About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Fish Moju - මාළු මෝජු

ඔයාලා දන්නවාද මාළු වලිනුත් මෝජු හදන්න පුළුවන් කියලා? අපි ගොඩක් වෙලාවට හදන්නෙ බටු බෝජු විතරයිනෙ. හැබ…
Fish Moju - මාළු මෝජු
ඔයාලා දන්නවාද මාළු වලිනුත් මෝජු හදන්න පුළුවන් කියලා? අපි ගොඩක් වෙලාවට හදන්නෙ බටු බෝජු විතරයිනෙ. හැබැයි මාළු වලිනුත් මෝජු හදන්න පුළුවන්. මේක බටු මෝජු හදනවට වඩා ලේසියෙන් හදාගන්නත් පුළුවන් මෝජු එකක්.

අවශ්‍ය දේවල්:

  • බල මාළු ග්‍රෑම් 500
  • සෝයා සෝස් මේස හැදි 1
  • තක්කාලි සෝස් මේස හැදි 2
  • සීනී තේ හැදි 1
  • ගම්මිරිස් තේ හැදි 2
  • සුදු ළුෑණු බික් 7-8
  • රතු ළුෑණු ගෙඩි 10-12
  • විනාකිරි මේස හැදි 2
  • අබ තේ හැදි 2
  • රම්පෙ පොඩි කෑල්ලක්
  • කරපින්චා කොළ 7-8
  • තෙල් මේස හැදි 3-4
  • සෝදගෙන දෙකට පලා ගත් අමු මිරිස් කරල් 5-6

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මාළු ටික හොදට සෝදලා අරගෙන පොඩි හතරැස් කෑලි වගේ වෙන්න කපාගන්න.
  • දැන් ගම්මිරිස්, ළුණු, විනාකිරි, අබ, සුදු ළුණු එකට දාලා මිරිස් ගලේ අඹරාගන්න හොදට පේස්ට් එකක් (තලපයක්) වගේ වෙනකන්.
  • දැන් කලින් කපා ගත්ත මාළු කෑලි ටිකට මේ සුදු ළුණු පේස්ට් එක දාලා කලවම් කරගන්න.
  • සුදු ළුණු පේස්ට් එක මාළුවල හොදට තැවරුනාට පස්සෙ විනාඩි 10ක් විතර මාළු ටික පැත්තකින් තියලා තියන්න. එතකොට තමයි මේකෙ රසය හොදට මාළු වලට අල්ලන්නෙ.
  • දැන් මැටි භාජනයක් ලිපේ තියලා තෙල් ටික ඒකට දාගන්න.
  • තෙල් රත් වේගෙන එනකොට රම්පෙ කරපින්චා අමු මිරිස් ටික ඒකට දාන්න.
  • රතු ළුණු ටිකත් ඒකටම එකතු කරලා පොඩඩක් තෙලේ මේ ටික තැම්බෙන්න විනාඩියක් දෙකක් තියන්න.
  • ඊළගට හදාගත්ත මාළු ටික මේ මිශ්‍රණයට එකතු කරලා කලවම් කරගන්න. ඒකටම සෝයා සෝස් ටිකයි සීනී ටිකයි එකතු කරගන්න.
  • දැන් මේ ටික හොදට කලවම් කරගෙන භාජනේ පියනකින් වහලා විනාඩි 10-15 ක් විතර යනකම් හොදට මාළු ටික තැම්බෙන්න තියන්න. ලිපේ ගින්දරනම් මේ වෙලාවෙදි අඩුවෙන් තමයි තියාගන්න ඕනෙ.
  • මාළු ටික හොදට තැම්බුනාට පස්සෙ ලිපෙන් බාගෙන තක්කාලි සෝස් ටික දාගෙන කලවම් කරගන්න. තක්කාලි සෝස් මේස හැදි 2 වැඩි වෙන්න පුලුවන් ඔයාලට සමහරවිට. සොස් දාගද්දි ඔයාලට ගැලපෙන විදිහට දාගන්න.
  • ඔච්චරයි! ඔන්න ඔහොමයි මාළු මෝජු හදන්නෙ.
හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්..














ලිපිය ලිව්වේ අපිට හැමදාම අලුත් අලුත් කෑම ජාති හදන විදිහ කියලා දෙන සයුරි මිතුරිය විසින්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment