About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango Crunch Cookies - මැන්ගො ක්‍රන්ච් කුකීස්

අපි අද ඔන්න හදන්න යන්නේ කුකී එකක්. ඒ කියන්නෙ රසම රස බිස්කට් එකක්. මේකට අපි අඹ එකතු කර ගන්න නිසා අනි…
Mango Crunch Cookies - මැන්ගො ක්‍රන්ච් කුකීස්
අපි අද ඔන්න හදන්න යන්නේ කුකී එකක්. ඒ කියන්නෙ රසම රස බිස්කට් එකක්. මේකට අපි අඹ එකතු කර ගන්න නිසා අනිත් ඒවට වඩා විශේෂ රසයක් මේකෙ තියනවා. හදන්න නම් හරිම ලේසියි. හදාගත්තට පස්සෙ හුලන් වදින්නෙ නැති වෙන්න තියාගත්තොත් ඔයාලට මේ කුකීස් සතියකට විතර නරක් නොවී තියාගන්න පුලුවන්. හරි! බලන්නකෝ එහෙනම් මේ කුකීස් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දෙවල්:
  • බටර් ග්‍රෑම් 140
  • දුඹුරු සීනි ග්‍රෑම් 50(කුඩු කරගත්)
  • බිත්තර කහමද 1
  • වැනිලා තේ හැදි 1
  • මේපල් සිරප් මේස හැදි 1 (සුපිරි වෙළදසැල් වල තියෙනවා.)
  • කුඩාවට කපාගෙන පොඩි කරගත්ත අඹ ග්‍රෑම් 100
  • පිටි ග්‍රෑම් 175
  • අයිසින් සීනි ග්‍රෑම් 200
  • අඹ ජූස් මේස හැදි 3
  • ස්ප්‍රින්ක්ල්ස් (කේක් සරසාගන්න වගේ වැඩවලට ගන්න දෙයක්. කඩවල් වල ගන්න තියෙනවා.)

සාදාගන්නා ආකාරය:
මුලින්ම කුකීස් මිශ්‍රණය හදාගන්න ඕනෙ,

  • මුලින්ම කරන්න ඕන දේ තමයි අවන් එක 180°C ට "ප්‍රී හීට්" කරන එක. ඒ කිව්වෙ අනිත් වැඩ මොකුත්ම කරන්න කලින් අවන් එක රත් වෙන්න දාලා ඒ වැඩ ටික කරන්න පටන් ගන්න ඕනෙ ඔයාලා. මේකෙදි නම් අපි කුකීස් මිශ්‍රණය හදාගෙන ඉවර වෙනකොට අවන් එක ගානට රත්වෙලා තියෙන්න ඕනෙ.
  • දැන් භාජනයකට බටර්, සීනි ටික දාලා සැහැල්ලු ක්‍රීම් එකක් වෙනකම් හොදට කලවම් කරන්න. සීනි ටික දියවෙනකම් කරලවම් කරගන්නයි ඕනෙ. මෙහෙම කලවම් කරගන්න ඔයාලට "Palette knife" එකක් (ෆොටෝ එකක් පල්ලෙහා දැම්මා) හරි ලී හැන්දක් වගේ දෙයක් හරි පාවිච්චි කරන්න පුලුවන්.
  • ඊට පස්සෙ ඒකට බිත්තර කහ මදය, වැනිලා, මේපල් සිරප්, පොඩි කරගත්ත අඹ ටික කියන සේරම දේවල් දාලා ආයෙත් කලවම් කරන්න ඕනෙ.
  • දැන් පිටිත් ටික ටික එකතු කරලා හොදට පිටි බෝලයක් (පිටි මෝලියක්/ බිස්කට් මෝලියක්) වගේ එකට අනා ගන්න පුලුවන් මට්ටමට එනකන් මේ මිශ්‍රණය අනා ගන්න. මේක අතින් මිශ්‍ර කරගන්නවනම් ගොඩක් ලේසියි.
  • ඊළගට කරන්න තියෙන්නෙ ඒ මිශ්‍රණය හොදට බෝලයක් වගේ වෙන්න හදලා විනාඩි 20ක් පැත්තකින් තියල තියන එක.

දැන් කුකීස් හදන්න පටන් ගමු,
  • ඔයාගෙ ගෙදර තියෙනවාද රෝලින් පින් එකක්? අර පිටි තුනී කරන්න එහෙම ගන්නෙ! එහෙමත් නැත්නම් ඒ වෙනුවට හදාගත්ත මේ පිටි ගුලිය තුනී කරගන්න යොදාගන්න පුලුවන් මොකක් හරි දෙයක් ඇරන් තරමක් ඝනකමක් තියෙන්න මේ පිටි බෝලය තුනීකර ගන්න ඕනෙ.
  • ඊට පස්සෙ ඒකෙන් තමන්ට කැමති කැමති හැඩවලට කුකීස් හැඩ කපා ගන්න. මේකට "බිස්කට් කපන කටර් එකක්" පාවිච්චි කරනවනම් ලොකු කුකීස් වලට 10cm කටර් අරන් පොඩි කුකීස් වලට 5cm කටර් ගන්න.
  • දැන් අවන් එකට දාන ට්‍රේ එකක් අරන් ඒකට තෙල් කොළයක් දාලා එහෙම නැත්තන් බටර් ගාගෙන අර කපා ගත්ත කුකීස් ටික ඒ ට්‍රේ එකේ පිළිවෙලට ටිකක් ඈතින් ඈතින් තියන්න.
  • ඔන්න දැන් බේක් කරන්නයි තියෙන්නෙ. කලින් රත් කර ගත්ත අවන් එකේ විනාඩි 12-15 විතර මේක දාලා බේක් කරන්න. හරියට බේක් වුනාම ලස්සන රන්වන් පාටක් වෙනවා.
  • දැන් කුකීස් ටික එළියට අරන් අවන් එකේ තියන යකඩ දැල උඩින් ඒ ටික තියලා නිවෙන්න අරින්න.

තව පොඩි වැඩයි තියෙන්නෙ. ඒ තමයි නිමුනට පස්සෙ සරසගන්න එක,
  • අඹ ජූස් එක්ක අයිසින් සීනි ටිකක් කලවම් කරලා කුකීස් උඩින් වක්කර ගන්නත් පුළුවන්. එහෙම නැත්තන් අයිසින් සීනී ටිකක් බිස්කට් උඩින් ඉහගෙන ස්ප්‍රින්ක්ල්ස් වලින් සරසගන්න පුළුවන්.
  • මේ විදියට හදාගත්ත කුකීස් ටික ටින් එකක දාලා සතියක් වගේ වෙනකම ඔයාලට තියාගෙන කන්න පුළුවන්. එච්චරයි! වැඩේ ඉවරයි!

වැදගත්:
  • මේපල් සිරප් එක සුපිරි වෙළදසැල් වලින් හරි කේක් බඩු තියන කඩවලින් හරි ගන්න පුළුවන්.
  • ස්ප්‍රින්ක්ල්ස් කියන්නෙ කේක් සරසන්න වගේ වැඩවලට ගන්න පාට පාට පොඩි කෑලි වගේ තියන දෙයක්. ඩෝනට් වල මේවා උඩින් ඉහලා තියෙනවා එහෙම ඔයාලා දැකලා ඇති. මේවත් කේක් බඩු තියන කඩවල, සුපිරි වෙළදසැල් වල ඕන ඕන පාට වලින් කැමති විදියට ගන්න තියනවා.

පොටෝ ටිකත් බලන්නකෝ..
 මේ තියෙන්නෙ "Palette knife" එකක් සහ ලී හැන්දක්.

මේ තියෙන්නෙ රෝලින් පින් එකක්. මේකක් අපිට ඕන වෙනවා අපි හදාගන්න පිටි ගුලිය තුනී කරගන්න. රෝලින් පින් එකක් නැත්නම් ඒ වෙනුවට වීදූරු බෝතලයක් වගේ දෙයක් පාවිච්චි කරන්න.

මේ තියෙන්නෙ කුකී කටර් එකක්. ඒ කිව්වෙ බිස්කට් කපන කටර් එකක්. අර තුනී කරගන්න පිටි මිශ්‍රණයෙන් මේවා පාවිච්චි කරලා තමයි අපි බිස්කට් එක එක හැඩවලට කපාගන්නෙ. අපි හැමෝම ලග මේවා නෑනෙ. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඔයාලට මේවා වෙනුවට යොදාගන්න පුලුවන් මොකක් හරි දෙයක් ගෙදරින්ම හොයාගන්න පුලුවන් වෙයි.

මේ තියෙන්නෙ මේ විදිහට හදාගත්ත කුකීස් ටික අන්තිමට සරසාගත්තට එහෙම පස්සෙ. ලස්සනයි නේද? ලස්සන, රස, වගේම තමයි සුවදත්. දැන් ඉතින් වැඩ ඔක්කොම ඉවර එකේ කුකීස් ටික කෑමට ගන්න පුලුවන්..














මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ bbcgoodfood.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment