About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Spinach Brownies - නිවිති වලින් බ්‍රව්නීස්

ඔන්න අද කියලා දෙන්න යන්නෙ නිවිති වලින් කොහොමද බ්‍රව්නීස් හදාගන්නේ කියලා. බ්‍රව්නීස් කියලා කිව්වට මො…
Spinach Brownies - නිවිති වලින් බ්‍රව්නීස්
ඔන්න අද කියලා දෙන්න යන්නෙ නිවිති වලින් කොහොමද බ්‍රව්නීස් හදාගන්නේ කියලා. බ්‍රව්නීස් කියලා කිව්වට මොකෝ චොකලට් එහෙම නම් මේකට ගෑවිලා වත් නෑ. හදන්න මහ ලොකු දේවල් ඕන වෙන්නෙ නැති හින්දා මේක හදන්න නම් හරිම ලේසියි. ඔයාලට හොයාගන්න අමාරු වුනොත් අමාරු වෙන්නෙ චෙඩාර් චීස් හොයාගන්න විතරයි. හැබැයි ඒවත් ඔයාලට ලේසියෙන්ම සුපර් මාර්කට් වලින් එහෙම ගන්න පුළුවන්..

අවශ්‍ය දේවල්:
  • නිවිති ග්‍රෑම් 300
  • කිරි කෝප්ප 1 (කිරි පිටි වලින් හදාගන්න)
  • පාන් පිටි කෝප්ප 1
  • දියකරගත්ත බටර් කෝප්ප 1/2
  • ලුණු තේ හැදි 1
  • පොඩියට කපාගත්ත ළුණු ගෙඩි 1
  • ගාගත්ත චෙඩාර් චීස් ග්‍රෑම් 200

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම 190°C උෂ්ණත්වයට අවන් එක රත්වෙන්න දලා අනිත් වැඩ ටික කරන්න පටන් ගන්න. අපි මෙහෙම රත් වෙවී තියෙන අවන් එකට තමයි අන්තිමට හදාගන්න නිවිති මිශ්‍රණය දාලා බේක් කරගන්නෙ.
  • ඊට පස්සෙ අවන් එකේ දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඇතුල් පැත්තෙ බටර් ටිකක් ගාලා පැත්තකින් අරන් තියාගන්න.
  • දැන් පොඩි භාජනයක් අරගෙන ඒකට නිවිති ටික දාලා නිවිති වැහෙන තරමට වගේ එන්න වතුර ටිකකුත් දාලා මේ නිවිති ටික මද ගින්නේ තම්බගන්න ඕනෙ. මේකට විනාඩි 3ක් විතර යනවා.
  • නිවිති ටික තැම්බුනාම කොළ ටික ටිකක් මැලවෙච්ච ගතියක් එනවා. ඒ ගානට ආවහම ලිපෙන් බාගන්න.
  • ලිපෙන් බා ගත්ත නිවිති ටිකේ වතුර පෙරාගන්නත් අමතක කරන්න එපා.
  • ඊටපස්සෙ ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට පිටියි බේකින් පවුඩරුයි ලුණුයි දාලා කලවම් කරගන්න.
  • ඒ ටික එහෙම කලවම් වුනාට පස්සෙ බිත්තරයි කිරියි බටරුයි ඒකට එකතු කරලා ආයෙත් කලවම්කරගන්න ඕනෙ. මේකට ස්පැටුලා එකක්(පැතලි හැන්දක්) පාවිච්චි කරන්න පුළුවන්.
  • ඊළගට කරන්න තියෙන්නෙ අපි කලින් තම්බගත්ත නිවිති ටිකයි චීසුයි ළුණුයිත් මේ මිශ්‍රණයට දාලා කලවම් කරගන්න එක.
  • ඊටපස්සෙ මේ නිවිති මිශ්‍රණය අපි කලින් බටර් ගාලා සූදානම් කරගත්ත ට්‍රේ එකට දාගන්න. දාලා එක ගානට තුනී කරගන්න නිවිති මිශ්‍රණය.
  • අන්තිමටම ඒක රත්වෙන්න දාලා තියෙන අවන් එකට දාලා විනාඩි 30-35ක් විතර බේක් වෙන්න තියන්න. එච්චරයි! වැඩේ ඉවරයි. ඔන්න අපේ රසම රස "ස්පිනැශ් බ්‍රව්නීස්" ටික හදලා ඉවරයි. බේක් වුනාට පස්සෙ කෑලි කපලා සංග්‍රහ කරන්න පුලුවන්.

වැදගත්:
  • චෙඩාර් චීස් ඔයාලට සුපර් මාර්කට් වලින් ගන්න පුළුවන්.
හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත්..













මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment