About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Classic Egg Salad - බිත්තර සලාද

අද කියල දෙන්න හදන්නෙ සාමාන්‍යයෙන් ඕනෙම දවසක ලේසියෙන් හදා ගන්න පුළුවන් බිත්තර සලාදයක් ගැන. ඔයාලට පාන…
Classic Egg Salad - බිත්තර සලාද
අද කියල දෙන්න හදන්නෙ සාමාන්‍යයෙන් ඕනෙම දවසක ලේසියෙන් හදා ගන්න පුළුවන් බිත්තර සලාදයක් ගැන. ඔයාලට පාන් එක්ක හරි කැමති දෙයක් එක්ක මේ බිත්තර සලාදය කෑමට ගන්න පුලුවන්. හරිම ලේසියි හදන්න නම්. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • හොදට තම්බගත්ත බිත්තර 6
  • මයොනීස් සෝස් කෝප්ප 1/4
  • දෙහි යුෂ තේ හැදි 2
  • චූටියට කපාගත්ත ළුෑණු මේස හැදි 1
  • ලුණු තේ හැදි 1/4
  • ගම්මිරිස් තේ හැදි 1/4
  • පොඩියට කපාගත් සැල්දිරි කෝප්ප 1/2
  • සලාද කොළ 3-4

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තම්බගත්ත බිත්තර ටික පළු දෙක ගානෙ එන විදියට දෙකට කපාගන්න.
  • ඊට පස්සෙ ඒ කපාගත්ත බිත්තර වලින් පළු 4ක් ෆ්‍රිජ් එකේ දාලා අයින්කර ගන්න. මේ අයින් කරන බිත්තර පළු ටික අපි අන්තිමට පාවිච්චි කරන්නෙ මේ සලාදෙ සරසා ගන්න.
  • දැන් ඉතුරු බිත්තර සේරම තව පොඩි පොඩි කෑලිවලට කපාගන්න.
  • ඊළගට කරන්න තියෙන්නෙ පොඩි භාජනයක් අරගෙන මයොනීස්, ලුණු, ගම්මිරිස්, ළුෑණු, දෙහි යුෂ කියන සේරම දාලා ටික ඒකට දාලා එකට කලවම් කරගන්න එක.
  • දැන් ඒ හදාගත්ත මයොනීස් මිශ්‍රණයට කලින් පොඩි කරගත්ත බිත්තර ටිකයි සැල්දිරි ටිකයි දාන්න. දාලා ආයෙත් හොදට කලවම් කරගන්න ඔක්කොම ටික කලවම් වෙන විදිහට.
  • ඊට පස්සෙ මේ මිශ්‍රණය තියන භාජනය උඩින් වහගෙන (පියනකින් හරි ෆොයිල් කොළයක් හරි ගන්න) ෆ්‍රිජ් එකට දාන්න.
  • මේ විදියට විනාඩි 15-20 ක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න. එච්චරයි! ඊට පස්සෙ විනාඩි 15ක් විතර ගියහම ෆ්‍රිජ් එකෙන් එලියට ඇරන් ඔයාලට කෑමට ගන්න පුලුවන් මේ සලාදෙ.

සරසාගන්නවනම් මෙහෙම කරන්න,
  • සලාදය මේසෙට යවන භාජනය අරගෙන ඒකෙ ඇතුල් පැත්තේ වටේට සලාද කොළ තියාගෙන මැදට හදාගත්ත බිත්තර මිශ්‍රණය දාගන්න. ගොඩාක් ගැඹුරු නැති භාජනයක් මේකට ගන්නවනම් තමා හොද.
  • අපි අර මුලින්ම බිත්තර පළු වගයක් අයින්කර ගත්තා මතකද? ඒ ටිකත් දැන් අරගෙන සලාදය දාගත්ත භාජනයේ කැමති විදියට තියලා සරසගන්න.

වැදගත්:
  • මයොනීස් සෝසුයි සැල්දිරි කොළයි සුපර් මාර්කට් වලින් ඔයාලට හොයාගන්න පුළුවන්.
  • ෆොයිල් කොළත් සුපර් මාර්කට් වල ගන්න තියනවා.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ ලංකාවේ තියෙන මයොනීස් සෝස් එකක්.

මේ තියෙන්නෙ ෆොයිල් කොළ කියන ඒවා. ඉවුම් පිහුම් වැඩ වලට මේවා ගොඩක් පාවිච්චි කරනවා. ඔයාලට මේක හදනකොට ෆොයිල් කොළ ඕනම වෙන්නෙ නැහැ. සලාදෙ දාන භාජනය වහගන්න විතරනෙ ඕනෙ. ඒක පියනකින් වැහුවත් අවුලක් නැහැ. මුළුතැන්ගේ පැත්තට අලුත් අයත් ඉන්නවනෙ ඉවුම් පිහුම් ඇප් එකේ. ඔන්න එයාලට තමයි මේක.

මුලින්ම බිත්තර ටික මේ වගේ කපාගන්න. මේ වගෙන් කෑලි 4ක් තමයි අපි ෆ්‍රිජ් එකේ දාලා අයින්කර ගන්නෙ. අනිත් ටික තව පොඩි කෑලි වලට කපාගන්න ඕනෙ.

මේ තියෙන්නෙ එහෙම කපාගත්තට පස්සෙ.

මයොනීස් මිශ්‍රණයට බිත්තර කෑලි ටික එකතු කරගත්තට පස්සෙ මේ.

අන්තිමට සරසා ගන්න කොට ඔයාලට මේ වගේ සලාද කොළ ගොඩක් තියාගන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් ගැඹුර අඩු භාජනයක් ඇරන් සලාද කොළ ටිකක් තියලා සරසා ගන්නත් පුලුවන්.

මේ තියෙන්නෙ මෙ විදිහට හදාගත්ත සලාදෙ අන්තිමට. දැන් ඉතින් කෑමට ගන්න තමයි තියෙන්නෙ.
















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ incredibleegg.org වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment