටර් බ්‍රවුනීස්

දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ "පීනට් බටර්" වලින් "බ්‍රවුනීස්" හදන්නේ කොහොමද ක…
Peanut Butter Brownies - පීනට් බටර් බ්‍රවුනීස්
දැන් ඔයාලට මේ කියලා දෙන්න යන්නෙ "පීනට් බටර්" වලින් "බ්‍රවුනීස්" හදන්නේ කොහොමද කියලා.. අපේ ඉවුම් පිහුම් කට්ටිය ගොඩක් වෙලාවට චොකලට් වලින් හදපු බ්‍රවුනීස් කාලා තිබ්බට මොකෝ පීනට් බටර් වලින් බ්‍රවුනීස් නම් කාලා නැතුව ඇති. බ්‍රවුනීස් කියන්නෙ මොනවද කියලා දන්නෙ නැති අපේ යාලුවෝ හිතාගන්නකෝ මේ කියන්නෙ චොකලට් වගේ දේවල් වලින් හදන, කේක් වගේ ලොකු චොකලට් කෑලි වගයකට කියලා.. මේවා සාමාන්‍යයෙන් කේක් කෑලි වගේ උස නැහැ. වැලිතලප වගේ පැතලියි. පීනට් බටර් වලින් හදන මේ බ්‍රවුනීසුත් ඒ වගේමයි. ගෙදරට අමුත්තො ආපුවහම සංග්‍රහ කරන්න නම් කියාපු කෑමක් තමයි මේ බ්‍රවුනීස් කියන්නෙ. අපි දැන් මේ හදන්න යන බ්‍රවුනීස් එකට විශේෂෙන්ම අපිට ඕන වෙන්නෙ පීනට් බටර්. පීනට් බටර් ගොඩක් වෙලාවට ඔයාලට ඕනෙම සුපර් මාර්කට් එකකින් වගේ ගන්න පුළුවන්. අනිත් දේවල් හොයාගන්න නම් ඔයාලට එච්චර අමාරු වෙන්නෙ නැහැ.
මේ තියෙන්නෙ චොකලට් වලින් හදපු බ්‍රවුනීස්.

අවශ්‍ය දේවල්:
  • පීනට් බටර් කෝප්ප 1/2
  • මාජරින් කෝප්ප 1/3
  • සුදු සීනී කෝප්ප 2/3
  • දුඹුරු සීනී කෝප්ප 1/2
  • බිත්තර 2
  • වැනිලා තේ හැදි 1/2
  • පාන් පිටි කෝප්ප 1
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • ලුණු තේ හැදි 1/4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 175°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට අපි බ්‍රවුනීස් මිශ්‍රණය දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් Off කරන්න නම් එපා..!
  • ඒත් එක්කම අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඒකෙ ඇතුල් පැත්තෙ මාජරින් ටිකක් ගාලා පැත්තකින් තියාගන්න.
  • දැන් පොඩි භාජනයක් අරගෙන පීනට් බටර් ටිකයි මාජරිනුයි දාලා බීට් කරගන්න.
  • මේක මෙහෙම බීට් කරනකොට දුඹුරු සීනී, සුදු සීනී, වැනිලා කියන ජාති ටිකත් දාලා හොදට මේ සේරම බීට් කරගන්න.
  • ඊළගට පාන් පිටියි බේකින් පවුඩරුයි එකට කලවම් කරගන්න.
  • දැන් පීනට් බටර් මිශ්‍රණයට පිටි ටික දාලා ඒකත් කලවම් කරගන්න. මේකට ස්පැටුලා එකක් තියේනම් ඒක පාවිච්චි කරන්න. ස්පැටුලා එකක් කිව්වෙ පැතලි හැන්දක්.
  • ඊට පස්සෙ මේ මිශ්‍රණය කලින් හදාගත්ත ට්‍රේ එකට දාලා රත් වුන අවන් එකේ විනාඩි 30-35ක් විතර අපි බේක් කරගන්න ඕනෙ.
  • එච්චරයි! අන්තිමට බේක් වුනාට පස්සෙ අවන් එකෙන් ඉවත් කරගෙන පොඩි කොටු කොටු වලට කපලා කෑමට ගන්න පුලුවන් ඔයාලට.

වැදගත්:
  • පීනට් බටර් සුපර් මාර්කට් වලින් ඔයාලට ගන්න පුළුවන්.
  • ඔයාලා කැමතිනම් මේක බේක් කරගන්න කලින් මිශ්‍රණය උඩින් වියළි මිදි කජු වගේ දෙයක් වුනත් දාලා බේක් කරගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
පීනට් බටරුයි මාජරිනුයි හොදට බීට් කරගන්න ඕනෙ අපි.

මේ පිටි ටික කලවම් කරගත්තට පස්සෙ.

මේ හදාගත්ත බ්‍රවුනීස් මිශ්‍රණය තැටියට දාගෙන.

මේ බේක් කරගත්තට පස්සෙ.

මේ තියෙන්නෙ හදාගත්ත බ්‍රවුනීස් ටික අන්තිමට. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment