About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coconut Rice - පොල් බත්

දැන් මේ කියලා දෙන්න හදන්නෙ ටිකක් වෙනස් විදියෙ බත් එකක් හදන විදිහ ගැන. අපි මේ බත් එක හදන්න යන්නෙ පොල…
Coconut Rice - පොල් බත්
දැන් මේ කියලා දෙන්න හදන්නෙ ටිකක් වෙනස් විදියෙ බත් එකක් හදන විදිහ ගැන. අපි මේ බත් එක හදන්න යන්නෙ පොල් එහෙම දාලා. මේ බත් එක දකුණු ඉන්දියාවෙ කෑමක්. "පොල් බත්" වගේ කියලා තමයි අපිට මේ බත් එකට කියන්න වෙන්නෙ. මේ බත් එකට එයාලා කියන්නෙ "Nariyal Chawal", එහෙමත් නැත්නම් "Coconut Rice" කියලා. අපි චුට්ටක් මේක හදන විදිහ වෙනස් කරලා අපිට ගැලපෙන විදිහටයි දැන් මේ හදන්න යන්නෙ. හදන්න නම් හරිම ලේසියි, බත් එක උයාගත්තට පස්සෙ බොහොම පොඩි වෙලාවයි යන්නෙ ඉතුරු වැඩ ටික කරගන්න.

අවශ්‍ය දේවල්:

  • ගාගත්ත පොල් කෝප්ප 3/4
  • උයාගත්ත බත් කෝප්ප 2
  • පොල් තෙල් තේ හැදි 3
  • අබ තේ හැදි 1
  • කරපින්චා කොළ 3-4 ක්
  • වියලි මිරිස් කාරල් 1
  • අමු මිරිස් කරල් 2
  • පොඩි කරගත්ත ඉගුරු පොඩ්ඩක්
  • කජු මද 10
  • ලුණු තේ හැදි ½
  • කඩල පරිප්පු තේ හැදි 1 (කැමතිනම් විතරක් ගන්න පුළුවන්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් කරගෙන කරපින්චා, වියළි මිරිස්, කඩල, අබ ටික දාලා ටිකක් තෙම්පරාදු වෙන්න තියන්න.
  • ඒත් එක්කම ඉගුරුයි දෙකට පලා ගත්ත අමු මිරිස් ටිකයිත් දාන්න.
  • මේ ටික මෙහෙම තෙම්පරාදු වෙන කොට කජු ටිකත් දාලා පොඩ්ඩක් බැදෙන්න තියන්න. කජු රන්වන් පාටට වගේ එනකම් බැදුනම ඇති.
  • ඊළගට ගාගත්ත පොල් ටික එකතු කරලා විනාඩියක් විතර ලිපේ තියාගන්න ඕනෙ.
  • ඊළගට මේ මිශ්‍රණයට බත් ටිකත් එකතු කරලා ලුණු පොඩ්ඩකුත් දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ මේ භාජනේ පියනකින් වහලා විනාඩි 2ක් විතර බත් ටික ලිපේ තියාගන්න ඕනෙ. එහෙම කරන්නෙ පොල්වල රස හොදට බත් එකට උරාගන්න පුළුවන් වෙන්න.
  • එච්චරයි! ඔන්න වැඩ ඔක්කොම ටික ඉවරයි. දැන් ඉතින් කැමති වෑන්ජනයක් එක්ක රස බලන්න එක තමයි තියෙන්නෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
කරපින්චා, වියළි මිරිස්, කඩල, අබ, ඉගුරු, අමු මිරිස් කියන දේවල් ටික දාලා පොඩ්ඩක් තෙම්පරාදු කරගත්තට පස්සෙ ඒකට කජු ටිකත් දාලා පොඩ්ඩක් බැදෙන්න හරින්න ඕනෙ.

ඊට පස්සෙ ඒකට ගාගත්ත පොල් ටික එකතු කරගන්න ඕනෙ.

ඊට පස්සෙ ඒකට බත් ටික එකතු කරගන්න ඕනෙ.

මේ තියෙන්නෙ ඔය විදිහට හදාගත්ත බත් එක අන්තිමට. දැන් ඉතින් කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.













මේ ලිපිය ඉවුම් පිහුම් ඇප් එක වෙනුවෙන් සයුරි මිතුරිය විසින් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ hebbarskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment