About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Bombay Potatoes - බොම්බේ විදියට හදාගත්ත අල

හැමදාම ලංකාවෙ විදිහට අල තෙල් දාලා කන එකේ, බොම්බේ විදියට අල හදලා කමුද වෙනසකටත් එක්ක? ඉතින් ඔන්න දැන්…
Bombay Potatoes - බොම්බේ විදියට හදාගත්ත අල
හැමදාම ලංකාවෙ විදිහට අල තෙල් දාලා කන එකේ, බොම්බේ විදියට අල හදලා කමුද වෙනසකටත් එක්ක? ඉතින් ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ඒ විදිහට අල හදාගන්නේ කොහොමද කියලා.. "ඉවුම් පිහුම්" ඇප් එකේ මීට කලින් අල හදන විදි සෑහෙන්න කියලා දීලා තියෙනවානෙ. මේක ටිකක් වෙනස්, ඒ වගේම මේ විදිහට හදපුවහම හරි රසයි. මේ විදිහට හදපු අල බත් එක්ක දවල්ට හරි රෑට හරි කන්න වගේම පාන් එක්ක සැන්ඩ්විච් කරලා කන්නත් හොදයි. හදන්න ගොඩක් දේවල් ඕන වෙන්නෙත් නැහැ.

අවශ්‍ය දේවල්:

  • තම්බලා පොඩියට කපාගත්තු අල ගෙඩි 6
  • සූරියකාන්ත තෙල් මේස හැඳි 2 (පොල්තෙල් වගේම එළවලු තෙලුත් ගන්න පුලුවන්)
  • අබ ඇට තේ හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1
  • ගරම් මසාලා තේ හැඳි 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 1/2
  • හොදට හෝදලා පොඩියට කපාගත්තු නැවුම් කොත්තමල්ලි කොල තේ හැඳි 2 (සරසගන්න)

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම තෙල් ටික සාස්පානකට දාලා රත්වෙන්න හරින්න.
  • ඊට පස්සෙ මේ රත් වෙච්ච තෙල් වලට අබ ඇට, කහ කුඩු, මිරිස් කුඩු දාලා විනාඩි කිහිපයක් බැදෙන්න හරින්න ඕනෙ.
  • දැන් අල ටික මේ මිශ්‍රණයට දාලා අල කෑලි ටික හොදට අපේ තුනපහ එක්ක මිශ්‍ර වෙනකන් කලවම් කරගන්න.
  • ඊට පස්සෙ මේ සාස්පාන වහලා විනාඩි 10-15 ක් ඉවෙන්න හරින්න ඕනෙ. දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි.
  • ඊට පස්සෙ අපහු අල ටික ටිකක් කලවම් කරලා, කොත්තමල්ලි කොල ටික උඩින් ඉහලා පිලිගන්වන්න පුලුවන් ඔයාලට. එච්චරයි! වැඩේ ඉවරයි!

එහෙම නැත්නම්,
  • ඔයාලට ඕන නම් අල ටික තුනපහ එක්ක දාලා තිබ්බ විනාඩි 15ට පස්සේ, මේ අල වලට මිටි කිරි (උකු පොල් කිරි) කෝප්ප 1/2කුයි වතුර කෝප්ප 1/4කුයි එකතු කරලා හොද්දක් හදාගන්න පුලුවන්. මිටි කිරියි වතුරයි දැම්මට පස්සෙ පොඩ්ඩක් අල ටික හොද්දත් එක්ක කලවම් වෙන්න හැදි ගාගෙන හොද්ද උතුරනකන් ලිපේ තියාගන්න. කැමතිනම් හොද්ද උතුරනකන් භාජනේ වහන්නත් පුලුවන් ඔයාලට. ඊට පස්සෙ හොද්ද හැදිලා ඉවර වුනහම කොත්තමල්ලි කොළ එකතු කරගන්න. මේ හොද්ද එක්ක චපාති එහෙම කන්න පුලුවන් ඔයාලට.

වැදගත්:
  • කිරි දාන්නෙ නැතුව හදන ක්‍රමයේදිත් අල ටික නිවුනට පස්සෙ තමයි කොත්තමල්ලි කොළ ටික දාගන්න ඕනෙ. ඒ කියන්නෙ පිළිගන්වන්න කලින් දාගත්තනම් හරි. නැත්නම් කොත්තමල්ලි කොළ වල රසය නැති වෙනවා. හොද්ද හදනකොටත් එහෙමයි. හොද්ද නිවුනට පස්සෙ තමයි කොත්තමල්ලි කොළ ටික දාගන්න ඕනෙ.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ තම්බලා පොතු හැරලා පොඩියට කපාගත්තු අල ටික.

මේ බැදෙන්න දාපු තුනපහ.

එතකොට මේ තියෙන්නෙ තුනපහ එක්ක හොදට කලවම් කරගත්ත අල ටික. දැන් නිවුනට පස්සෙ කොත්තමල්ලි කොළ ටික දාගත්තනම් වැඩේ ඉවරයි.

මේ තියෙන්නෙ ඒ විදිහට හදාගත්ත "බොම්බේ විදියට හදපු අල" ටික.

මේ තියෙන්නෙ තව පොඩ්ඩක් වැඩි වැඩක් කරලා කිරි එහෙම දාලා හදාගත්ත අපේ අල හොද්ද. මේක අමතර දෙයක් හොදේ..















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ netmums.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment