About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cabbage Rice - ගෝවා බත්

අද හදන්න යන්නෙ ගෝවා වලින් බත් එකක්! මේක දකුණු ඉන්දියාවෙ ප්‍රසිද්ධ කෑමක්. මේ බත් එක විශේෂ අවස්ථාවකදි…
Cabbage Rice - ගෝවා බත්
අද හදන්න යන්නෙ ගෝවා වලින් බත් එකක්! මේක දකුණු ඉන්දියාවෙ ප්‍රසිද්ධ කෑමක්. මේ බත් එක විශේෂ අවස්ථාවකදි මස් මාළු කන්නෙ නැති අය වෙනුවෙන්ම වුනත් හදලා දෙන්න පුළුවන් ඔයාලට.

අවශ්‍ය දේවල්:

  • උයාගත්ත බත් කෝප්ප 2
  • පොඩියට කපාගත්ත ගෝවා කෝප්ප 2
  • තෙල් මේස හැදි 3 (එලවළු තෙල් හෝ පොල් තෙල්)
  • අබ ඇට තේ හැදි 3/4
  • සූදුරු තේ හැදි 1
  • කරපින්චා කොළ 5-6
  • රට කජු මේස හැදි 2
  • දෙකට පලා ගත්ත අමු මිරිස් කරල් 1
  • පොඩියට කපා ගත්ත ළුණු ගෙඩි 1/2
  • ගාගත්ත කැරට් අල 1/4
  • පොඩියට කපාගත්ත මාලු මිරිස් මේස හැදි 2
  • ලුණු තේ හැදි 1/2
  • කහ කුඩු තේ හැදි 1/4
  • මිරිස් කුඩු තේ හැදි 1/2
  • ගරම් මසාලා කුඩු තේ හැදි 1/2 (සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන්)
  • ගාගත්ත පොල් මේස හැදි 2
  • පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම භාජනයක් අරන් ලිපේ තියලා ඒකට තෙල් දාලා අබයි සූදුරුයි කරපින්චයි දාලා අබ ටික පුපුරනකම් ලිපේ තියාගන්න.
  • ඊළගට රටකජු ටිකත් දාලා බැදෙන්න තියන්න.
  • රට කජු ටික බැදෙනකොට ළුණුයි අමු මිරිස් කරලයි එකතු කරලා ඒවත් බැදගන්න.
  • ඊට පස්සෙ කරන්න තියෙන්නෙ කැරටුයි මාලු මිරිසුයි ටික ඒකට එකතුකරගන්න එක.
  • මේ ටික හොදට තෙම්පරාදු වීගෙන එනකොට ගෝවා ටික මේකට එකතු කරගෙන විනාඩ් 3ක් විතර ලිපේ තියාගන්න.
  • ඒ එක්කම ලුණු ටිකකුත් දාන්න.
  • ඊලගට ගරම් මසාලයි මිරිස් කුඩුයි කහ කුඩුයි මේ එළවළු මිශ්‍රණයට එකතු කරගන්න.
  • දැන් ගින්දර ටිකක් අඩු කරලා හදාගත්ත බත් ටික එළවලු මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. මේ වෙලාවෙදි රස ටිකක් බලලා ලුණු මදි වගේනම් ටිකක් එකතු කරගන්න.
  • බත් ටික දැම්මට පස්සෙ භාජනේ පියනකින් වහලා විනාඩි 3ක් විතර ලිපේ තියාගන්න ඕනෙ. විනාඩි 3කට පස්සෙ පියන ඇරලා බලන්නකෝ බත් එක ලස්සන පාටට තියනවා.
  • ඊට පස්සෙ අන්තිමට අපිට කරන්න තියෙන්නෙ ගාගත්ත පොල් ටිකයි කොත්තමල්ලි කොළ ටිකයි බත් එකට එකතු කරලා කලවම් කරගන්න එක.
  • එච්චරයි! ඔන්න අපි "ගෝවා බත්" එක හදලා ඉවරයි! ඊට පස්සෙ ඉතින් කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ ගරම් මසාලා කුඩු.

මේ මුලින්ම භාජනයක් අරන් ලිපේ තියලා ඒකට තෙල් දාලා අබයි සූදුරුයි කරපින්චයි දාලා.

ඊළගට රටකජු ටිකත් දාගෙන.

ළුණුයි අමු මිරිසුයි දාගන්න ගමන්.

මේ කැරටුයි මාලු මිරිසුයි දාගන්න ගමන්.

දැන් ගෝවා ටික දාගන්න ඕනෙ.

ගරම් මසාලයි කහ කුඩුයි මිරිස් කුඩුයි එකතු කරගන්නකොට.

දැන් බත් ටික එකතු කරගන්න ඕනෙ.

බත් ටික දැම්මට පස්සෙ භාජනේ පියනකින් වහලා විනාඩි 3ක් විතර ලිපේ තියාගන්න ඕනෙ.

මේ අන්තිමට ගාගත්ත පොල් ටික එකතු කරගන්න ලෑස්ති වෙලා. පොල් ටික දාගත්තට පස්සෙ  කොත්තමල්ලි කොළ ටික දාගන්න ඕනෙ.

මේ තියෙන්නෙ වැඩ ඔක්කොම ඉවර කරගත්තට පස්සෙ අපි හදාගත්ත "ගෝවා බත්" එක.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ hebbarskitchen.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment