About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato & Egg Salad - අල සමග බිත්තර සලාදය

දැන් මේ හදන්නෙ බිත්තර එහෙම එකතු කරලා ටිකක් අමුතු විදිහට හදාගන්න සැලඩ් එකක් හදාගන්න විදිහ ගැන ඔයාලට …
Potato & Egg Salad - අල සමග බිත්තර සලාදය
දැන් මේ හදන්නෙ බිත්තර එහෙම එකතු කරලා ටිකක් අමුතු විදිහට හදාගන්න සැලඩ් එකක් හදාගන්න විදිහ ගැන ඔයාලට කියලා දෙන්න. ඉවුම් පිහුම් ඇප් එකේ මීට කලින් එක එක විදියෙ සැලඩ් වර්ග හදන විදිහ කියලා දීලා තියෙන හින්දයි, ඔයාලගෙ අත්දැකීම් වලිනුයි ඔයාලා දැනටමත් දන්නවා ඇති සෑහෙන්න සැලඩ් වර්ග නම් තියෙනවා කියලා.. ඒත් ඔයාලා ගොඩක් වෙලාවට නම් දන්නෙ නැතුව ඇති බිත්තර වලිනුත් සැලඩ් හදන්න පුළුවන් කියලා. හරි! මීට කලින් බිත්තර දාලා සැලඩ් හදන විදිහ දැනන් හිටියෙ නැත්නම් බලන්නකෝ එහෙනම් මේ සැලඩ් එක අපි දැන් හදන්නේ කොහොමද කියලා.. දන්න අයත් බලන්න. ඔයාලටත් මොනවා හරි දෙයක් අලුත් සමහරවිට ඉගෙන ගන්න පුලුවන් වෙයිනෙ.

අවශ්‍ය දේවල්:

  • අල ගෙඩි 4
  • තම්බගත්ත බිත්තර 6
  • පොඩි ඇපල් ගෙඩි 2
  • කපාගත්ත ළුෑණු කෝප්ප 1/3
  • යෝගට් කෝප්ප 1/3
  • විනාකිරි මේස හැදි 1
  • තුනපහ මේස හැද 2
  • ගම්මිරිස් මේස හැදි 1/8
  • ලුණු මේස හැදි 1/4
  • මයොනිස් කෝප්ප 1/4
  • පොඩියට කපාගත්ත සැල්දිරි කෝප්ප 2-3

සාදාගන්නා ආකාරය:
  • ඉස්සෙල්ලාම වතුර ටිකක් ලිපේ තියලා ඒකට ලුණු ටිකකුත් දාලා අල ටික තම්බගන්න ඕන. මේ වැඩේට විනාඩි 5-7 ක් විතර යනවා.
  • ඒ අතරෙ කලින් තම්බගත්ත බිත්තර ටික අරන් පොඩි පොඩි කෑලි වගේ වෙන්න පොඩි කර ගන්න ඕන. මෙහෙම කරන්නෙ බිත්තර 4කට විතරයි. අනිත් බිත්තර දෙක ලස්සන තීරු වලට කපලා පැත්තකින් තියාගන්න. ඒක පස්සෙ අපිට ඕන වෙනවා.
  • මේ වෙනකොට අල ටික තැම්බිලා ඇති. ඒකෙ වතුර පෙරලා අරන් හෙමිට පොතු ඇර ගන්න.
  • දැන් අල ටික තරමක් පොඩි කෑලි වලට කපා ගන්න ඕන.
  • ඇපල් කපා ගන්නත් වෙලාව හරි. ඇපල් ටිකත් තරමක් පොඩි කෑලි වගේ වෙන්න කපා ගන්නකෝ.
  • ඊට පස්සේ ටිකක් ලොකු භාජනයක් අරගෙන අල, බිත්තර, ඇපල්, සැල්දිරි ළුෑණු දාලා කලවම් කරගන්න.
  • දැන් පොඩි භාජනයක් අරගෙන ඒකට යෝගට්, මයොනීස්, තුන පහ, ලුණු, ගම්මිරිස් දාලා හොදට කලවම් කරගන්න. මේකට පොඩි භාජනයක් ගන්න කිව්වෙ නැත්තම් මේ මිශ්‍රණය භාජනය පුරාම ගෑවිලා ගන්න දෙයක් නැති වෙනවා ඒකයි.
  • දැන් ඒ මිශ්‍රණය අර බිත්තර කලවම් කරගත්ත භාජනයට පරිස්සමින් දාලා හෙමිහිට ඒ ටික කලවම් කරගන්න.
  • දැන් අවසන් වැඩේ. අර තිරු කපලා අයින් කරගත්ත බිත්තර ටික අමතක වුනා කියලා හිතුවද. නෑ නෑ ඒ ටික තියා ගත්තෙ සැලඩ් එක ලස්සන කරන්න. ඒ ටික අරගෙන ඔයාට කැමති විදියට ලස්සන කර ගන්න පුළුවන්.
  • කන්න කලින් මේක පොඩ්ඩක් වෙලා ෆ්‍රිජ් එකේ තියලා ගන්න. ඉවසීමක් නැතුවනෙ මෙච්චර වෙලා හිටියෙ නේහ්? හී හී.. :) :) එහෙනම් කාලා බලන්නකෝ.

වැදගත්:
  • මයොනිස් සහ සැල්දිරි ඔයාලට සුපර් මාකට් වලින් ගන්න පුලුවන්.

    පොටෝ ටිකත් බලන්නකෝ..
    අල ටික තැම්බෙන්න දැම්මට පස්සෙ මුලින්ම අපි කරන්න ඕන දේ තමයි බිත්තර 4ක් පොඩි පොඩි කෑලි වගේ වෙන්න පොඩි කර ගන්න එක.

    ඉතුරු බිත්තර දෙක ලස්සන තීරු වලට කපලා ගන්න.

        ඇපල් ටිකත් පොඩි කෑලි වගේ වෙන්න කපා ගන්න.

    අල, බිත්තර, සැල්දරි වගේ දේවල් ටික එකට දාලා කලවම් කරගත්තට පස්සෙ වෙනම පොඩි භාජනයක් ඇරන් ඒකට යෝගට්, මයොනීස්, තුන පහ, ලුණු සහ ගම්මිරිස් ටික දාලා හොදට කලවම් කරලා මිශ්‍රණයක් හදාගන්න.

    ඊට පස්සෙ ඒ ටිකත් අල-බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරගන්න තමයි තියෙන්නෙ. එච්චරයි! වැඩේ ඉවරයි. ඊට ප්ස්සෙ පොඩ්ඩක් සරසා ගන්න පිළිගන්වන්න කලින්. මේ තියෙන්නෙ ඒ ඔක්කොම දේවල් ටික කරලා හදාගත්ත අපේ සැලඩ් එක.














    මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ eggs.ca වෙබ් අඩවියෙන්.
    wikitech.xyz
    wikitech.xyz

    Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

    Newer Posts
    Older Posts
    Comment