About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Chili Mushroom - කටට සැරට බිම්මල් එකක්

අද කියලා දෙන්න යන්නෙ කටට සැරට කන්න පුලුවන් විදිහට බිම්මල් හදාගන්නේ කොහොමද කියලා. මෙහෙම හදන බිම්මල් …
Chili Mushroom - කටට සැරට බිම්මල් එකක්
අද කියලා දෙන්න යන්නෙ කටට සැරට කන්න පුලුවන් විදිහට බිම්මල් හදාගන්නේ කොහොමද කියලා. මෙහෙම හදන බිම්මල් බත්, පාන්, චපාති වගේ දේවල් එක්ක රස බලන්න පුළුවන් ඔයාලට.

අවශ්‍ය දේවල්:

  • බිම්මල් ග්‍රෑම් 250
  • බී-ළුෑණු ගෙඩි 1
  • අමු මිරිස් කරල් 2-3
  • කොටු හැඩයට කපාගත්ත මාළු මිරිස් කරල් 1
  • පොඩියට කපාගත්ත සුදු ළුණු බික් 7-8
  • ඉගුරු පොඩ්ඩක්
  • එළවළු තෙල් මේස හැදි 1/2
  • කෝන් පිටි (Corn Flour/ඉරිඟු පිටි) තේ හැදි 3/4
  • වතුර තේ හැදි 2
  • ලුණු
  • සුදු ළුෑණු
  • ගම්මිරිස්
  • සීනී තේ හැදි 1/2
  • බැදීමට තෙල්

බැටර් මිශ්‍රණයට අවශ්‍ය දේවල්,
  • පාන් පිටි මේස හැදි 5-6
  • කෝන් පිටි (Corn Flour/ඉරිඟු පිටි) මේස හැදි 3
  • ගම්මිරිස් තේ හැදි 1/4
  • ලුණු පොඩ්ඩක්
  • වතුර ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බිම්මල් ටික සෝදලා අරගෙන තරමක් පොඩි කෑලි වලට කඩාගන්න.
  • දැන් බැටර් මිශ්‍රනයට ගත්ත සේරම ජාති එකට කලවම් කරන්න. ඒ කියන්නේ පිටි, ගම්මිරිස්, ලුණු, කෝන් පිටි මේස හැදි 3 එකට දාලා වතුර පොඩ්ඩ පොඩ්ඩ දාන ගමන් බැටර් එකක් වගේ වෙනකම් කලවම් කරගන්න.
  • ඊළගට භාජනයකට තෙල් ටිකක් දාලා රත් කරගන්න.
  • තෙල් රත් වෙනකොට කලින් කඩාගත්ත බිම්මල් එක ගානේ අරගෙන මේ පාන් පිටි මිශ්‍රණයේ දවටගෙන තෙල් වලට දාලා බැදගන්න.
  • මේ විදියට බදින බිම්මල් ටිශූ කොළයක් හරි කඩදාසියක් හරි උඩින් දාලා තෙල් ටික බේරෙන්නෙ තියන්න.
  • දැන් වෙන භාජනයක් අරන් එළවළු තෙල් මේස හැදි 1/2 දාලා රත්කරගන්න.
  • තෙල් ටික රත් වෙනකොට කපාගත්ත ළුෑණුයි මාළු මිරිසුයි දාලා ටිකක් බැදෙන්න තියන්න.
  • ඊළගට ඒකට ඉගුරු, සුදු ළුෑණු, අමු මිරිස් ටිකත් එකතු කරගන්න. ළුෑණු ටික දුඹුරු පාට වෙනකම් බැද ගන්න.
  • ඊට පස්සෙ ලුණු, ගම්මිරිස්, සීනී, සෝයා සෝස්, ඒ මිශ්‍රණයටම එකතු කරගන්න ඕනෙ අපි.
  • ඊළගට අපි කලින් බැදගත්ත බිම්මල් ටික මේ ළුෑණු මිශ්‍රනයට එකතු කරගන්න. මේ වෙලාවෙදි ලිපේ ගින්දර ටිකක් අඩුකරගන්න ඕනෙ.
  • දැන් මේ මිශ්‍රණයට වතුර තේ හැදි 2කුයි කෝන් පිටි මේස හැදි 3/4 එකතු කරන්න.
  • තවත් විනාඩි 2ක් විතර මේ මිශ්‍රණය ලිපේ තියලා බාගන්න පුලුවන් ඔයාලට. එච්චරයි! බිම්මල් ටික හදලා ඉවරයි. දැන් ඉතින් කෑම මේසෙට යවන්න තමයි තියෙන්නෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
බිම්මල් ටික මේ වගේ කෑලි වලට කපාගන්න හරි කඩාගන්න හරි ඕනෙ අපි මුලින්ම.

මේ හදාගත්ත බැටර් මිශ්‍රනය.

මේ බැටර් එකේ තවරලා බැදගත්ත බිම්මල් ටික.

මේ ළුෑණු ටික එහෙම බැදගන්න ගමන්.

මේ ඒකට සෝයා සෝස් එහෙම දාගත්තට පස්සෙ.

මේ තියෙන්නෙ ඒකට බිම්මල් ටිකත් එකතු කරගත්තට පස්සෙ.

මේ තියෙන්නෙ අපි හදාගත්ත බිම්මල් එක අන්තිමට. දැන් මේ බිම්මල් එක බත්, පාන්, චපාති වගේ දෙයක් එක්ක රස බලන්න පුළුවන් ඔයාලට.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ vegrecipesofindia.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment