About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango, Cardamom Bread Pudding - අඹ, එනසාල් සමග පාන් පුඩින්

මීට කලින් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ එක එක විදිහට පාන් පුඩින් හදාගන්න විදිහ කියලා දුන්නත් මතක විදි…
Mango, Cardamom Bread Pudding - අඹ, එනසාල් සමග පාන් පුඩින්
මීට කලින් අපේ මේ ඉවුම් පිහුම් ඇප් එකේ එක එක විදිහට පාන් පුඩින් හදාගන්න විදිහ කියලා දුන්නත් මතක විදිහට අඹ දාපු පාන් පුඩිමක් හදන විදිහ නම් ඔයාලට කියලා දීලා නෑ නේද? ඉතින් ඔන්න දැන් මේ හදන්නෙ ඒ අඩුවත් පුරවලා ඔයාලට රසම රස පාන් පුඩිමක් හදාගන්න විදිහ කියලා දෙන්න. මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් අතුරුපසක්. ලේසියි වගේම හරි රසයි. ඉක්මනට හදාගන්නත් පුළුවන්. හදන්න ඕන කරන බඩු ටිකත් ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දේවල්නෙ. හරි! බලන්නකෝ එහෙනම් මේ පුඩිම හදන්නේ කොහොමද කියලා.. 
මේ තියෙන්නෙ මේ විදිහට හදපු පුඩින්.

අවශ්‍ය දේවල්:
  • පාන් පෙති 6
  • අඹ ගෙඩි 2
  • සුදු සීනි කෝප්ප 1/4
  • බිත්තර 3
  • කිරි කෝප්ප 2
  • වැනිලා තේ හැදි 1 1/2
  • එනසාල් කුඩු තේ හැදි 1 1/2
  • බටර් මේස හැදි 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අවන් එක ප්‍රී හීට් කරගන්න ඕන. ඒ කියන්නෙ අවන් එක වැඩේට කලින් රත්කර ගන්න ඕන. 175°C ට අවන් එක රත් වෙන්න දාලා ඒ අතරෙ අනිත් වැඩ ටික පටන්ගමු. හැබැයි අවන් එක රත්වුනා ඇති කියලා Off කරන්න නම් එපා! අන්තිමට පුඩින් මිශ්‍රණය අවන් එකට දානකොට අවන් එක එකම උෂ්නත්වයෙන් රත් වෙවී තියෙන්න ඕනෙ.
  • දැන් අඹ ගෙඩි ටික සෝදලා අරන් පොතු ඇරලා පොඩි පොඩි කොටු විදියට එන්න කපා ගන්න. අඹ කපනකොට ගෙඩිය පරිස්සමින් අල්ලගෙන කපන්න ඕන. නැත්තම් අඹ ගෙඩිය තැළුනොත් නියම රස නැති වෙනවා.
  • ඊළගට පාන් ටිකත් පොඩි පොඩි කෑලි වලට කඩාගන්න.
  • දැන් බිත්තර ටික අරන් හොදට බීට් කරගන්න. පල්ලෙහා දාලා තියෙන ෆොටෝ බලපුවහම තේරෙයි ඔයාලට කොයි වගේ මට්ටමටද බීට් කරගන්න ඕනෙ කියලා..
  • ඊට පස්සෙ අවන් එකට දාන්න පුළුවන් තැටියක් අරගෙන ඒකේ බටර් ටිකක් ගාගන්න. හතරැස් තැටියක් ගන්නවනම් ගොඩක් හොදයි. අනිත් දේ තමයි මේ තැටිය ටිකක් විතර ගැඹුරු එකක් වෙන්න ඕනෙ. නැත්තම් පුඩින් එක හදලා ඉවර වුනාම බිස්කට් වගේ තුනී වෙයි.
  • ඔන්න දැන් මුලින් කරන්න තියන වැඩටික සේරම ඉවරයි. දැන් කපාගත්ත අඹ ටිකයි, පාන් ටිකයි එකට කලවම් කරන්න.
  • ඊට පස්සේ අර බටර් ගාපු තැටිය අරන් කලවම් කරගත්ත අඹයි පානුයි ඒ තැටියෙ අතුර ගන්න.
  • දැන් වෙනම භාජනයක් අරන් සීනි, බිත්තර, කිරි, වැනිලා, එනසාල් ඒකට දාලා හොදට කලවම් කරන්න.
  • ඊළගට කරන්න තියෙන්නේ මේ හදාගත්ත මිශ්‍රණය තැටියේ තියන පාන් මිශ්‍රණය උඩින් දාන එක.
  • අන්තිමටම මිශ්‍රණයේ තැනින් තැනට බටර් ටිකක් දාන්න. මේකනම් කරන්න ඕනෙත් නැහැ.
  • දැන් එහෙනම් කලින් රත් වෙන්න තියපු අවන් එකට මේක දාලා ඒ උෂ්ණත්වෙන්ම විනාඩි 45-50 ක් බේක් කර ගන්න. මේක හොදට බේක් වුනාම ලස්සන රන්වන් පාටක් එනවා..
මේ ගානට බිත්තරේ ටික බීට් කරගන්න. මේ වගේ පෙන එන ගානට.

මේ තියෙන්නෙ මෙහෙම හදාගත්ත පුඩින් ටික. ඔයාලට කැමතිනම් එක තැටියක සම්පූර්ණ පුඩින් එකම හදන්න පුලුවන් උඩ ලිපියේ කියලා තියෙනවා වගේ. නැත්නම් මේ වගේ භාජන කිහිපයක හදාගන්නත් පුලුවන් දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.
















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. පරිවර්තනයක් කිව්වට ඇත්දැකීම් වලින් ලබාගත් කරුනුත් මේ ලිපියට ඇතුලත් කරලා තියෙනවා. මුල් ලිපිය ලබාගත්තේ allrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment