About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Gherkin Pickle - ගර්කින් වලින් අච්චාරුවක්!

අද අපි හදන්න යන්නෙ පික්ල් එකක්. අපේ විදියට කියනවනම් අච්චාරු එකක්. හැබැයි අපි වෙනදා හදන අච්චාරු වලට …
Gherkin Pickle - ගර්කින් වලින් අච්චාරුවක්!
අද අපි හදන්න යන්නෙ පික්ල් එකක්. අපේ විදියට කියනවනම් අච්චාරු එකක්. හැබැයි අපි වෙනදා හදන අච්චාරු වලට වඩා මේක වෙනස්. මේක හදාගන්න ඕන වෙන්නෙ ගර්කින් විතරයි. ගර්කින් අපිට ඕනෙම සුපර් මාර්කට් එකකින් වගේම සමහර පොලවල් වලිනුත් ගන්න පුළුවන් නිසා මේ අච්චාරු එක හදන එක නම් පොඩ්ඩක්වත් අමාරු වැඩක් නෙමේ. මෙච්චරකල් "ගර්කින්" පොලවල් වල එහෙම තියෙනවා දැක්කට මොකෝ සමහරවිට ඔයාලා "ගර්කින්" වලින් හදන්න පුලුවන් කෑම ගැන දැනන් ඉන්න නැතුව ඇතිනෙ. ආයෙ එහෙම දැක්කොත් ඇරන් එන්න කිහිපයක්. ඔයාලට මේ විදිහට අච්චාරුවක් හදන්න පුලුවන්. විශේෂෙන්ම කියන්න ඕනෙ මේක හැදුවට පස්සෙ අපි ෆ්‍රිජ් එකේ දාලා තියලා තමයි කෑමට ගන්නෙ.

අවශ්‍ය දේවල්:

  • පෙති කපාගත්ත ගර්කින් කෝප්ප 6
  • විනාකිරි කෝප්ප 1
  • ලුණු මේස හැදි 1
  • සුදු සීනී කෝප්ප 2
  • පෙති කපාගත්ත ළුෑණු කෝප්ප 1
  • පෙති කපාගත්ත බෙල් පෙපර් කෝප්ප 1 (සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පොඩි භාජනයක් ලිපේ තියලා ඒකට ලුණු, සීනී, විනාකිරි කියන දේවල් ටික දාලා අඩු ගින්දරේ ඒ ටික උතුරව ගන්න ඕනෙ. සීනී සේරම ටික හොදට දිය වෙනකම් ලිපේ තියාගන්න. මේකට විනාඩි 10ක් විතර යනවා.
  • ඊට පස්සෙ ටිකක් ලොකු භාජනයක් අරන් ඒකට කපාගත්ත ගර්කින් ටිකයි, ළුෑණුයි, බෙල් පෙපර් ටිකයි දාන්න. කැමතිනම් ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා කලවම් කරගන්න.
  • ඊළගට හදාගත්ත විනාකිරි මිශ්‍රණය මේ ගර්කින් එකට දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ බෝතලයක් අරගෙන දැන් හදාගත්ත මේ ගර්කින් මිශ්‍රණය ඒ බෝතලයට දාගන්න ඕනෙ. මේ වැඩේට අපිට පිරිසිදු ජෑම් බෝතලයක් වුනත් ගන්න පුළුවන්.
  • දැන් අන්තිමට කරන්න තියෙන්නෙ මේ හදාගත්ත අච්චාරු එක ෆ්‍රිජ් එකට දාන එක. ඔයාලට කැමති වෙලාවක ෆ්‍රිජ් එකෙන් ඇරන් කෑමට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අච්චාරු එක සතියක් දෙකක් වගේ ෆ්‍රිජ් එකේ තියාගෙන කෑමට ගන්න පුළුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ ගර්කින්. ගර්කින් ටික මේ වගේ පෙති කපාගත්ත ඕනෙ අපි.

විනාකිරියි සීනීයි ලුණුයි එකට දාලා උතුරවගන්න ඕනෙ අපි. සීනී ටික හොදට දිය වෙනකන්ම උතුරවාගන්න.

මේ භාජනයකට ගර්කින් ටිකයි, ළුෑණුයි, බෙල් පෙපර් ටිකයි දාගෙන කලවම් කරගෙන.

මේ ඒකට හදාගත්ත විනාකිරි මිශ්‍රණය දාගන්න ගමන්.

ගර්කින් මිශ්‍රණය මේ වගේ බෝතලයකට දාගෙන අහුරාගන්න.

ඔයාලට කැමති වෙලාවක ෆ්‍රිජ් එකෙන් ඇරන් කෑමට ගන්න පුළුවන්. ඒ වගේම සතියක් දෙකක් වගේ ෆ්‍රිජ් එකේ තියාගෙන කෑමට ගන්නත් පුළුවන්.













මේ ලිපිය සයුරි මිතුරිය විසින් ඉවුම් පිහුම් ඇප් එක වෙනුවෙන් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ allrecipes.com වෙබ් අඩවියෙන්. ඊට අමතරව එයා වෙනත් වෙබ් අඩවි වලිනුත් කරුණු ලබාගත්තා කිව්වා අපේ කට්ටියට ගැලපෙන විදිහට මේ අච්චාරුවට පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment