About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Date Bars - රට ඉදි වලින් පොඩි කෑමක්

අද අපි හදන්න යන්නෙ හවස තේ වෙලාවට කෑමට ගන්න පුළුවන් රසම රස කෑමක්. පොඩ්ඩො, ඒ වගේම පැණි රස දේවල් කන්න …
Date Bars - රට ඉදි වලින් පොඩි කෑමක්
අද අපි හදන්න යන්නෙ හවස තේ වෙලාවට කෑමට ගන්න පුළුවන් රසම රස කෑමක්. පොඩ්ඩො, ඒ වගේම පැණි රස දේවල් කන්න කැමති තාමත් පොඩ්ඩො කියලා හිතාගෙන ඉන්න ලොක්කො හැමෝමත් කැමති වෙයි මේ කෑමට නම්. අවුරුදු කැවිලි මේසෙට තියන්න වුනත් ඔයාලට මේක හදාගන්න පුලුවන්..

අවශ්‍ය දේවල්:

  • රට ඉදි ග්‍රෑම් 250
  • පාන් පිටි කෝප්ප 4
  • සීනී කෝප්ප තුන් කාලක් (කෝප්පෙකින් හතරෙන් තුනක්)
  • තවත් සීනී කෝප්ප 2
  • මාජරින් ග්‍රෑම් 200
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • බිත්තර 2
  • කජු ග්‍රෑම් 100
  • වතුර කෝප්ප 1/2
  • වැනිලා තේ හැදි 1

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම රට ඉදි ටික සෝදලා අරගෙන පොඩි කෑලි වලට කපාගන්න.
  • කජු ටිකත් ඒ වගේ පොඩියට කපාගන්න.
  • දැන් භාජනයක් ලිපේ තියලා ඒකට කපාගත්ත රටඉදියි වතුරයි සීනී කෝප්ප තුන් කාලයි දාලා හොදට රත්කර ගන්න. මෙහෙම රත්කරනකොට මේ මිශ්‍රණය ඝනකම් වෙනවා ටිකක් වෙලා ගියහම.
  • ඒ විදියට රට ඉදි මිශ්‍රණය ඝනකම් වෙලා ආවට පස්සෙ ඒකට කජු ටිකයි වැනිලයි එකතු කරලා කලවම් කරලා ලිපෙන් බාගන්න. අපි දැන් මේ රට ඉදි ඉදි ටික මෙහෙම්ම නිමෙන්න තියලා අනිත් වැඩ පටන් ගමු.
  • දැන් සේරටම කලින් අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඒකෙ ඇතුල් පැත්තට තෙල් කඩදාසියක් දාලා කඩදාසියෙ බටර් ටිකක් එහෙම ගාගෙන පැත්තකින් තියාගන්න.
  • දැන් භාජනයක් අරගෙන බටරුයි සීනීයි දාලා සීනී දිය වෙනකම් හොදට බීට් කරන්න. මෙහෙම බීට් කරන අතරෙ සැරින් සැරේට බිත්තර ටිකත් මේකට එකතු කරගන්න.
  • මේක හොදට බීට් වුනාට පස්සෙ පිටියි බේකින් පවුඩරුයි දාලා හොදට කලවම් කරගන්න. ස්පැටුලා එකක් (පැතලි හැන්දක්) මේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්.
  • ඕනෙනම් මේ වෙලාවෙදිත් වැනිලා ටිකක් දාගන්තට කමක් නැහැ.
  • ඊට පස්සෙ මේ මිශ්‍රණය කොටස් දෙකකට බෙදාගන්න.
  • දැන් අපි කලින් හදාගත්ත ට්‍රේ එක අරගෙන මේ පිටි මිශ්‍රණයෙන් එක කොටසක් ඒකට දාලා තුනී කරගන්න.
  • ඊළහට මේ පිටි මිශ්‍රනයේ මතුපිටට කලින් හදාගත්ත රට ඉදි වලින් කොටසක් දාලා ඒකත් තුනී කරගන්න(මේ වෙලාවෙදි රට ඉදි ටික නිමිලා තියෙන්නෙ ඕනෙ).
  • දැන් ආයෙත් ඉතුරු පිටි මිශ්‍රණය රට ඉදි තට්ටුව උඩින් දාලා තුනී කරගන්න.
  • අන්තිමටම රට ඉදි තට්ටුවක් ඒක උඩින් දාලා තුනී කරගන්න.
  • ඊළගට තියෙන්නෙ බේක් කරගන්න වැඩේ. 225°C උෂ්ණත්වයට අවන් එක දාගෙන ඒකට ට්‍රේ එක දාලා පැය භාගයක් විතර බේක් කරගන්න ඕනෙ.
  • බේක් වුනාට පස්සෙ තියෙන්නෙ කෑලි කපාගන්න වැඩේ. එච්චරයි! වැඩේ ඉවරයි. දිග හතරැස් කෑලි හරි නැත්නම් ඔයාලා කැමති විදිහකට හරි කෑලි කපාගෙන කට්ටියට සංග්‍රහ කරන්න.
පිටි මිශ්‍රණය දාගෙන හොදට තුනී කරගත්තට පස්සෙ ඊට උඩින් තමයි අපි රට ඉදි මිශ්‍රණයෙන් තට්ටුවක් දා ගන්නෙ. ඒකත් තුනී කරගත්තට පස්සෙ තව තට්ටු දෙකක් දාගන්න ඕනෙ පිටි වලිනුයි, රට ඉදි වලිනුයි එක එක තට්ටුව ගානෙ.

හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්. මේක නම් තට්ටු 3ක එකක්. අපි හදන එකේ තට්ටු 4ක් තියෙනවා..












wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment