About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Potato Curry with Curd - මුදවපු කිරි සමග අල

මුදවපු කිරි අතුරුපසක් විදියටනෙ අපි ගොඩක් දෙනක් කෑමට ගන්නේ. ඔන්න අද කියලා දෙන්නෙ ගෙදර තියන අල එක්ක ම…
Potato Curry with Curd - මුදවපු කිරි සමග අල
මුදවපු කිරි අතුරුපසක් විදියටනෙ අපි ගොඩක් දෙනක් කෑමට ගන්නේ. ඔන්න අද කියලා දෙන්නෙ ගෙදර තියන අල එක්ක මුදවපු කිරි දාලා හදන කෑමක් හදාගන්න විදිහ ගැන. අල හොද්දක්, එහෙමත් නැත්නම් අල කරියක් කියලා තමයි මේකට කියන්න වෙන්නෙ. මේක හදාගන්න නම් හරිම ලේසියි. බත් එක්ක වගේම පාන් එක්ක වුනත් මේක කෑමට ගන්න පුළුවන්..

අවශ්‍ය දේවල්:

  • අල කෝප්ප 2 (තම්බලා පොතු ඇරලා කොටු කපා ගත්ත අල )
  • අබ තේ හැදි 1/4
  • මහදුරු තේ හැදි 1/2
  • කහ කුඩු 1/8
  • ගා ගත් චීස් පොඩ්ඩක් (චීස් ඕනම දෙයක් නෙමේ මේක හදන්න. චීස් ඔන වෙන්නෙ සරසගන්න විතරයි.)
  • මුදවපු කිරි කෝප්ප 1/2
  • කඩල පිටි තේ හැදි 1/2
  • සූදුරු තේ හැදි 1/2
  • කුරුදු පොතු 1
  • මිරිස් කුඩු තේ හැදි 1
  • ගී/ බටර් මේස හැදි 1
  • කරාබු නැටි
  • ලුණු

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම අපි අල ටික තම්බලා පොතු ඇරලා කොටුවට කපාගෙන පැත්තකින් තියාගන්න ඕනෙ. අල ටික අපිට ඕන වෙන්නෙ වැඩේ අන්තිමට. දැන් ඉතුරු වැඩ ටික කරමු.
  • මුලින්ම භාජනයක් අරගෙන ඒකට මුදවපු කිරියි කඩල පිටියි දාලා හොදට කලවම් කර ගන්න(බිත්තර ගහන උපකරණයක් වගේ එකකින් මේක ලේසියෙන්ම කරන්න පුළුවන්).
  • දැන් භාජනයක් ලිපේ තියලා බටර් හරි ගී හරි දාලා ඒකට අබ ඇට ටික දාන්න. අබ ඇට පුපුරනකම් එහෙම්ම තියන්න ඕන.
  • ඊට පස්සේ සූදුරු, මහදුරු, කරාබු නැටි 1-2ක්, කුරුදු පොත්තත් මේකට දාලා හොදට කලවම් කරන්න.
  • අපි කලින් හදාගත්ත මුදවපු කිරි මිශ්‍රණය මේකට එකතු කර ගන්න වෙලාව හරි. ඒ එක්කම කහ කුඩුයි මිරිස් කුඩුයිත් එකතු කර ගන්න ඕන. ඊට පස්සේ මේ ටික සේරම උතුරනකම් රත්කර ගන්න.
  • දැන් ඉතුරු වෙලා තියෙන්නෙ පොඩි වැඩයි. තම්බලා කොටු කපා ගත්ත අල ටික අරගෙන මේ මිශ්‍රණයට දාගන්න. ලුණු චුට්ටකුත් දාගන්න. ඒ එක්කම වතුර කෝප්ප 1-2ක් දාලා හොද්ද හොදට උතුරන්න තියන්නයි තියෙන්නේ. ගොඩක් උකු හොද්දක් ඕනනම් ටිකක් වැඩිපුර වෙලා ලිපේ තියා ගන්න පුළුවන්.
  • ඔන්න වැඩ ඔක්කොම ඉවරයි! දැන් ඉතින් පාන් කෑල්ලක් එක්ක හරි බත් ටිකක් එක්ක හරි රස බලන්න පුලුවන් ඔයාලට.

පොටෝ ටිකත් බලන්නකෝ..
මුලින්ම අල ටික තම්බලා පොතු ඇරලා කොටුවට කපාගෙන පැත්තකින් තියාගන්න.

මේ මුදවපු කිරියි කඩල පිටියි දාලා හොදට කලවම් කරගෙන.

භාජනයක් ලිපේ තියලා ඒකට මේ වගේ බටර් හරි ගී හරි දාලා ඊට පස්සෙ අබ ඇට ටික දාගන්න. මේ අබ ඇට ටික පුපුරනකම් එහෙම්ම තියන්න ඕන. ඊට පස්සෙ සූදුරු, මහදුරු, කරාබු නැටි 1-2ක්, කුරුදු පොත්තත් මේකට දාලා හොදට කලවම් කරගන්න. මේ තියෙන්නෙ නම් "බේ" කොළයක්. ඒවා ඕනම නෑ මේක හදන්න.

මේ ඒකට මුදවපු කිරි මිශ්‍රණය එකතු කරගෙන. මේකට කහ කුඩු, මිරිස් කුඩු දාගෙන සේරම උතුරනකම් රත්කර ගන්න ඕනෙ. ඊට පස්සෙ තියෙන්නෙ අල ටික දාගන්න එක.

මෙහෙම හදාගන්න හොද්ද ඔයාලට පාන් කෑල්ලක් එක්ක හරි බත් ටිකක් එක්ක හරි රස බලන්න පුලුවන්. හදලා බලන්නකෝ එහෙනම් ඔයාලත් වෙලාවක.. වෙනස්ම අත්දැකීමක් වෙයි ඔයාලට.















මේ ලිපිය සයුරි මහවත්ත මිතුරිය විසින් ඉවුම් පිහුම් ඇප් එක වෙනුවෙන් සිංහලට කරපු පරිවර්තනයක්. එයා මුල් ලිපිය ලබාගෙන තියෙන්නෙ visualrecipes.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment