About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Banana Pudding - කෙසෙල් පුඩින්

අද ඔන්න අපි හදන්න යන්නෙ කෙසෙල් වලින් රසම රස පුඩින් එකක්. හරිම රස පුඩින් එකක්. අද වැඩි කතා නැතුව ටක්…
Banana Pudding - කෙසෙල් පුඩින්
අද ඔන්න අපි හදන්න යන්නෙ කෙසෙල් වලින් රසම රස පුඩින් එකක්. හරිම රස පුඩින් එකක්. අද වැඩි කතා නැතුව ටක්ගාලා බලමු එහෙනෙම් මේ පුඩින් එක හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • ප්‍රමාණයෙන් ලොකු බිත්තර 4
  • සීනි කෝප්ප ¾
  • පාන් පිටි මේස හැදි 3
  • ලුණු තේ හැදි 1/2
  • කිරි කෝප්ප 2
  • වැනිලා තේ හැදි 1/2
  • වැනිලා වේෆස් 30-40
  • පෙති කපා ගත් මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩි 3-4 (කැමති කෙසෙල් වර්ගයක් ගන්න පුළුවන්. ආනමාළු වගේ හොද කෙසෙල් ගෙඩි වර්ගයක් ගත්තොත් හොද රසක් පුඩිමට එයි.)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බිත්තර 3ක විතරක් සුදුමද කහමද වෙන්කරගන්න ඕනෙ. බිත්තර කට්ට පොඩ්ඩක් උඩින් කඩාගෙන වෙනම භාජනේකට කහමද ටික හෙමීට වක්කර ගන්න. එතකොට වැඩේ ලේසියි.
  • දැන් තව එක බිත්තරයක් ඉතුරුයිනෙ. අපි ගත්තෙ කලින් බිත්තර 3යි නෙ. ඒ ඉතුරු සම්පූර්ණ බිත්තරය අරගෙන වෙන්කරගත්ත කහමද වලට එකතු කරන්න.
  • ඊළගට හාජනයක් අරන් ලිපේ තියලා සීනි කෝප්ප 1/2, පිටි, ලුණු ටික දාලා අර කහමද ටිකත් ඒකටම දාලා කලවම් කරන්න. මතක තියාගන්න සීනි කෝප්ප 1/2 සේරම සීනි ටික නෙමෙයි.
  • කිරි ටිකත් දැන් ඒ මිශ්‍රණයට එකතු කරලා භාජනේ පියනකින් වහගන්නෙ නැතුව විනාඩි 10ක් විතර ලිපේ තියාගන්න.
  • මේක ටිකක් ඝනකම් මිශ්‍රණයක් වුනාට පස්සෙ ලීපෙන් බාලා වැනිලා එකතු කරලා කලවම් කරන්න.
  • ඊළගට තියෙන්නෙ අවන් එක රත් කරගන්න වැඩේ. 220°C උෂ්ණත්වයට අවන් එක රත් කරගන්න ඕනෙ.
  • අවන් එක රත් වෙන අතරේ අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරන් තෙල් කඩදාසියක් දාලා ට්‍රේ එකේ ඇතුල් පැත්තෙ බටර් ටිකක් ගාගන්න (සෘජුකෝණාස්‍ර හැඩයට තියන ට්‍රේ එකක්නම් ගොඩක් හොදයි).
  • දැන් ඒ හදාගත්ත ට්‍රේ එකේ අඩියට අර අපි හදාගත්ත පිටි මිශ්‍රණයෙන් ටිකක් දාලා තුනී කරන්න (ලේයර් එකක් වගේ).
  • ඊළගට වැනිලා වේෆස් අරන් ඊට උඩින් පිළිවෙලට අහුරගන්න.
  • ඊට පස්සෙ ඒ බිස්කට් තට්ටුට උඩින් කපා ගත්ත කෙසෙල් පෙති ටික තියාගන්න.
  • මේ විදියට අපි හදාගත්ත පිටි මිශ්‍රණය ඉවර වෙනකම්ම ට්‍රේ එකේ තට්ටු විදියට බිස්කට් හා කෙසෙල් අතුරගන්න. හැබැයි මතක තියා ගන්න අවසානයට තියෙන්න ඕන පිටි ම්ශ්‍රණය. ඒ කියන්නෙ ට්‍රේ එකේ උඩින්ම තියෙන්න ඕනෙ පිටි මිශ්‍රණයෙන් දාගත්ත තට්ටුව.
  • අපි මුලින්ම බිත්තර කහ මද සුදු මද වෙන්කර ගත්තා මතකයිනෙ. ඒ වෙලාවෙ අයින් කරගත්ත සුදු මද ටික දැන් අරගෙන ලුණු චුට්ටක් දාලා බීට් කරන්න පටන් ගන්න.
  • මතකද ඔයාට අපි කලින් ගත්තෙ සීනි කෝප්ප 1/2 නෙ. අර ඉතුරු කරගත්ත සීනී ටිකෙන් මෙලහට තේ එහෙම හදලා අහුවෙනවා එහෙම නෙමෙයි ඕන්.. :) :) දැන් ඒ සීනි ටික ඕනෙ අපිට. සුදුමද ටික බීට් කරන ගමන් පොඩ්ඩ පොඩ්ඩ ඒ සීනී ටිකත් සුදු මද වලට දානගමන් බීට් කරගන්න. සැරින් සැරේ ටික ටික දාගන්න.
  • බිත්තර සුදු මද ටික හොදට බීට් වෙලාද බලන්න ඒ භාජනේ අරන් අනිත් පැත්ත හරවන්න එතකොට සුදුමද ටික හැලෙන්නෙ නැතුව හිම වගේ තියනවනම් අන්න නියම ගානට බීට් වෙලා තියනවා.
  • ඊට පස්සෙ ස්පැටුලා එකක් හරි පැතලි හැන්දක් වගේ එකක් හරි අරන් ඒ සුදු මද ටික කලින් හදාගත්ත ට්‍රේ එකේ දාලා තියන පුඩින් මිශ්‍රණයට උඩින් දාගෙන් ටිකක් විතර තුනී කරගන්න.
  • අන්තිමට කලින් රත්කර ගත්ත අවන් එකේ විනාඩි 5ක් විතර බේක් කර ගන්න. මේක ගානට බේක් වුනාම අර උඩින් දාගත්ත සුදු මද ටික ලා දුඹුරු පාටක් වෙනවා. ඒ ගානට ආවම පුඩින් එක අවන් එකෙන් බාගන්න.
  • දැන් ඉතින් රස බලන එක තමා ඉතුරු වෙලා තියෙන්නෙ. හදිස්සියක් නැත්තන් පුඩින් එක ටිකක් නිමුනට පස්සෙ ෆ්‍රිජ් එකේ දාලා තියලම කන්න ගන්නකෝ..

පොටෝ ටිකත් බලන්නකෝ..
කෙසෙල් ටික කපාගන්නකොට මේ වගේ හැඩයට කපාගන්න.

බිත්තර සුදුමද ටික මේ වගේ මට්ටමට බීට් කරගන්න ඕනෙ.

මේ තියෙන්නෙ අපි හදාග රසම රස පුඩින් එක. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ ඕන්.. හදිස්සියක් නැත්තන් කලිනුත් කිව්වා වගේ පුඩින් එක ටිකක් නිමුනට පස්සෙ ෆ්‍රිජ් එකේ දාලා තියලම කන්න ගන්න.














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ foodnetwork.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment