About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cheesy Chicken, Rice & Broccoli - වෙනස්ම විදිහේ බත් එකක් හදමුද?

අද කියලා දෙන්න හදන්නෙ ටිකක් වෙනස්, අලුත් ක්‍රමයකට බත් එකක් හදාගන්න හැටි ගැන. ඔයාලා මේ බත් එක හදාගත්…
Cheesy Chicken, Rice & Broccoli - වෙනස්ම විදිහේ බත් එකක් හදමුද?
අද කියලා දෙන්න හදන්නෙ ටිකක් වෙනස්, අලුත් ක්‍රමයකට බත් එකක් හදාගන්න හැටි ගැන. ඔයාලා මේ බත් එක හදාගත්තොත් වෙන කිසිම දෙයක් නැතුව බත් එක විතරක් තනියම කන්න පුළුවන්. මොකද මේකට කුකුල් මස්, චීස්, බ්‍රොකොලි වගේ දේවල් එහෙමත් දාගන්න නිසා. මේකට අපි දාන්නෙ චෙඩාර් චීස්. චෙඩාර් චීස් ඔයාලට සුපර් මාකට් වලින් ගන්න පුලුවන්. අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ ඉන්න මේක හදන්න ඕන කරන බඩු ටික හොයාගන්න පුලුවන් කට්ටිය හැමදාම එකම විදිහට උයන බත් එක මෙදා සැරෙත් කම්මැලිකමට ඒ විදිහටම උයලා අහු වෙනවා එහෙම නෙමෙයි ඕන්..! හී හී :) ගෙදර අයටත් දැන් එකම විදිහට කාලා එපා වෙලානෙ ඇත්තෙ නේද? මේ පාර වෙනසක් කරමු. අනිත් කට්ටිය, හදන්න ඕන කරන බඩු ටික නැති උනත් ඔයාලා මේක හදන විදිහ කියවලා බලන්න. ඔයාලට මොනවා හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න හරි පුලුවන් වෙයිනෙ..

අවශ්‍ය දේවල්:

  • සුදු හාල් කෝප්ප 1
  • කටු අයින් කරගත්ත කුකුල් මස් (පපු කොටස්) 4
  • ඔලිව් තෙල් මේස හැදි 2
  • ලුණු තේ හැදි1
  • ගම්මිරිස් තේ හැදි 1/4
  • කුකුල් මස් තම්බපු වතුර කෝප්ප 2 1/2
  • පොඩියට කපාගත්ත රතු බෙල් පෙපර් කෝප්ප 1
  • පොඩියට කපාගත් බ්‍රොකොලි කෝප්ප 2 1/2
  • චෙඩාර් චීස් කෝප්ප 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම මස් ටික තරමක් ලොකු කෑලි වලට කපාගන්න.
  • ඊට පස්සෙ මස් ටික තම්බගන්න ඕනෙ.
  • දැන් තෙල් ටිකක් භාජනයකට දාලා රත් කර ගන්න. ඒකට තම්බපු මස්, ලුණු, ගම්මිරිස් දාලා පොඩ්ඩක් ඉවෙන්න හරින්න. උයනගමන් සැරින් සැරේ මේක හැදිගාගන්නත් අමතක කරන්න එපා. විනාඩි 4-6ක් යනකොට මේක උයාගන්න පුළුවන්.
  • ඊට පස්සේ හාල් ටිකයි කුකුල් මස් තම්බපු වතුර ටිකයි මේ මිශ්‍රණයට දාලා වතුර ටික උතුරනකම් විනාඩි 10-15ක් උයාගන්න. මේ වෙලාවෙදි ලිපේ ගින්දර අඩු කරන්න ඕනෙ.
  • මේ විදියට උයාගන්නකොට භාජනේ තියන වතුර ටික සේරම මිශ්‍රණයට උරාගත්තට පස්සෙ බෙල් පෙපර් ටිකයි බ්‍රොකොලි ටිකයි එකතු කරන්න. චීස් කෝප්ප එකකුත් ඒ එක්කම එකතු කරන්න.
  • දැන් භාජනේ පියන වහලා විනාඩි 8-10ක් විතර උයාගන්න.
  • එළවළු ටික තැම්බුනාට පස්සෙ මේක ලිපෙන් බාගන්න ඕනෙ.
  • අන්තිමටම කරන්න තියෙන්නෙ ඉතුරු චීස් කෝප්පෙත් මිශ්‍රණය උඩින් දාලා චීස් ටික දියවෙනකම් ටිකක් වෙලා භාජනේ වහලා තියන්න. එච්චරයි! ඔන්න ඔන්න අපේ රසම රස බත් එක අපි උයාගෙන ඉවරයි. දැන් ඉතින් කෑමට ගන්න තමයි තියෙන්නෙ.

වැදගත්:
  • බ්‍රොකොලි කියන්නෙ ගෝවා මල් වගේ දෙයක්. ඊට වඩා කොළ පාටයි. සුපර් මාර්කට් වලින් ඔයාලට බ්‍රොකොලි ගන්න පුළුවන්.
  • චෙඩාර් චීසුත් සුපර් මාර්කට් වල ගන්න තියනවා.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ බ්‍රොකොලි. සුපර් මාර්කට් වලින් ඔයාලට මේවා ගන්න පුළුවන්.

කුකුල් මස් මිශ්‍රණයට හාල් ටිකයි කුකුල් මස් තම්බපු වතුර ටිකයි දාගන්න ගමන් මේ.

මේ බෙල් පෙපර් ටිකයි බ්‍රොකොලි ටිකයි එකතු කරගෙන. ඊට පස්සෙ චීස් කෝප්ප එකක් එකතු කරලා තව විනාඩි 10ක් විතර උයාගන්න ඕනෙ එළවළු ටික තැම්බෙනකන්.

ඒ විදිහට අන්තිමට ලිපෙන් බාගත්තට පස්සෙ චීස් එහම දාලා රසම රසට හදාගත්ත අපේ බත් එක තමයි මේ තියෙන්නෙ. දැන් ඉතින් කන වැඩේ තමයි ඉතුරු. බත් එකේ සෑහෙන්න දේවල් තියෙන හින්දා ඕනෙනම් මේ බත් එක නිකන්ම වුනත් කන්න පුලුවන්..















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ pillsbury.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment