About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Lemon & Coconut Brownies - රසම රස බ්‍රව්නීස් වර්ගයක් හදමුද?

අද කියලා දෙන්න යන්නේ රසම රස කෑමක් බ්‍රව්නීස් වර්ගයක් හදාගන්න විදිහ ගැන. නමින් කියවෙනවා වගේම මේ බ්‍ර…
Lemon & Coconut Brownies - රසම රස බ්‍රව්නීස් වර්ගයක් හදමුද?
අද කියලා දෙන්න යන්නේ රසම රස කෑමක් බ්‍රව්නීස් වර්ගයක් හදාගන්න විදිහ ගැන. නමින් කියවෙනවා වගේම මේ බ්‍රව්නී එක හදන්න අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ දෙහියි, වියළි පොලුයි. මේ විදිහට හදාගන්න බ්‍රව්නීස් ඔයාලට හවස තේ බොන වෙලාවට වගේ කන්න ගන්න පුළුවන්. හරි! බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • බටර් ග්‍රෑම් 250
  • කුඩුකරගත්ත සීනි කෝප්ප 2
  • බිත්තර 4
  • පිටි ග්‍රෑම් 225
  • වියළි පොල් කෝප්ප 1 (ඩෙසිකේටඩ් කොකනට් කියලා අපි කියන්නේ)
  • ගාගත්ත දෙහි ලෙලි තේ හැදි 3
  • දෙහි යුෂ කෝප්ප 1/4
  • අයිසින් සීනි පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:
  • වැඩේ පටන් ගන්න කලින් අවන් එක 180ºC උශ්ණත්වයට රත්වෙන්න දාලා තියාගන්න. හදාගන්න මිශ්‍රණය අවන් එකට දාගන්න කොටත් අවන් එක එකම උෂණත්වයකින් රත් වෙවී තියෙන්න ඕනෙ. ඒක හින්දා අවන් එක රත් වෙන්න දාගත්තට පස්සෙ අවන් එක රත් වුනා ඇති කියලා Off කරන්න නම් එපා.
  • ඊළගට අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරන් තෙල් කඩදාසියක් දාලා ඒකේ වටේටයි අඩියටයි බටර් ටිකක් ගාලා පැත්තකින් තියන්න.
  • දැන් භාජනයකට බටර් දාලා බටර් ටික දියකර ගන්න. මේ වෙලාවෙදි ගින්දර වැඩි කර ගන්න එපා. මද ගින්නේ තියාගන්න ඕනෙ.
  • බටර් ටික දිය වුනාට පස්සේ ලිපෙන් බාගෙන ඒකට සීනි එකතු කරලා හැදි ගාන්න. මේ අතරෙදි බිත්තරත් දාලා මිශ්‍රණය කලවම් කරන්න. හැබැයි බිත්තර සේරම එක පාර දාන්න එපා. සැරින් සැරේට එක ගානේ බිත්තර දාලා තමයි හැදි ගාන්න ඕනෙ.
  • දැන් පිටි ටික ටික මේ මිශ්‍රණයට දාලා හොදට කලවම් කරන්න.
  • ඒත් එක්කම ගාගත්ත දෙහි ලෙලි ටිකයි දෙහි යුෂ ටිකයිත් එකතු කරල සේරම ජාති ටික එකට එකතු වෙනකම් කලවම් කරන්න.
  • අපි අර කලින් හදාගත්ත ට්‍රේ එක තියනවා නේද දැන් ඒක අරගෙන මේ මිශ්‍රණය ඒ ට්‍රේ එකට දාන්න ඕනෙ. හරියට කේක් මිශ්‍රණයක් දාගන්නවා වගේ.
  • දැන් තියෙන්නෙ බේක් කරගන්න. විනාඩි 30 ක් විතර යනකම් අපි මේක බේක් කරගන්න ඕනෙ.
  • ඊට පස්සේ අවන් එකෙන් අරන් ටිකක් වෙලා පැත්තකින් තියලා තියන්න ඕනෙ රස්නය යනකම්.
  • අන්තිමට මේක උඩින් අයිසින් සීනි ටිකක් ඉහ ගන්න. ඊළගට කිරි ටොෆී කෑලි වගෙ, කෑලි වලට කපාගන්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • දෙහි ලෙල්ල සූරගන්න කොට පරිස්සමින් කරන්න ඕනෙ. වැඩිය තදින් පොත්තෙ ඇතුලටම සූරන්න එපා. ලෙල්ල සූරන් යද්දි මතු වෙන සුදු පාට හරිය අහු වෙන්නෙ නැති වෙන්න සූරාගන්න.
  • අයිසින් සීනි කේක් බඩු කඩවල් වල, සුපිරි වෙලද සැල් වල ගන්න තියෙනවා.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ භාජනයකට බටර් ටික දාලා බටර් ටික දියකර ගන්න කොට.

දියකරගත්ත බටර් ටිකට සීනි, බිත්තර දාගත්තට පස්සෙ පිටි ටික ටික ඒකට දාලා හොදට කලවම් කරගන්න ඕනෙ අපි.

මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත බ්‍රව්නීස් ටික අයිසින් සීනි ඉහගන්න වැඩ අනන් මනන් ඔක්කොම වැඩ ටික ඉවර වුනාට පස්සෙ. දැන් ඉතින් ලොකුම ලොකු කෑලි දෙක තුනකට වග කියන එක තමයි තියෙන්නෙ ඕන්.. හී හී :)














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ taste.com.au වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment