About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Toasted Rice - ටෝස්ටඩ් රයිස්

අළුත් අවුරුද්දෙ නෑගම් එන කට්ටියට දෙන්න හදන කෑම් වේලට පොඩි වෙනසක් කරමුද? හැමදාම හදන බත් එක නැතුව ටික…
Toasted Rice - ටෝස්ටඩ් රයිස්
අළුත් අවුරුද්දෙ නෑගම් එන කට්ටියට දෙන්න හදන කෑම් වේලට පොඩි වෙනසක් කරමුද? හැමදාම හදන බත් එක නැතුව ටිකක් වෙනස් බත් එකක් එහෙම හදන්න හිතන් ඉන්නවනම් ඔන්න ඔයාලට මේ බත් එක ගොඩක් ගොඩක් වැදගත් වෙයි. වෙනස් බත් එකක් කීවට මොකෝ මේක හදාගන්න නම් හරිම ලේසියි...

අවශ්‍ය දේවල්:

  • හාල් කෝප්ප 3/4
  • ඉගුරු කෑල්ලක්
  • තල ඇට මේස හැදි 1
  • ලීක්ස් පොඩ්ඩක්
  • කජු ග්‍රෑම් 30
  • කෝන් ඇට ග්‍රෑම් 100 විතර (මේ කියන්නෙ බඩ ඉරිගු ඇට ගැන. කඩෙන් මේවා "කෑන්" වගේ ගන්නත් තියනවා.)
  • බෝන්චි ග්‍රෑම් 170
  • කැරට් අලයක්
  • සුදු ළුණු බික් 2
  • සෝයා සෝස් මේස හැදි 2
  • ඔලිව් ඔයිල් මේස හැදි 2
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:
  • අනිත් වැඩ පටන් ගන්න කලින් හාල් ටික සෝදලා උයාගන්න.
  • ඊළගට අවන් එක 400°C උෂ්ණත්වයට රත් වෙන්න දාගන්න.
  • ඊට පස්සෙ අපි ගත්ත කජු ටික අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක දාලා රත් වුන අවන් එකේ විනාඩි 5ක් විතර ටෝස්ට් කරගන්න. මේක ගොඩක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. කජු ටික ගානට ටෝස්ට් වෙනකම් අවන් එක ලගින් හෙල්ලෙන්නවත් එපා.
  • කැරට් ටිකයි බෝන්චි ටිකයි සුද්ද කරලා පොඩි කෑලි වගේ වෙන්න කපා ගන්න. ඒ වගේම ඉගුරු, සුදු ළුණු ටිකත් පොඩියට කපාගන්න මේ වෙලාවෙදිම. ලීක්ස් ටිකත් කපාගෙන ලීක්ස් වල සුදු පාට කොටස් ටිකයි, කොළ පාට කොටස් ටිකයි වෙන වෙනම වෙන් කරගෙන තියාගන්න.
  • දැන් භාජනයක් අරගෙන ඔලිව් ඔයිල් ටික දාලා රත් කරන්න.
  • ඊළගට කැරට් ටික ඒකට දාලා විනාඩි 5ක් විතර වෙනකම් උයාගන්න.
  • කැරට් ටික ඒ විදියට තැම්බෙනකොට ඒකට බෝන්චි ටිකයි කෝන් ඇට ටිකයි එකතු කරලා ඒකත් විනාඩි 5ක් විතර තැම්බෙන්න තියන්න.
  • ඒ එක්කම මේකට ලුණුයි ගම්මිරිසුයි පොඩ්ඩක් දාලා හොදට කලවම් කරගන්නත් ඕනෙ.
  • ඊළගට ටිකක් ලොකු භාජනයක් ලිපේ තියලා ඔලිව් ඔයිල් පොඩ්ඩක් දාලා රත් කරගන්න.
  • තෙල් ටික රත්වෙනකොට සුදු ළුණුයි ඉගුරුයි ටික තෙල් එකට දාන්න.
  • ඊළගට උයා ගත්ත බත් ටික එකතු කරලා විනාඩි 5ක් විතර ලිපේ තියාගන්න.
  • ඊට පස්සෙ කලින් හදපු කැරට් මිශ්‍රණයත් බත් එකටම එකතු කරන්න. සෝයා සෝස් ටිකත් මේ වෙලාවෙම එකතු කරන්න. ඒ වගේම දැන් ලීක්ස් වල සුදු පාට කොටස් ටිකත් එකතු කරගන්න ඕනෙ.
  • මේ විදියට විනාඩි 5ක් 10ක් විතර මේ ටික ලිපේ තියලා බාගන්න.
  • අන්තිමටම ටෝස්ට් කරගත්ත කජු ටිකයි ලීක්ස් වල කොළ පාට කොටස් ටිකයි බත් එක උඩින් ඉහ ගෙන ලස්සනට සරසගන්න. තල ඇට ටිකත් දාගන්න අමතක කරන්න එපා..

පොටෝ ටිකත් බලන්නකෝ..
කජු ටික ගානට ටෝස්ට් කරගන්න මේ වගේ..

මේ කපාගත්ත කැරට්, බෝන්චි, ඉගුරු, සුදු ළුණු, ලීක්ස් වල සුදු පාට කොටස් ටික සහ කොළ පාට කොටස් ටික සහ කෝන් ඇට ටික.

මේ තියෙන්නෙ කෝන් ඇට. ඔයාලට ගොඩක් හොදට පැහැදිලි වෙන්න තමයි මේ ෆොටෝ එකත් දැම්මෙ. උඩ ෆොටෝ එකෙත් කෝන් ඇට පේන්න තියෙනවානෙ. කෝන් ඇට කියලා කිව්වෙ බඩ ඉරිගු ඇට වලට.

මේ කැරට්, බෝන්චි, කෝන් ඇට ටික තැම්බෙන්න හැරලා.

මේ තියෙන්නෙ සෝයා සෝස්.

මේ හදාගෙන යන ගමන්. බත් ටික කැරට් මිශ්‍රණය එක්ක කලවම් කරගන්න ගමන් දැන් මේ ඉන්නෙ. මේ වෙලාවෙදි තමයි අපි සෝයා සෝස් ටික එකතු කරගන්නෙ. ඒ වගේම දැන් ලීක්ස් වල සුදු පාට කොටස් ටිකත් එකතු කරගන්න ඕනෙ.

මේ අන්තිමට ලීක්ස් වල කොළ පාට කොටස් ටික, කජු ටික සහ තල ඇට ටික එහෙම ඉහගෙන.

වැඩ ඔක්කොම ඉවරයිනෙ. දැන් ඉතින් කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ hellofresh.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment