About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Cheesy Italian Rice - සොසේජස්, චීස් මිශ්‍ර ඉතාලි ක්‍රමයට සෑදූ බතක්

මේ කියලා දෙන්න යන්නෙ ඉතාලි ක්‍රමයට සොසේජස්, චීස් එහෙම දාලා බතක් හදාගන්නේ කොහොමද කියලා.. මේක ඉතාලි ක…
Cheesy Italian Rice - සොසේජස්, චීස් මිශ්‍ර ඉතාලි ක්‍රමයට සෑදූ බතක්
මේ කියලා දෙන්න යන්නෙ ඉතාලි ක්‍රමයට සොසේජස්, චීස් එහෙම දාලා බතක් හදාගන්නේ කොහොමද කියලා.. මේක ඉතාලි කෑමක් වුනාට ලේසියෙන්ම හදාගන්න පුළුවන් බත් එකක්. උත්සව අවස්ථාවකදි වෙනස් විදියක බත් එකක් හදන්න හිතනවනම් මේක උත්සාහ කරලා බලන්න පුලුවන් ඔයාලට. හදන්නත් ගොඩක් අමාරු නැහැනෙ.

අවශ්‍ය දේවල්:

  • සුදු හාල් කෝප්ප 1
  • ඔලිව් තෙල් මේස හැදි 1
  • කොටු කපාගත් ළූණු ගෙඩි 1
  • පොඩිකරගත්ත සුදු ළූණු බික් 2
  • ලුණු
  • කපාගත්ත සොසේජස් කරල් 7-8
  • පොඩි නිවිති කොළ කෝප්ප 2
  • මොසරැල්ලා චීස් කෝප්ප 3/4
  • චෙඩා(ර්) චීස් කෝප්ප 1/2
  • දෙහි යුෂ

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කරන්න ඕන හාල් ටික හොදට සෝදලා බත් ටික උයාගන්න එක.
  • ඊට පස්සෙ ලිපේ ගින්දර ගානට තියාගෙන තෙල් ටික රත්කර ගන්න. ඒ කිව්වෙ මද ගින්නෙ තමයි තෙල් ටික රත්කරගන්න ඕනෙ. තෙල් ගොඩක් රත් වුනොත් ළූණු ටික කරවෙන්න පුලුවන්.
  • තෙල් රත් වුනාම ඒකට ළූණු, සුදු ළූණු දාලා ඒ ටික මෘදු වෙනකම් විනාඩි 6ක් විතර උයා ගන්න ඕනෙ.
  • ඊට පස්සෙ ලුණු චුට්ටක් එකතු කරන්න.
  • ඊට පස්සේ සොසේජස් ටික එකතු කරලා ඒ ටිකත් හොදට බැදෙන්න තියන්න.
  • දැන් අපි නිවිති ටික එකතු කරගන්න ඕනෙ.
  • දැන් උයාගත්ත බත් ටික ඒකට එකතු කරන්න වෙලාව හරි. බත් එකතු කරලා ඉවර වෙලා චීස් ජාති දෙකත් එකතු කරලා ඒ සේරම එකට එකතු වෙනකම් හොදට කලවම් කරන්න ඕනෙ. ඔන්න වැඩේ ඉවරයි!
  • එහෙම චීස් එහෙම දාලා අනාගත්තට පස්සෙ අනිතිමට දෙහි යුෂ පොඩ්ඩකුත් තව බත් එකට දාගෙන කෑමට ගන්න පුලුවන් ඔයාලට..

වැදගත්:
  • මොසරැල්ලා චීසුයි, චෙඩා(ර්) චීසුයි සුපිරි වෙළද සැල් වලින් ඔයාලට ගන්න පුළුවන්.
මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත බත් එක. දැන් ඉතින් කෑමට ගන්න තමයි තියෙන්නෙ..














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ delish.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment