About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Coconut Chutney - පොල් චට්නි

මීට කලිනුත් පොල් චට්නි හදන විදිහ ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දීලා තියෙනවා නේද? හැබැයි අද කියලා දෙන්න…
Coconut Chutney - පොල් චට්නි
මීට කලිනුත් පොල් චට්නි හදන විදිහ ඉවුම් පිහුම් ඇප් එකේ කියලා දීලා තියෙනවා නේද? හැබැයි අද කියලා දෙන්නෙ යන මේ පොල් චට්නි එක හදන්න ගන්න දේවල් චුට්ටක් වෙනස් කලින් කියලා දුන්න චට්නි එකට වඩා. මේ චටිනි එක ගැන කියනවනම් පොල් වලින් හදාගන්න මේ චටිනි එක දකුණු ඉන්දියානු චට්නි එකක්. තෝසෙ, වඩේ, ඉට්ලි වගේ දේවල් එක්ක කන්න තමයි ඒ කට්ටිය මේ චටිනි එක හදන්නෙ. හදන්න නම් හරිම ලේසියි.

අවශ්‍ය දේවල්:

  • ගාගත්ත අලුත් පොල් කෝප්ප 1/2
  • කඩල කෝප්ප 1/2 (Bengal Gram)
  • පොඩියට කපාගත්ත ඉගුරු කෑල්ලක්
  • පොඩියට කපාගත්ත අමු මිරිස් කරලක්
  • කරපිංචා කොළ 15-20
  • පොල් තෙල් මේස හැදි 2
  • ලුණු චුට්ටක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කරපිංචා කොළ ටික අරගෙන හොදට සෝදලා වේල ගන්න. ටිෂු කොළයක් වගේ උඩින් තිබ්බහම වතුර ඒකට උරාගන්නවා.
  • ඊළගට තෙල් ටිකක් ලිපේ තියල ඒ කරපිංචා ටික බැද ගන්න. මේක හොදට ක්‍රිස්පි ගතියට එනකම් බදින්න ඕන. ඒ කියන්නෙ කනකොට කරස් කරස් කියලා සද්දෙ එන්නෙ අන්න ඒ ගානට.
  • දැන් බැදපු තෙල් ටික පොඩ්ඩක් නිවෙන්න තියන්න.
  • දැන් කඩල ටික පොඩ්ඩක් බැදගන්න ඕනෙ. කඩල බදින්නෙ තෙලෙන් නෙමේ. අපි කබලෙ බදිනවා කියන්නෙ අන්න ඒ වගේ තෙල් නැතුව බැද ගන්න.
  • ඊට පස්සෙ බ්ලෙන්ඩර් එකක් අරගෙන බැදගත්ත කඩල, අමු මිරිස්, ඉගුරු, ලුණු, පොල් සේරම දාලා අර නිමෙන්න තියපු තෙල් ටිකත් දාගන්න. වතුර කෝප්ප 1/2 කුත් දාගන්න. ගොඩක් වතුර දාන්න එපා දියාරු වෙයි.
  • දැන් ඒ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න. එච්චරයි! අන්තිමට තව ඕනෙනම් බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණය පොඩ්ඩක් රස බලලා ලුණු එහෙම අඩුනම් දාගත්තට කමක් නැහැ.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ කඩල.

මේ තෙල් ටිකක් දාලා කරපින්චා ටික බැද ගන්න ගමන්.

මේ සේරම ටික දාලා බෙලෙන්ඩ් කර ගන්න සූදානම් වෙලා.

මේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සෙ.

මේ තියෙන්නෙ අපි හදාගත්ත චට්නි එක අන්තිමට. දැන් ඉතින් තෝසෙ වගේ මොනවා හරි දෙයක් එක්ක කෑමට ගන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ vegrecipesofindia.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Newer Posts
Older Posts
Comment