About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Apple Crisp - ඇපල් ක්‍රිස්ප්

ඔන්න දැන් අද අපි හදන්න යන්නෙ ඇපල් වලින් රසම රස අතුරුපසක්. මේක ටිකක් වෙනස් විදිහේ අතුරුපසක්. "ඕ…
Apple Crisp - ඇපල් ක්‍රිස්ප්
ඔන්න දැන් අද අපි හදන්න යන්නෙ ඇපල් වලින් රසම රස අතුරුපසක්. මේක ටිකක් වෙනස් විදිහේ අතුරුපසක්. "ඕට්ස්" එහෙමත් කලවම් කරලා තමයි අපි මේක හදන්න යන්නෙ. මේක හදන්න නම් පොඩ්ඩක් වත් ආමාරු නැහැ. බැරිවෙලාවත් අමාරු වුනොත් අමාරු වෙන්නෙ "ඕට්ස්" හොයාගන්න වැඩේ තමයි. හැබැයි ඔයාලට "සුපිරි වෙළදසැලක්" පැත්තෙ එහෙම පොඩි රවුමක් දාලා එන්න පුලුවන් නම් ලේසියෙන්ම "ඕට්ස්" හොයාගන්න පුලුවන්. හැමදාම එකම විදිහට අයිස් ක්‍රීම් වගේ දේවල් අතුරු පස විදිහට පිළිගන්වන්නෙ නැතුව මෙදා සැරේ පොඩි වෙනසකටත් එක්ක මේ "ඇපල් ක්‍රිස්ප්" එක හදලා බලන්නකෝ.. ලොකු වෙනසක් වගේම ඔයාලට අලුත් අත්දැකීමකුත් ලබාගන්න පුලුවන් වෙයි.

අවශ්‍ය දේවල්:

  • පොතු ඇරලා පෙති කපාගත්ත ඇපල් කෝප්ප 10
  • ඕට්ස් කෝප්ප 1
  • සුදු සීනි කෝප්ප 1
  • පාන් පිටි මේස හැදි 1
  • තවත් පාන් පිටි කෝප්ප 1
  • දුඹුරු සීනි කෝප්ප 1
  • කුරුදු කුඩු තේ හැදි 1
  • වතුර කෝප්ප 1/2
  • දිය කරගත්ත බටර් කෝප්ප 1/2
  • බේකින් සෝඩා තේ හැදි 1/4
  • බේකින් පවුඩර් තේ හැදි 1/4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක 175°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ අපි. අවන් එකට අන්තිමට අපි "ඇපල් ක්‍රිස්ප්" මිශ්‍රණය දාලා බේක් කරගන්න ගන්ම අවන් එක එකම උෂ්ණත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒ හින්දා "දැන් රත් වෙලා ඇති" කියලා අවන් එක කොයිම වෙලාවකවත් Off කරන්න නම් එපා..!
  • ඊළගට අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන කපා ගත්ත ඇපල් පෙති ටික ඒකට දාගන්න.
  • දැන් භාජනයක් අරගෙන පිටි මේස හැදි 1යි, සුදු සීනියි, කුරුදු කුඩුයි දාලා කලවම් කරගන්න.
  • ඊට පස්සෙ මේ පිටි මිශ්‍රණය කලින් හදාගත්ත ඇපල් පෙති උඩින් ඉහ ගන්න ඕනෙ.
  • ඒත් එක්කම වතුර ටිකත් ඇපල් උඩින් දාගන්න.
  • දැන් තවත් භාජනයක් අරගෙන ඒකට ඕට්ස්, ඉතුරු පාන් පිටි ටික, දුඹුරු සීනි, බේකින් පවුඩර්, බේකින් සෝඩා, බටර් කියන සේරම ටික දාලා හොදට කලවම් කරගන්න.
  • ඊළගට මේ ඕට්ස් මිශ්‍රනයත් කලින් හදාගත්ත ඇපල් මිශ්‍රනය උඩින් දාගන්න.
  • ඊට පස්සෙ කලින් රත් වෙන්න තියපු අවන් එකට මේක දාලා විනාඩි 45ක් විතර බේක් කරගන්න ඕනෙ අපි.
  • එච්චරයි! බේක් වුනාට පස්සෙ හදාගත්ත "ඇපල් ක්‍රිස්ප්" ටික පිළිගන්වන්න පුලුවන් ඔයාලට. කැමතිනම් අයිස් ක්‍රීම් ටිකකුත් උඩින් දාගන්න. එතකොට තමයි ගොඩක්ම රස.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ ඕට්ස්.

මේ පොත්ත අයින් කරලා හීනි පෙති කපාගත්ත ඇපල් කෑලි ටික ට්‍රේ එකට දාගන්න ගමන්.

"සුදු සීනි-පිටි" මිශ්‍රණය ඇපල් පෙති උඩින් ඉහ ගන්න ඕනෙ හොදට.

ඕට්ස් මිශ්‍රණය ඇපල් උඩින් දාගත්තහම මෙහෙම තමයි තියෙන්නෙ.

දැන් තියෙන්නෙ බේක් කරගන්න.

මේ තියෙන්නෙ හදාගත්ත "ඇපල් ක්‍රිස්ප්" ටික අන්තිමට පිළිගන්වන්න සූදානම් කරගෙන. මේ උඩින් දාගෙන තියෙන්නෙ අයිස් ක්‍රීම්.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment