About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Kathurumurunga Mal - කතුරුමුරුංගා මල් දැමූ පරිප්පු ව්‍යංජනය

මීට කලින් අපිට "අමු වැව් හාල් මැස්සො සම්බෝලය" එහෙම හදන විදිහ කියලා දුන්න අපේ මයුරි නිසංසල…
Kathurumurunga Mal - කතුරුමුරුංගා මල් දැමූ පරිප්පු ව්‍යංජනය
මීට කලින් අපිට "අමු වැව් හාල් මැස්සො සම්බෝලය" එහෙම හදන විදිහ කියලා දුන්න අපේ මයුරි නිසංසලා මිතුරිය ඔන්න අද අපිට "කතුරුමුරුංගා මල් දාපු පරිප්පු ව්‍යංජනයක්" හදන විදිහ කියලා දෙන්නයි මේ යන්නෙ. අපේ මයුරි මිතුරියත් ඔයාලා වගේම අපේ ඉවුම් පිහුම් ඇප් එක බලාගෙන කෑම හදන මිතුරියක්. කතුරුමුරුංගා මල් දැම්මට මොකෝ මේ විදිහට පරිප්පු හදන්න නම් පොඩ්ඩක්වත් අමාරු නෑ. හැබැයි හරිම රසයි මේ විදිහට හැදුවහම නම්. හැමදාම එකම විදිහට පරිප්පු හදන එකේ, කතුරුමුරුංගා මල් හොයාගන්න පුලුවන් වුන වෙලාවක එක පාරක් හරි මේ විදිහට පරිප්පු හදලා බලන්නකෝ එහෙනම්..

අවශ්‍ය දේවල්:

  • කතුරුමුරුංගා මල්
  • පරිප්පු ටිකක්
  • ලියා ගත් අමු මිරිස්
  • ලියා ගත් බී ලූණු
  • රම්පෙ, කරපිංචා
  • ⁣මිරිස් කුඩු ස්වල්පයක්
  • තුනපහ කුඩු ස්වල්පයක්
  • උළුහාල් ටිකක්
  • ලුණු, ගොරකා
  • මිටි කිරි අඩු කෝප්ප 1ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කතුරුමුරුංගා මල් වල රේණු සහ නාරටි ඉවත් කර සෝදා පිරිසිදු කර ගෙන වතුර බේරිමට ටික වේලවක් තබන්න.
  • ඊට පස්සෙ පරිප්පු ටික තැම්බෙන්න තියන්න. එයට කතුරුමුරුංගා මල් සහ මිටි කිරි හැර අනෙක් සියල්ලම දාන්න. මං නම් පරිප්පු වලට ආස හින්ද පරිප්පු ටිකක් වැඩිපුර දැම්මා.
  • පරිප්පු ටික ගානට තැම්බුනහම ඒකට කතුරුමුරුංගා මල් ටික එකතු කරල ලිපේ ගින්දර අඩු කරල ටික වෙලාවක් පිස ගන්න.
  • අවසානෙට මිටි කිරි එකතු කරලා අවශ්‍ය ගානට හින්දා ගෙන ලිපෙන් ඉවත් කරගන්න.
මේ තියෙන්නෙ කතුරුමුරුංගා මල්.

මේ තියෙන්නෙ කතුරුමුරුංගා මල් දාලා හදාගත්ත රසම රස පරිප්පු ව්‍යංජනය.
















ලිපිය ලිව්වේ මයුරි නිසංසලා මිතුරිය. අපිට මේ විදිහට "කතුරුමුරුංගා මල් දාලා පරිප්පු" හදාගන්න විදිහ කියලා දුන්න අපේ මිතුරියට ගොඩක් ගොඩක් ස්තූතියි නේද? බොහොම ස්තූතියි මයුරි මිතුරියට! මයුරි මිතුරියව ඇයගේ තවත් ලිපියකින් ඉක්මනටම හමු වෙමුකෝ එහෙනම්..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment