About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Milo Balls - මයිලෝ බෝල

වෙනදා වගේම චම්පා මිතුරිය ඔන්න ඔයාලට කියලා දෙන්න කියලා තවත් රසම රස කෑමක් හදන විදිහ අපිට එවලා තිබුණා.…
Milo Balls - මයිලෝ බෝල
වෙනදා වගේම චම්පා මිතුරිය ඔන්න ඔයාලට කියලා දෙන්න කියලා තවත් රසම රස කෑමක් හදන විදිහ අපිට එවලා තිබුණා. එයා ඔයාලට මේ සැරේ කියලා දෙන්න යන්නෙ "මයිලෝ බෝල" හදාගන්නේ කොහොමද කියලා.. මේක සෑහෙන්න ජන්‍රප්‍රිය කෑමක්. ඒ වුනත් පහුගිය ටිකේ මයිලෝ වල ගුණ අගුණ ගැන සෑහෙන්න කතාබහක් තිබුණනෙ. ඒ හින්දා පොඩ්ඩක් හිතලා බලලා, හොයලා බලලා ඔයාලා කැමතිනම් විතරක් හදලා බලන්න. හරි! එහෙනම් අපේ මිතුරියගේ වචන වලින්ම බලන්නකෝ මේ මයිලෝ බෝල හදන්නේ කොහොමද කියලා..

"..අද අපි හදමු හවස තේ වෙලාවට වගේ කන්න මයිලෝ දාලා පොඩ් කෑමක්.."


අවශ්‍ය දේවල්:
  • මාරි බිස්කට් 20-25 වගේ
  • මයිලෝ මේස හැදි 4
  • පොඩි ටින්කිරි ටින් එකක් (395g)
  • වියලි පොල් ටිකක් (Desiccated Coconut)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මාරි බිස්කට් ටික හොදට කුඩු කරගන්න ලොකු කෑලි නැති වෙන්නම.
  • ඊලගට ඒකට මයිලෝ තේ හැදි 4 දාගෙන හොදට කවලම් කරගන්න.
  • ඊට පස්සෙ ටින් කිරි ටික ටික දාගෙන කවලම් කරගන්න. ගුලි හදාගන්න පුලුවන් තත්ත්වයට එනකම් ටික ටික ටින්කිරි දාගෙන කවලම් කරගන්න.
  • දැන් ඒක පොඩි පොඩි ගුලි හදාගෙන වියලි පොල් වල ටිකක් දවටගන්න.
  • දැන් මේ හදාගත්තු ගුලි ටික විනාඩි 30 විතර ෆ්‍රිජ් එකේ හයි වෙන්න (Freeze) තියලා කන්න තමයි තියෙන්නෙ.
මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත මයිලෝ බෝල.















ලිපිය ලිව්වේ චම්පා දුලාංජනී මිතුරිය. එයත් ඔයාලා වගේම ඉවුම් පිහුම් ඇප් එක බලාගෙන කෑම හදන මිතුරියක්. ඇයට බොහොම ස්තූතියි නේද අපිට මේ විදිහට රසම රස මයිලෝ බෝල හදාගන්න විදිහ කියලා දුන්නට? බොහොම ස්තූතියි චම්පා මිතුරියට!
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment