About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Lemon Bars - ලෙමන් වලින් පොඩි අතුරුපසක්

අවුරුදු දවස් වල ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න මෙදා සැරේ ඔන්න ඔහෙ හදමුද පොඩි අතුරුපසක්? ලෙමන් ගෙඩි …
Lemon Bars - ලෙමන් වලින් පොඩි අතුරුපසක්
අවුරුදු දවස් වල ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න මෙදා සැරේ ඔන්න ඔහෙ හදමුද පොඩි අතුරුපසක්? ලෙමන් ගෙඩි දෙකක් හොයාගන්න තමා ඔයාලට පොඩ්ඩක් මහන්සි වෙනවනම් මහන්සි වෙන්න වෙන්නෙ. පාන් පිටි, බටර්, සීනී වගේ දේවල් ඔයාලට ගමක කඩයකින් උනත් ගන්න පුලුවන් දේවල් හින්දා මේක හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු වෙන්නෙ නැහැ. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • ලෙමන් ගෙඩි 2ක යුෂ
  • බටර් කෝප්ප 1
  • සුදු සීනී කෝප්ප 1/2
  • තවත් සුදු සිනී කෝප්ප 1 1/2
  • පාන්පිටි කෝප්ප 2
  • තවත් පාන් පිටි කෝප්ප 1/4
  • බිත්තර 4

සාදාගන්නා ආකාරය:
  • මේක හදන්න පටන් ගන්න කලින් අවන් එක 175°C උෂ්ණත්වයට රත් වෙන්න දාගෙන ඉන්න ඕනෙ. හැබැයි අවන් එකට හදාගන්න අතුරුපස මිශ්‍රණය දාගන්නකන්ම අවන් එක OFF කරන්න වත් අවන් එකේ උෂ්ණත්වය අඩු කරන්න වත් එපා. අවන් එක එකම උෂ්ණත්වයකින් රත් වෙවී තියෙන්න ඕනෙ. මේ වැඩේට කියන්නෙ අවන් එක "Preheat" කරගන්නවා කියලා.
  • දැන් ඊට පස්සෙ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගමු එහෙනම්. මුලින්ම ඔයලා භාජනයක් අරගෙන ඒකට බටරුයි, පාන් පිටි කෝප්ප 2යි, සීනී කෝප්ප 1/2යි දාලා හොදට බීට් කරගන්න.
  • ඊළගට හතරැස් හැඩය තියන අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන මේ හදාගත්ත මිශ්‍රණය ඒ තැටියට දාලා එක මට්ටමට ලස්සනට තුනී කර ගන්න. කේක් හදනකොට වගේ තැටියෙ අඩියට මුකුත් ගාන්න එහෙම ඕනෙ නැහැ.
  • ඊට පස්සෙ කලින් රත් කරගත්ත අවන් එකට තැටිය දාලා විනාඩි 15-20ක් විතර බේක් කරගන්න ඕනෙ.
  • ඒ අතරෙ වෙන භාජනයක් අරගෙන ඉතුරු පිටි ටිකයි, සීනී ටිකයි දාලා හොදට කලවම් කරගන්න.
  • ඊළගට බිත්තරත් ඒකටම දාලා කලවම් කරගන්න.
  • දැන් අපි ලෙමන් ජූස් ටික ඇරන් ඒකත් මේ මිශ්‍රනයටම දාලා සේරම හොදට කලවම් කරගන්න ඕනෙ. මේක බීට් කරගත්තත් කමක් නැහැ.
  • මේ වැඩේ මෙහෙම කරනකොට කලින් අවන් එකට දාපු මිශ්‍රනයත් බේක් වෙලා තියෙයි.
  • දැන් දෙවනියට කලවම් කරගත්ත මිශ්‍රණය අරගෙන කලින් බේක් කරගත්ත එක උඩින් දාගන්න. දාගෙන හෙමීට තුනීකර ගන්න.
  • දැන් තවත් විනාඩි 20ක් මේ මිශ්‍රනය බේක් කරගන්න ඕනෙ. මේක ගානට බේක් වුනාට පස්සෙ වැඩේ හරි.
  • ඊළගට කරන්න තියෙන්නෙ ලස්සනට කොටු කපාගෙන කෑමට ගන්න එක තමයි. ගෙදර තියෙනවානම් කොටු කපාගන්න කලින් අයිසින් සීනී ටිකකුත් උඩින් ඉහගෙනම කොටු කපාගන්න. එච්චරයි! වැඩේ ඔන්න ඉවරෙටම ඉවරයි :)

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ ලෙමන්.

පිටි මිශ්‍රණය බේක් කගත්තට පස්සෙ ලෙමන් මිශ්‍රණය මේ වගේ උඩින් දාගන්න.

අන්තිම පාරටත් බේක් කරගත්තට පස්සෙ ඔයාලට පුලුවන් උඩින් මේ වගේ අයිසින් සීනි ටිකක් එහෙම ඉහගන්න.

ඊට පස්සෙ තියෙන්නෙ කෑලි කපාගන්න වැඩේ.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම වැඩ ටික ඉවර කරලා හදාගත්ත අපේ රසම රස ලෙමන් බාර්ස්. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment