About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bananas in Pyjamas - බනානා ඉන් පිජාමාස්

ටිකක් අමුතු විදියෙ නමක් තියන කෑමක් හදන විදිහ තමයි මේ කියලා දෙන්න යන්නෙ. නම අමුතු වුනාට හැබැයි මේක හ…
Bananas in Pyjamas - බනානා ඉන් පිජාමාස්
ටිකක් අමුතු විදියෙ නමක් තියන කෑමක් හදන විදිහ තමයි මේ කියලා දෙන්න යන්නෙ. නම අමුතු වුනාට හැබැයි මේක හදන්න කෙසෙල් ගෙඩියි චොක්ලටුයි විතරයි ඕන වෙන්නෙ අපිට. පොඩි අයගෙ උත්සවයකට වගේ හදන්න නම් නියමයි. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..
මේ තියෙන්නෙ මේ වගේම හදාගෙන චොකලට් තට්ටුවට උඩින් එක එක දේවල් තවරා ගත්ත කෙසෙල්.

අවශ්‍ය දේවල්:
  • කෙසෙල් ගෙඩි 4
  • පොප්සිකල් ස්ටික් 8 (අපි අර කියන්නෙ අයිස් ක්‍රීම් කෝටු කියලා.. අන්න එවා.)
  • කුකින් චොකලට් ග්‍රෑම් 400
  • කුඩු කරගත්ත කජු
  • ස්ප්‍රින්ක්ල්ස් (Sprinkles)
  • ගාගත්ත වියලි පොල් (Desiccated Coconut- ඩෙසිකේටඩ් කොකනට්)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම ට්‍රේ එකක් අරගෙන ඒකේ ඇතුලට තෙල් කඩදාසියක් දාලා පැත්තකින් තියාගන්න. කේක් ට්‍රේ එකක් වගේ හොදයි මේ වැඩේට.
  • දැන් අපි කුකින් චොක්ලට් ටික දිය කරගන්න ඕනෙ. ටිකක් ගැඹුරු භාජනයක් ලිපේ තියලා ඒකට වතුර ටිකක් දාලා රත් කරගන්න. ඊට පස්සෙ කුකින් චොක්ලට් ටික රස්නෙට ඔරොත්තු දෙන භාජනයක දාලා ඒ චොකලට් භාජනය කලින් ලිපේ තියලා වතුර රත්කරගත්ත භාජනය ඇතුලින් තියාගන්න. දැන් වතුර භාජනයේ වතුර වල රස්නෙන් උඩ තියන භාජනේ චොකලට් ටික හැදි ගගා දිය කරගන්න ඕනෙ. මේකට තමා ඩබල් බොයිල් කරනවා කියන්නෙ. එහෙම දියකරගත්ත චොක්ලට් ටික රස්නෙ යන්න තියලා අනිත් වැඩ ටික කරන්න පටන් ගන්න.
  • ඊළගට කෙසෙල් ටික පොතු ඇරලා දෙකට කපාගන්න ඕනෙ අපි.
  • දැන් අපි අයිස් ක්‍රීම් කෝටු ටික අරගෙන මේ කෙසෙල් වලට ගහගන්න ඕනෙ හරියට අර අයිස් ක්‍රීම් වල තියනවා වගේ.
  • මේ ව්දියට කෝටු ගහගත්ත කෙසෙල් ටික අපි කලින් ලෑස්ති කරගත්ත ට්‍රේ එකේ තියලා, ඊට පස්ස් ඒක පැය 2ක් 3ක් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ඕනෙ. අධි ශීතකරණයේ තියන්න ඕනෙ හොදේ..
  • දැන් ඊලගට අපි ළග තියන කජු කුඩු, පොල්, ස්ප්‍රින්ක්ල්ස් වෙන වෙනම පැතලි භාජන තුනකට දාගන්න.
  • දැන් මේ වෙනකොට දියකරගත්ත චොක්ලට් ටික ගානට නිවිලනෙ තියෙන්නෙ. දැන් එහෙනම් කරන්න තියෙන්නෙ ෆ්‍රිජ් එකේ තිබ්බ කෙසෙල් ටික දියකරගත්ත චොක්ලට් වලා ඔබා ගන්න එක. සම්පූර්ණ කෙසෙල් භාගෙම චොක්ලට් වල ඔබන්න යන්න එපා හොදේ.. උඩ ටිකේ විතරක් චොක්ලට් තවරගන්න.
  • ඊට පස්සෙ ඔයලා කැමති ව්දියට පොල් හරි කජු හරි ස්ප්‍රින්ක්ල්ස් හරි මේ කෙසෙල් වල තවර ගන්න. ඒකට කරන්න තියෙන්නෙ ඒවා දාගත්ත පිගානක් උඩින් චොක්ලට් තවරපු කෙසෙල් ටික තියලා පොඩ්ඩක් රෝල් කරගන්න එක.
  • එච්චරයි! වැඩ ටික ඉවරයි. හැබයි දැන් අන්තිමට ආයෙමත් මේ ටික පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න ඕනෙ. එච්චරයි!

වැදගත්:
  • කෙසෙල් ගෙඩි ගන්නකොට ආනමාලු වගේ ටිකක් දිග කෙසෙල් තමයි මේකට ගන්න ඕනෙ අපි.
  • පොප්සිකල් ස්ටික් කියන්නෙ අපි අර "අයිස් ක්‍රීම් කෝටු" කියලා කියන ඒවට. මේවා කෑම බඩු තියන කඩවල් වල ගන්න තියනවා.
  • කුකින් චොකලට් ඔයාලට සුපර් මාකට් වල එහෙම ගන්න තියනවා.
  • ස්ප්‍රින්ක්ල්ස් වල ෆොටෝ එකකුත් පල්ලෙහා දාලා තියෙනවා. මේව ඔයාලට කේක් බඩු තියන කඩවල් වලින් එහෙම ගන්න පුලුවන්.
  • ගාගත්ත වියලි පොල් කිව්වෙ ඩෙසිකේටඩ් කොකනට් වලට හොදේ.. ඒ කිව්වෙ ගාගත්තට පස්සෙ තෙත ඉවත් කරගත්ත පොල් වලට.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ කුකින් චොකලට්.

මේ තියෙන්නෙ ගාගත්ත වියලි පොල් (ඩෙසිකේටඩ් කොකනට්). මේවා කඩවල් වල ගන්න තියෙනවා.

මේ තියෙන්නෙ ස්ප්‍රින්ක්ල්ස්.

මේවට තමයි පොප්සිකල් ස්ටික් කියන්නෙ. අර අපි "අයිස් ක්‍රීම් කෝටු" කියලා කියන්නෙ. අන්න ඒවා.

කපාගත්ත කෙසෙල් වලට පොප්සිකල් ස්ටික් ටික මේ වගේ ගහ ගන්න ඕනෙ.

ෆ්‍රිජ් එකේ තිබ්බ කෙසෙල් වල දියකරගත්ත චොක්ලට් ටික හොදට තවරා ගන්න ඕනෙ. චොකලට් එකේ ඔබලා ගත්තනම් හරි.

ඊට පස්සෙ තියෙන්නෙ ඔයලට කැමති ව්දියට පොල් හරි කජු හරි ස්ප්‍රින්ක්ල්ස් හරි මේ කෙසෙල් වල තවර ගන්න එක. මේ ෆොටෝ එකේ නම් තියෙන්නෙ ස්ප්‍රින්ක්ල්ස් තවරා ගත්ත ඒවා විතරයි. ඔයාලා කැමති විදිහට පොලුයි, කජුයි තවරා ගන්න. එහෙම නැතිනම් වෙන මොනවා හරි දෙයක් වුනත් තවරා ගන්න පුලුවන් ඔයාලට. ඒ වැඩේ තියෙන්නෙ ඉතින් ඔයාලගේ අතේ.. හදලා බලන්නකෝ එහෙනම් වෙලවක ඔයාලත් මේවා..















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ kidspot.com.au වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment