About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Carrot Rice - කැරට් රයිස්

ඔන්න අද කියලා දෙන්න යන්නෙ කැරට් මිශ්‍ර රසම රස බත් එකක් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා.. මේක හදන්න …
Carrot Rice - කැරට් රයිස්
ඔන්න අද කියලා දෙන්න යන්නෙ කැරට් මිශ්‍ර රසම රස බත් එකක් ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා.. මේක හදන්න මහ ලොකු දේවල් ඕන වෙන්නෙ නැති හින්දා ඔයාලට මේ බත් එක හදන්න නම් පොඩ්ඩක් වත් අමාරු වෙන්නෙ නැහැ ඕන්..

අවශ්‍ය දේවල්:

  • බාස්මතී හාල් කෝප්ප 1
  • ගාගත්ත කැරට් කෝප්ප 3/4
  • වතුර කෝප්ප 2
  • බැදගත්ත රට කජු කෝප්ප 1/4
  • මාජරින් මේස හැදි 1
  • පෙති කපා ගත්ත ළුණු ගෙඩි 1
  • පොඩියට කපාගත්ත ඉගුරු තේ හැදි1
  • ලුණු පොඩ්ඩක්
  • ගම්මිරිස් පොඩ්ඩක්
  • පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම හාල් ටික සෝදලා අරගෙන වතුර ටිකත් ඒකට දාලා ගින්දර වැඩි කරලා හාල් ටික උයාගන්න.
  • වතුර ටික උතුරනකොට ගින්දර අඩු කරලා භාජනේ පියනකින් වහලා විනාඩි 20ක් විතර බත් ටික උයාගන්න.
  • මේක මෙහෙම උයන අතරෙ බැදගත්ත රට කජු ටික අරගෙන කුඩු කරගන්න ඕනෙ. මේකට ග්‍රයින්ඩර් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
  • ඊට පස්සෙ ටිකක් ලොකු භාජනේකට මාජරින් ටික දාලා අඩු ගින්දරේ රත් කරගන්න.
  • ඊළගට කපාගත්ත ළුණු ටික මාජරින් එකට දාලා ළුණු ටික රන්වන් පාටක් වෙනකම් බැදගන්න. ළුණු ටික කර-කරගන්න යන්න එපා! එහෙම වුනොත් බත් එක කන්න බැරි වෙයි. මේ වැඩේට විනාඩි 10ක් වගේ යනවා.
  • ළුණු ටික බැදුනට පස්සෙ ඒකට ඉගුරුයි කැරටුයි දාලා කලවම් කරගන්න.
  • ලුණු පොඩ්ඩකුත් ඒකටම එකතු කරන්න.
  • දැන් ගින්දර පොඩ්ඩක් අඩු කරලා මේ භාජනේ පියනකින් වහලා විනාඩි 5ක් විතර යනකම් මේ ටික තැම්බෙන්න තියාගන්න.
  • ඊටපස්සෙ ගම්මිරිස් ටිකයි කුඩු කරගත්ත රටකජු ටිකයි මේ කැරට් මිශ්‍රනයට දාලා කලවම් කරගන්න.
  • මේ වැඩ ටික සේරම ඉවර වෙනකොට බත් එකත් ඉදෙන්න වෙලාව හරි. දැන් අපි උයාගත්ත බත් ටික අරගෙන මේ කැරට් මිශ්‍රණයට දාලා සේරම හොදට කලවම් කරගන්න ඕනෙ.
  • එච්චරයි! ඔන්න අපි බත් එක හදලා ඉවරයි! දැන් මේක පිළිගන්වන්න තමයි තියෙන්නෙ. බත් එක කෑම මේසෙට යවන්න කලින් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් ඉහ ගෙන, බැදගත්ත රට කජු ඇට ටිකක් එහෙම ඉතුරු වෙලා තියේනම් ඒ ටිකත් බත් එක උඩින් ඉහගෙන බත් එක පොඩ්ඩක් ලස්සනට සරසාගෙනම කෑම මේසෙට යවන්න පුලුවන් ඔයාලට. කෑමක රසය, ගුණය, සුවඳ වගේම ලස්සනකුත් තිබ්බොත් තමයිනෙ ඕන කෙනෙක්ට කන්න ආසා හිතෙන්නෙ නේද?

පොටෝ ටිකත් බලන්නකෝ..
රටකජු ටික මේ වගේ කුඩු කරගන්න.

කැරට් ටිකත් හීනියට ගාගන්න ඕනෙ මේ වගේ.

මේ තියෙන්නෙ ඔය ඔක්කොම දේවල් දාලා කරලා අන්තිමට හදාගත්ත අපේ රසම රස "කැරට් රයිස්" එක. පිළිගන්වන්න කලින් බත් එක චුට්ටක් සරසා ගන්න ඔයාලත්. මේ බත් එකනම් චුට්ටක් සරසාගෙන තියෙන්නෙ..














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment