About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cucumber & Yogurt Salad - පිපිඤ්ඤා සහ යෝගට් දලා හදපු සැලඩ් එකක්..

ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ "පිපිඤ්ඤයි යෝගටුයි" එකට දාලා හදපු ටිකක් වෙනස් විදිහේ සැලඩ්…
Cucumber & Yogurt Salad - පිපිඤ්ඤා සහ යෝගට් දලා හදපු සැලඩ් එකක්..
ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ "පිපිඤ්ඤයි යෝගටුයි" එකට දාලා හදපු ටිකක් වෙනස් විදිහේ සැලඩ් එකක් හදන විදිහ ගැන. මේක ටිකක් වෙනස් සැලඩ් එකක් වුනාට මොකෝ මේක හදන්න නම් හරිම ලේසියි.. ඒ වගේම කියන්න ඕනෙ සමහර සැලඩ් වගේම මේකත් අපි හැදුවට පස්සෙ පිළිගන්වන්නෙ ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා ඇරගෙන. හරි! බලන්නකෝ එහෙනම් මේ සැලඩ් එකක් හදන්නේ කොහොමද කියලා.. සැලඩ් එක හදන්න අදහසක් නැති වුනත් කමක් නැහැ නිකමට හරි ලිපිය කියවලා බලන්න, මොනවා හරි දෙයක් ඔයාලට අලුතෙන් ඉගෙන ගන්න හරි පුලුවන් වෙයිනෙ.

අවශ්‍ය දේවල්:

  • පිපිඤ්ඤා ගෙඩි 3
  • යෝගට් කෝප්ප 1
  • පොඩියට කපාගත්ත මින්චි කොළ මේස හැදි 2
  • පොඩියට කපාගත්ත සුදු ළුණු බික් 2
  • ඔලිව් ඔයිල් මේස හැදි 1
  • ලුණු පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පිපිඤ්ඤා ටික පොතු ඇරලා අරගෙන ටිකක් හීනියට රවුම් හැඩයට එන්න කපා ගන්න ඕනෙ.
  • ඊට පස්සෙ කපා ගත්ත පිපිඤ්ඤා පෙති ටික තව පාරක් දෙකට කපාගන්න. ඒ කියන්නෙ එක පෙත්තක් කෑලි දෙකකට එන විදියටයි කපන්න ඕනෙ.
  • ඊට පස්සෙ එහෙම කපා ගත්ත පිපිඤ්ඤා කෑලි ටිකේ ඇට අයින් කරගන්න.
  • දැන් මේ පිපිඤ්ඤා කෑලි ටිකට සුදු ළුණු ටික දාගෙන කලවම් කරගන්න ඕනෙ. ඒත් එක්කම ලුණු පොඩ්ඩකුත් දාගන්න.
  • දැන් සැලඩ් හදන වීදුරු භාජනයක් හරි වෙන මොකක් හරි භාජනයක් හරි ඇරගෙන පිපිඤ්ඤා කෑලි ටික ඒකෙ අහුරගන්න. එක පිපිඤ්ඤා කෑලි තට්ටුවක් උඩින් තව පිපිඤ්ඤා කෑලි තට්ටුවක් තියෙන විදිහට අහුරාගන්න. භාජනයක් ගන්නකොට පොඩ්ඩක් ගැඹුරු භාජනයක් මේකට ගන්න ඕනෙ හොදේ..
  • ඊට පස්සෙ මේක අපි විනාඩි 30 ක් විතර පැත්තකින් තියලා තියන්න ඕනෙ. එතකොට පිපිඤ්ඤා කෑලි වලින් වතුර ටිකක් උනනවා. එහෙම ආව වතුර ටික හෙමීට අපි භාජනෙන් අයින් කරගන්න ඕනෙ.
  • ඊලගට යෝගට් ටික අරගෙන වෙන භාජනේකට දාලා ඒකටම තෙල් ටිකත් දාලා හොදට බීට් කරගන්න.
  • දැන් මේ යෝගට් ටික අපි කලින් හදාගත්ත පිපිඤ්ඤා ටික උඩින් දාගන්න ඕනෙ.
  • ඊට පස්සෙ කපාගත්ත මින්චි කොළ ටිකත් ඒ උඩින්ම දාගන්න ලස්සනට.
  • ඊට පස්සෙ අන්තිමට කරන්න තියෙන්නෙ මේක ෆ්‍රිජ් එකේ තියලා හොදට කූල් කරලා ගන්න එක. එතකොට තමයි සැලඩ් එකේ නියම රස එන්නෙ.
පිපිඤ්ඤා ටික මේ වගේ කපාගන්න. හැබයි මීට වඩා තව ටිකක් හීනියට කපාගන්න ඕනෙ අපි.

මේ තියෙන්නෙ හදාගත්ත සැලඩ් එක අන්තිමට.

කැමතිනම් පිපිඤ්ඤා පෙති ටික දෙකට කපාගන්නේ නැතුව මේ වගේ සම්පූර්ණ පෙති විදිහටම ගන්නත් පුලුවන් සැලඩ් එක හදන්න.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment