About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Deep Fried Ice Cream - ගැඹුරු තෙලේ බැදගත් අයිස් ක්‍රීම්

සුපුරුදු විදිහට වෙනදා වගේම චම්පා මිතුරිය ඔන්න ඔයාලට කියලා දෙන්න කියලා තවත් රසම රස කෑමක් හදන විදිහ අ…
Deep Fried Ice Cream - ගැඹුරු තෙලේ බැදගත් අයිස් ක්‍රීම්
සුපුරුදු විදිහට වෙනදා වගේම චම්පා මිතුරිය ඔන්න ඔයාලට කියලා දෙන්න කියලා තවත් රසම රස කෑමක් හදන විදිහ අපිට එවලා තිබුණා. එයා ඔයාලට මේ සැරේ කියලා දෙන්න යන්නෙ "අයිස් ක්‍රීම්" ගැඹුරු තෙලේ බැදගෙන රසම රස කෑමක් හදාගන්නේ කොහොමද කියලා.. හදන්න නම් හරිම ලේසියි. හරි! එහෙනම් අපේ මිතුරියගේ වචන වලින්ම බලන්නකෝ මේ කෑම එක හදන්නේ කොහොමද කියලා..

"..ඔන්න මම අද කියලා දෙන්න යන්නෙ ටිකක් අමුතු කෑමක් හදන විදිහ! තෙලේ බැදගත්තු අයිස් ක්‍රීම්!!.."

අවශ්‍ය දේවල්:

  • අයිස් ක්‍රීම් 1 L වගේ
  • පොන්ඩ් කේක් එකක් (මේකට බටර් කේක් නොගන්නේ ඒවගේ කුඩු හැලෙන සුලු නිසයි.)
  • පාන් පිටි කෝප්ප 1
  • බිත්තර 1
  • කූල් වතුර ටිකක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අයිස් ක්‍රීම් ටික තෙල් කඩදාසියක් දාගත්තු තැටියකට හැන්දකින් ටික ටික තියාගන්න. මේ වැඩේට අයිස් ක්‍රීම් බෙදන හැන්දක් තියේනම් ගොඩක් ලේසිවෙයි ඔයාලට.
  • ඊට පස්සේ අයිස් ක්‍රීම් ටිකක් ටිකක් ආපහු හොදට හයි වෙන්න පැය 2 වගේ අධි-ශීතකරණයට දාගන්න.
  • දැන් කේක් එක අරගෙන ඒක කෑලි වලට කපාගන්න. ඊට පස්සේ එහෙම කපලා ගත්ත කෙක් කෑලි දෙක තුනක් ලන්ච් ශීට් එකක් උඩින් එක ලගින් තියාගෙන රෝලින් පින් එකකින් හරි විදුරු බෝතලයක් වගේ දෙයකින් හරි පොඩ්ඩක් බර කරලා ටිකක් තලාගන්න.
  • දැන් අපි කලින් හයි වෙන්න කියලා ෆ්‍රිජ් එකට දාපු අයිස් ක්‍රීම් ටික අරගෙන ඒක අපි තලා ගත්තු කේක් එක උඩින් තියාගෙන ලන්ච් ශීට් එක පිටින්ම ගුලි කරන්න. පල්ලෙහා දාලා තියෙන ෆොටෝ ටික බලන්නකෝ. ඒ ෆොටෝ ටික බලපුවහම ඔයාලට වැඩේ තේරෙයි හරියටම. අයිස් ක්‍රීම් ටික මැදට එක විදිහට කේක් එකෙන් ගුලි කරගන්නයි ඕනෙ. හරියට කට්ලට් එකක් වගේ.
  • ඊට පස්සේ ඒ බෝල ටිකත් අයෙමත් හයි වෙන්න අධි-ශීතකරණයට දාලා පැයක් වගේ තියන්න.
  • දැන් ඒ ටික හයි වෙනකම් අපි බෝල ටික තෙලේ බැදගන්න කලින් ඒවා ටික දවටා ගන්න ඕන කරන මිශ්‍රණය (බැටර් එක) හදාගන්න ඕනෙ. දැන් ගන්න පාන් පිටි කෝප්ප 1ක්, ඒකට බිත්තරය කඩලා දාගන්න. ඊට පස්සෙ කූල් වතුර ටික ටික වෙන්න දාගෙන ටිකක් උකු මිශ්‍රණයක් හදාගන්න.
  • දැන් අපි හයි වෙන්න තියපු බෝල ටික ෆ්‍රිජ් එකෙන් අරගෙන (කාටහරි ගැහුවොත් රිදෙන තරමටන මේවා දැන් හයි වෙලා තියන්න ඕනෙ) ලන්ච් ශීට් ටික අයින් කරගන්න. ඊට පස්සෙ ඒ බෝල ටික හදාගන්න පිටි මිශ්‍රණයේ දවටගෙන ගැඹුරු තෙලේ විනාඩි 2-3ක් වගේ බැදගන්න. වැඩිය බැදන්න ඕනෙ නෑ. පින්තූර වල තියෙන පෙනුමට බැදගත්තම ඇති.
  • ඊට පස්සෙ තෙල්න් ඉවත් කරගෙන තෙල් බේරෙන්න තියලා හදාගත්ත මේ බෝල ටික කැමතිනම් ඔයාලට පොඩ්ඩක් සරසා ගන්න පුලුවන්. සරසා ගන්න වැඩේ කම්මැලිනම් ඉතින් උනුවෙන්ම කන්න තමයි තියෙන්න ඔන්න.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තෙල් කඩදාසියක් දාගත්තු තැටියක තියාගත්ත අයිස් ක්‍රීම් ටික.

මේ කේක් එක කෑලි වලට කපාගෙන, ඒ කෑලි තුනක් ලන්ච් ශීට් එකක් උඩින් එක ලගින් තියාගෙන රෝලින් පින් එකකින් ටිකක් තලාගන්න ගමන්.

මේ ඊට පස්සෙ ඒ තලාහත්ත කේක් කෑලි ටික උඩින් මේ විදිහට අයිස් ක්‍රීම් ටික තියාගෙන ඒ ටික ගුලි කරලා මේ වගේ බෝල හදාගන්න ඕනෙ. ඊට පස්සෙ මේ ටික ආපු ෆ්‍රිජ් එකේ තියන්න ඕනෙ.

මේ තියෙන්නෙ ඒ බොල ටික බදින්න කලින් දවටා ගන්න ඕන කරන මිශ්‍රණය (බැටර් එක) හදාගන්න ගමන්.

ඒ මිශ්‍රණයේ හදාගත්ත බෝල ටික මේ වගේ දවටා ගන්න ඕනෙ.

දැන් හොදට බැදගන්න ඕනෙ ගැඹුරු තෙලට දාලා. හැබැයි ඕනවට වඩා වෙලා බැදගෙන කර කරගන්න නම් එපා!

මේ තියෙන්නෙ ඒ විදිහට හදාගත්ත බෝල ටික පොඩ්ඩක් අන්තිමට සරසා ගෙන. සරසා ගන්න වැඩේ ඉතින් ඔයාලට කැමති විදිහට කරන්න පුලුවන්. එක්කො සරසා ගන්නෙ නැතුව වුනත් කෑමට ගන්න පුලුවන්.














ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලාගෙන කෑම හදන මිතුරියක්. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට රස කෑමක් අයිස් ක්‍රීම් වලින් හදාගන්න විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි චම්පා මිතුරියට!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment