About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Weralu Achcharu - වෙරළු අච්චාරු

ඔන්න අපේ ඉවුම් පිහුම් ඇප් එකට තවත් අලුතෙන් යාලුවෙක් ඇවිල්ලා. මිතුරියක්! අපේ අලුත් මිතුරුයගේ නම තමයි…
Weralu Achcharu - වෙරළු අච්චාරු
ඔන්න අපේ ඉවුම් පිහුම් ඇප් එකට තවත් අලුතෙන් යාලුවෙක් ඇවිල්ලා. මිතුරියක්! අපේ අලුත් මිතුරුයගේ නම තමයි "ජනනි ජීවන්ති". ඉතින් ඔන්න අපේ මිතුරිය අපිට කියලා දෙන්න යන්නෙ වෙරළු අච්චාරු හදන්නේ කොහොමද කියලා. වෙරළු අච්චාරු මතක්වෙනකොට අපේ සමහර යාලුවන්ගේ කටට කෙලත් උනලා ඇති මෙලහට නේද? මතකද වෙරළු අච්චාරුවල රස? ඇඹුල් ගතිය? හි හී.. :) හරි! බලන්නකෝ එහෙනම් ජනනි මිතුරියගේ වචන වලින්ම මේ වෙරළු අච්චාරුව හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • හොදින් පැසුනු වෙරළු ගෙඩි
  • ලුණු කුඩු
  • ගම්මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • දුඹුරු සීනි
  • පොල් විනාකිරි

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අපි වෙරළු ගෙඩි ටික වංගෙඩියක කොටාගන්න ඕනෙ.
  • ඊට පස්සෙ හොදට වේලුන මැටි භාජනයක් ඇරන් ඒකට රස අනුව ලුණුයි, කෑලි මිරිසුයි, ගම්මිරිස් කුඩුයි, සීනියි, විනාකිරියි කියන දේවල් ටික දාලා උතුරන තෙක් මද ගින්නේ රත්කර ගෙන, ඊට පස්සෙ ඒකට කොටාගත්ත වෙරළු ටික එකතු කරගන්න ඕනෙ.
  • ඉන්පසු අඩු ගින්දරෙන් වෙරළු ටික තැම්බෙන තුරු භාජනය වසා තබන්න.
  • අන්තිමට තැම්බුනු වෙරළු අච්චාරු මිශ්‍රණය පිරිසිදු වියළි වීදුරු හෝ මැටි බදුනක අසුරාගන්න. එච්චරයි! ඊට පස්සෙ කැමති වෙලාවක කෑමට ගන්න පුලුවන් ඔයාලට.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ වෙරළු.

මේ මේක හදන්න ගත්ත අනිත් දේවල් ටික.

මේ වංගෙඩියක දාලා කොටාගත්ත වෙරළු ගෙඩි ටික.

මේ ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, සීනි සහ විනාකිරි දාලා උතුරවාගත්ත මිශ්‍රණයට කොටාගත්ත වෙරළු ටික දාගෙන.

ඊට පස්සෙ අඩු ගින්දරෙන් වෙරළු ටික තැම්බෙනකන් භාජනය වහලා තියන්න ඕනෙ.

මේ තියෙන්නෙ ඔය විදිහට හදාගත්ත වෙරළු අච්චාරු ටික අන්තිමට. දැන් ඉතින් කෑමට ගන්න තමයි තියෙන්නෙ.














ලිපිය ලිව්වේ ජනනි ජීවන්ති මිතුරිය. ජනනි මිතුරියට බොහොම ස්තූතියි නේද වෙරළු අච්චාරු හදන විදිහ අපිට කියලා දුන්නට? බොහොම ස්තූතියි ජනනි!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment