About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Easy Fried Rice - ෆ්‍රයිඩ් රයිස් ලේසියෙන්ම හදාගන්න පුලුවන් විදිහක්!

මේ කියලා දෙන්න යන්නෙ "ෆ්‍රයිඩ් රයිස්" ලේසියෙන්ම හදාගන්න පුලුවන් විදිහක් ගැන. ඔයාලා වැඩ ඇර…
Easy Fried Rice - ෆ්‍රයිඩ් රයිස් ලේසියෙන්ම හදාගන්න පුලුවන් විදිහක්!
මේ කියලා දෙන්න යන්නෙ "ෆ්‍රයිඩ් රයිස්" ලේසියෙන්ම හදාගන්න පුලුවන් විදිහක් ගැන. ඔයාලා වැඩ ඇරිලා ගොඩක් මහන්සි වෙලා එන දවසකට මේ වගේ රෙසිපි එකක් නම් ගොඩක් වැදගත් ඔයාලට. මම මේ විදිහට "ෆ්‍රයිඩ් රයිස්" කිහිප වතාවක්ම හදලා තියෙනවා. ඒ හැම වතාවෙම අපේ ගෙදර කට්ටිය නම් රස කර කර කෑවා. ඉතින් මේ ලිපිය ලියන්නෙ ඒ අත්දැකූමුත් එක්ක. මේක ඇත්තටම හදාගන්න හරිම ලේසි බත් එකක් (හැබැයි ඉතින් හදාගන්න ලේසි වෙන්නෙ නම් මේක හදන්න ඕන කරන බඩු ටික ගෙදර තිබ්බොත් විතරයි හොදේ..). මේක ෆ්‍රයිඩ් රයිස් එකක් හින්දා වෙන මුකුත් හොදි වගේ දේවල් ඕනෙත් නැහැ මේක කන්න. ඔයාලට පුලුවන් මේක හදනකොට සෝයා සෝස් ටිකක් වැඩිපුර එකතුකරන් ෆ්‍රයිඩ් රයිස් එක වියලිව නැතුව ටිකක් තෙත ගතියක් තියෙන විදිහට හදාගහන්න. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • බාස්මතී හාල් කෝප්ප 1
  • එලවළු තෙල් තේ හැදි 2
  • තරමක් ගහගත්තු බිත්තර 2 (කහ මද, සුදු මද හොදට කලවම් වෙන විදිහට බීට් කරගන්න. එතකොට හරි.)
  • චූටියට කපාගත්තු බේකන් තීරු 2
  • සුද්ද කරලා හීනියට ගා ගත්තු කැරට් ගෙඩි 1
  • හීනියට කපාගත්තු ළූණු කොළ ගස් 2
  • අධි ශීතකල ග්‍රීන්පීස් කෝප්ප 1/2 (මේවගේ අයිස් ඉවත්වෙන්න ටිකක් වෙලා උණු වතුරේ පොගවලා ගන්න.)
  • සෝයා සෝස් මේස හැදි 1
  • මේ බත් එක සරසගන්න ප්‍රමාණවත් තරම් තල ඇට (තේ හැන්දක් විතර)
  • බත් එක සරසගන්නත් එක්ක හීනියට කපාගත්තු ළූණු කොල මේස හැන්දක් විතර

සාදාගන්නා ආකාරය:
  • අපේ කට්ටියට ඉතින් ආයෙ අමුතුවෙන් බත් ටික බෙරිකරගන්නැතුව ලස්සනට උයාගන්නෙ කොහොමද කියලා දෙන්න ඕනයැ නේද? බත් උයන්න දන්නෙ නැති කවුරු හරි ඉන්නවනම් අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ "බත් වර්ග" කියන කොටසේ යටම තියෙන පළවෙනි ලිපිය බලන්නකෝ.. ඒ ලිපියෙ නම තියෙන්නෙ "බත් උයන්නේ මෙහෙමයි" කියලා. සාස්පානක හරි රයිස් කුකර් එකේ හරි කොහොම හරි කමක්නෑ ඔයාලට පුලුවන් විදිහට උයාගන්න. කොහොම හරි බත් ඇට වෙන්වෙන විදිහට, එහෙමත් නැත්නම් බෙරි වෙන් නැති වෙන්න උයාගන්නයි ඕනෙ. බත් ටික උයාගත්තට පස්සෙ ටිකක් නිවෙන්න හරින්න.
  • ඊට පස්සෙ බත් ටිකක් තෙම්පරාදු කරගන්න පුලුවන් තරමේ තාච්ච්කියක (නොන්ස්ටික්, ඒ කිව්වෙ අඩිය ඇලෙන්නෙ නැති තාච්චියක් නම් වඩා හොදයි) මද ගින්නේ තෙල් ටිකක් රත් කරගන්න.
  • ඊට පස්සෙ මේ රත් වෙච්ච තෙල් වලට බිත්තර එකතු කරලා, ඔම්ලට් එකක් විදිහට බැදෙන්න ඉඩ හරින්න. බිත්තර හොදට තැම්බෙනකන් ලිපේ තියලා වෙනත් භාජනයකට මාරුකරගන්න; කපන ලෑල්ලකට වගේ.
  • බිත්තර ටික ටිකක් නිවුනට පස්සේ, පොඩි තීරු වලට කපාගන්න.
  • දැන් තාච්චියට බේකන් ටික දාලා විනාඩි 4ක් විතර, යන්තම් රන්වන් පාට වෙනකන් බැදගන්න. දැන් කැරට් ටික එකතු කරන්න. විනාඩියක් විතර බැදෙන්න හරින්න.
  • දැන් ග්‍රීන්පීස් ටිකයි, බත් ටිකයි, තෙම්පරාදුවට කපාගත්තු ළූණු කොළ ටිකයි තාච්චියට එකතු කරලා විනාඩි 3-4 ක් හැදිගගා බැදගන්න.
  • ඊට පස්සෙ ඒකට කපාගත්ත බිත්තර තීරුයි සෝය සෝසුයි එකතු කරලා හොදට කලවම් කරගන්න. ගින්දරේ තියෙද්දිමයි කලවම් කරගන්න ඕනෙ.
  • එච්චරයි! දැන් අන්තිමට අපි අර කලින් බත් එක සරසාගන්න කපාගත්තු ළූණු කොල සහ තල ඇට වලින් බත් එක සරසාගෙන ඉක්මනින්ම උණු උණුවෙම පිලිගන්වන්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • බාස්මතී හාල්, එලවළු තෙල්, බේකන්, ළූණු කොළ, ග්‍රීන්පීස්, සෝයා සෝස් සහ තල ඇට වගේ දේවල් ඔයාලට සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
ග්‍රීන්පීස් වල අයිස් ඉවත්වෙන්න ටිකක් වෙලා උණු වතුරේ පොගවලා ගන්න.

බත් එක උයාගන්න කොට මේ වගේ ඇට වෙන් වෙන්න උයා ගන්න.

අන්තිමට තියෙන්නෙ බත් එක සරාසා ගන්න වැඩේ. ඒකට බත් එක සරසාගන්න කියලා කපාගත්තු ළූණු කොල ටිකයි, තල ඇට ටිකයි පාවිච්චි කරන්න පුලුවන් ඔයාලට. ඊට පස්සෙ ඉතින් උණු උණුවෙම පිලිගන්වන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය නුවනි සිල්වා මිතුරිය විසින් ඉවුම් පිහුම් ඇප් එක වෙනුවෙන් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ taste.com.au වෙබ් අඩවියෙන්. මේ විදිහට කිහිප සැරයක්ම ෆ්‍රයිඩ් රයිස් හදලා එයාගේ අත්දැකීමුත් එක්කම තමයි එයා මේක පරිවර්තනය කරලා තියෙන්නෙ. ඉතින් අපි අපේ මිතුරියට ස්තූති කරන්නත් අමතක කරන්න හොද නෑනෙ නේද? බොහොම ස්තූතියි නුවනි මිතුරියට!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment