About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mango Mousse - මැන්ගො මූස්

ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ අඹ වලින් රසම රස අතුරුපසක් හදාගන්න පුලුවන් විදිහක් ගැන. මේකට කියන්නෙ …
Mango Mousse - මැන්ගො මූස්
ඔන්න දැන් මේ කියලා දෙන්න යන්නෙ අඹ වලින් රසම රස අතුරුපසක් හදාගන්න පුලුවන් විදිහක් ගැන. මේකට කියන්නෙ "මැන්ගො මූස්" එකක් කියලා. හරිම රසයි අඹ මේ විදිහට හදපුවහම. "මැන්ගො මූස්" කියන නම කියපු ගමන්ම තේරෙනවානේ මේක හදන්නෙ අඹ වලින් කියලා නේද? ඉතිං මේ වැඩේට කර්තකොලොම්බන් වගේ හොද අඹ වර්ගයක් හොයා ගත්තොත් තමයි ගොඩක් හොද. කර්තකොලොම්බන් වගේ අඹ වර්ග වලින් නියම රසට හදාගන්න පුළුවන් මේ මූස් එක. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:

  • අඹ ග්‍රෑම් 200 (පල්ප් එකක් වගේ හදා ගන්න. කුඩාවට කපලා පොඩි කරගන්නත් පුළුවන් නැත්තන් බ්ලෙන්ඩර් එකකට දාලා වතුර එකතු නොකර මිශ්‍ර කර ගන්න.)
  • ජෙලටින් ග්‍රෑම් 10
  • සීනි ග්‍රෑම් 50
  • විපින් ක්‍රීම් ග්‍රෑම් 300
  • බිත්තර කහ මද 2

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම බිත්තර දෙකේ කහ මද වෙන් කර ගන්න ඕන. (මේක කරන්නෙ කොහමද කියල දැන් හිතෙයි. හරි ලේසියි! බිත්තර කට්ට උඩින් ටිකක් කඩාගෙන හෙමින් සැරේ සුදු මදය වෙන භාජනයකට හලා ගන්න. දැන් බිත්තර කටුව ඇතුළෙ ඉතුරු වෙලා තියෙන්නෙ කහ මදය විතරයී.)
  • දැන් කහ මද ටික වෙනම භාජනයකට දාගෙන ඒකට සීනි ග්‍රෑම් 25ක් විතර දාලා කලවම් කරන්න. මේක කරන්න ඕන හැබැයි "ඩබල් බොයිල්" ක්‍රමයට ("ඩබල් බොයිල්" ක්‍රමය ගැනනම් ඉවුම් පිහුම් ඇප් එකේ සෑහෙන්න වතාවක් කියලා දීලා තියෙනවා. ඔන්න අපේ අලුත් කට්ටියට දැනගන්න කියලා මේ ලිපියේ යට වැදගත් කියන කොටසේ ආපහු දැම්මා "ඩබල් බොයිල්" ක්‍රමය ගැන.). ඒ ටික හොදට කලවම් උනාම ටිකක් ප්‍රමාණයෙන් වැඩි ගතියක් මිශ්‍රණෙන් පේන්න තියනවා.
  • ඒ ගානට ඩබල් බොයිල් කරගත්තට පස්සේ ජෙලටින් ටික ඒකටම එකතු කරගන්න.
  • ඒ ටිකත් හොදට කලවම් කරගත්තට පස්සෙ මිශ්‍රණය ලිපෙන් අයින් කරගන්න.
  • දැන් තමයි අඹ එකතු කරන්න නියම වෙලාව. ලිපෙන් බා ගත්ත මිශ්‍රණයට අඹ ටික එකතු කරලා කලවම් කරන්න. සේරම අඹ දාන්න එපා. ටිකක් විතර පැත්තකින් අයින් කරන්න. අපිට ඉස්සරහට ඕන වෙනවා.
  • අපි කලින් ගත්තේ සීනි වලින් භාගයයිනෙ. දැන් ඉතුරු ටික අරගෙන වෙන භාජනයකට දාලා විප් ක්‍රීම් ටිකත් එක්ක හොදට බීට් කර ගන්න(බීටර් එකක් පාවිච්චි කරොත් වැඩේ ලේස්යී).
  • මේ වැඩේ මේ විදියට කරනකම් කලින් හදා ගත්ත බිත්තර මිශ්‍රණය නිවෙන්න තියන්න.
  • ඒක හොදටම නිමුනට පස්සේ බිත්තර මිශ්‍රණයට විපින් ක්‍රීම් මිශ්‍රණය එකතු කර ගන්නවා.
  • මේ වෙලාවෙදී බිත්තර මිශ්‍රණයේ ප්‍රමාණය අඩු වෙන්නැති විදියට විපින් ක්‍රීම් එකතු කර ගන්න ඕනෙ. ඒකත් හෙමින් සැරේ කලවම් කර ගන්න. දැන් වැඩ ඉවරයි.
  • ඊළගට ලස්සන ඩෙසට් කප් එකක්(අතුර්පස පිළිගනවන වීදුරුවක්) අරගෙන අර හදා ගත්ත මිශ්‍රණය පරිස්සමට ඒකට එකතු කර ගන්න. විනිවිද පේන කප් එකක් මේ වැඩේට ගත්තොත් රස විතරක් නෙමේ ලස්සනත් බලන්න පුළුවන්.
  • මේ විදියට මිශ්‍රණය ඩෙසට් කප් එකට දාලා ඉවර වෙලා ඒක උඩින් ඉතුරු කරගත්ත අඹ මිශ්‍රණය ලස්සනට දාගන්න.
  • ඔන්න දැන්නම් වැඩ් ඉවරයි. ඒත් දැන්ම කන්නනම් බැහැ. මේක අතුරුපසක්නෙ, ඒ හින්දා සීතල වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න ඕන. පැය 6-7ක් විතර තියලා ගත්තට පස්සෙ නියම ගානට මූස් එක එනවා. ඊට පස්සෙ සීතලේම කාලා රස බලන්න පුළුවන් පුලුවන් ඔයාලට.

වැදගත්:
  • ඩබල් බොයිල් ක්‍රමය [Double Boil Method] කියන්නෙ කුඩා බදුනක් සහ එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනක් ගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ වතුර මත තබා කුඩා බදුනෙහි මොනවා හරි දිය කර ගන්න එකට. මෙහෙම කරපුවහම අර පොඩි භාජනේ තියෙන දේවල් ටික අනවශ්‍ය විදිහට කරවෙන එක එහෙම වලක්වාගන්න පුලුවන්. ඒ එක හේතුවක්.
  • විපින් ක්‍රීම් අපිට සුපර් මාර්කට් එකකින් හරි නැත්තන් කේක් බඩු තියන කඩවල් වලින් වුනත් ගන්න පුළුවන්. ජෙලටිනුත් එහෙමයි.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ මේක හදන්න ගත්ත දේවල් ටික.

මේ කහ මදයි, සීනියි ඩබල් බොයිල් කරගන්න ලෑස්තිවෙන ගමන්.

ගානට ඩබල් බොයිල් කරගත්තට පස්සේ ජෙලටින් ටික ඒකටම එකතු කරගෙන තව ටිකක් කලවම් කරගන්න ඕනෙ. ඊට පස්සෙ තමයි වතුර එකෙන් ඉවත් කරගන්න ඕනෙ මේ භාජනේ.

ඊට පස්සෙ ඒකට අඹ ටික එකතු කරලා කලවම් කරන්න.

මේ සීනි, විප් ක්‍රීම් එක්ක හොදට බීට් කර ගන්න ගමන්.

මේ බිත්තර මිශ්‍රණයට විපින් ක්‍රීම් මිශ්‍රණය එකතු කර ගන්න ගමන්.

ඊට පස්සෙ මේ වගේ වීදුරුක් (ඩෙසට් කප්) හරි මේ අතුරුපස අමුත්තන්ට සංග්‍රහ කරන්න පුලුවන් ඔයාලා ළග තියෙන ලස්සන වීදුරුවක් හරි මොකක් හරි එකක් ඇරගෙන ඒකට අර හදා ගත්ත මිශ්‍රණය පරිස්සමට ඒකට එකතු කර ගන්න ඕනෙ.

ඊට පස්සෙ මේ ඒ මිශ්‍රණය උඩින් කලින් අපි ඉතුරු කර ගත්ත අඹ මිශ්‍රණය ලස්සනට දාගන්න ගමන්.

මේ තියෙන්නෙ ඔය වැඩ ඔක්කොම ටික ඉවරකරලා ෆ්‍රිජ් එකේ තියාගත්ත අපේ රසම රස මූස් එක. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ ඔන්න. මේවනම් එකක් කෑවට මදිවෙයි වගේ නෙහ්?.. හී හී :) :)















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ lookandcook.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment