About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Mushroom Masala - බිම්මල් මසාලා

ඔන්න දැන් කියාලා දෙන්න යන්නෙ රසම රසට "බිම්මල් මසාලා" හදන්නේ කොහොමද කියලා.. මස් මාළු කන්නෙ…
Mushroom Masala - බිම්මල් මසාලා
ඔන්න දැන් කියාලා දෙන්න යන්නෙ රසම රසට "බිම්මල් මසාලා" හදන්නේ කොහොමද කියලා.. මස් මාළු කන්නෙ නැති අයට ඒ වෙනුවට කන්න ගන්න පුලුවන් ගොඩක් රසවත් කෑමක් තමයි මේ බිම්මල් මසාලා කියන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ සාමාන්‍ය කෑම වේලකට වගේම උත්සවයක් තියන වෙලාවකටත් බත් එක්ක මේ බිම්මල් මසාලා ගැළපෙනවා. ඒ විතරක් නෙමෙයි රොටී, චපාති වගේ දෙයක් එක්ක වුනත් කෑමට ගන්න පුළුවන්. බිම්මල් වල අඩු කැලරි ප්‍රමාණයක් තියන නිසා ඕනම කෑම වේලකට එකතු කර ගන්න පුළුවන්. බලන්නකෝ එහෙනම් මේ බිම්මල් මසාලා හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • කපාගත් බිම්මල් ග්‍රෑම් 250
  • කපාගත් ළූණු ගෙඩි 2
  • කපාගත් තක්කාලි ගෙඩි 1
  • කරපිංචා කොළ 7-8
  • රම්පෙ කොළ කෑල්ලක්
  • කපාගත් අමු මිරිස් කරල් 2-3
  • තලාගත් ඉගුරු මේස හැදි 1/2
  • තලාගත් සුදු ළූණු තේ හැදි 1/2
  • සූදුරු තේ හැදි 1
  • මහදුරු තේ හැදි 1
  • කුරුදු පොතු 1
  • මිරිස් කුඩු තේ හැදි 1
  • අබ තේ හැදි 1
  • කොත්තමල්ලි කුඩු තේ හැදි 2
  • කහ කුඩු තේ හැදි 1/2
  • ලුණු චුට්ටක්
  • බැදපු තුනපහ තේ හැදි 1
  • ගරම් මසාලා තේ හැදි 1/2
  • සීනි තේ හැදි 1/4
  • කොත්තමල්ලි කොළ
  • තෙල් මේස හැදි 2

සාදාගන්නා ආකාරය:
  • ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ තමයි කපාගත්ත බිම්මල් ටික හොදට සෝදා ගන්න එක. සෝදලා ඉවර වෙලා බිම්මල් ටිකේ තෙත ගතිය යනකම් පැත්තකින් තියලා තියන්න.

දැන් වැඩේ පටන් ගමු,
  • මුලින්ම ටිකක් කට පළල භාජනයක් අරගෙන ලිපේ තියලා ඒකට තෙල් ටික දාගෙන තෙල් ටික රත්කරගන්න.
  • තෙල් ටික රත් වුණාම ඒකට අබ දානවා. දන්නවනේ රත්වෙච්ච තෙල් එකකට අබ දැම්මම මොකද වෙන්නෙ කියලා. අබ පුපුරනවා. (ඉවුම් පිහුම් වැඩ වලට අලුත් කට්ටිය චුට්ටක් පරෙස්සමින් වැඩේ කරන්න ඕනෙ.)
  • අබ පුපුරගෙන එනකොටම ඒකට අපි එකතු කරනවා සූදුරු, මහදුරු එක්ක කුරුදු පොතු කෑල්ලක්.
  • කලින් කපාගත්ත අමු මිරිස්, රතු ළූණු දැන් තමයි ඕන වෙන්නෙ. තලාගත්ත ඉගුරු සුදු ළූණු, රම්පෙ, කරපිංචා, අමු මිරිස් සේරම දැන් අර භාජනයට දා ගන්න.
  • දැන් තියෙන්නෙ ටිකක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. ඒ තමයි ළූණු ටික යන්තම් දුඹුරු පාට වෙනකම් බැද ගන්න එක. මේක ලිපේ තියලා වෙන වැඩ වලටනම් යන්න එපා. මොකද ළූණු කළු පාට වෙනකම් බැදුනොත් වැඩේ අවුල් වෙනවා.
  • අපි මේ හදන්නේ බිම්මල් මසාලා එකක් නිසා බිම්මල් දාන්නම ඕන. අපි බිම්මල් ටික කලින් සෝදලා අයින් කරගත්තා මතකද? දැන් ඒ බිම්මල් ටික අරගෙන ලස්සනට බැදගත්ත ළූණු වලට එකතු කර ගන්න.
  • තව දෙයක්, කපාගත්ත තක්කාලි ටික එකතු කර ගන්නත් මේක තමා වෙලාව.
  • මේ සේරම ටික හොදට කලවම් කරලා විනාඩි 2ක් විතර උයා ගන්න.
  • ඊට පස්සේ මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, කහ කුඩු එක්ක ලුණු චුට්ටකුත් එකතු කර ගන්න.මතක තියා ගන්න ලුණු වැඩි වුනත් කන්න බැහැ, අඩු වුනත් කන්න බැහැ. ඒ නිසා කල්පනාවෙන්.
  • බැදපු තුනපහ ටිකයි ගරම් මසාලා ටිකයිත් ඒ එක්කම එකතු කර ගන්න.
  • දැන් තියෙන්නෙ බිම්මල් ටික ටිකක් මෘදු වෙනකම් උයා ගන්න එක. හරියටම කීවොත් විනාඩි 10ක් 15ක් විතර යනකම් උයා ගන්න.
  • මම දැන් කියන්න යන්නේ මේකෙ රස ටිකක් වැඩි කර ගන්න පුළුවන් වෙන පොඩි රහසක්. වැඩි දෙයක් කරන්න ඕන නැහැ.මේකට සීනි ටිකක් දාන්නකෝ. ඒකෙන් ඔයාලගේ බිම්මල් එක තවත් රස වෙයි.
  • තවත් විනාඩි 5ක් විතර මෙහෙම උයාගත්තට පස්සෙ සේරම වැඩ ඉවරයි. ඉවරයි කීවට තව පොඩි වැඩක් තියනවා.අපි හදා ගත්ත බිම්මල් මසාලා එක කන්න කලින් ලස්සන කරගන්න ඕනනේ. එතකොට තමයි දැක්ක ගමන් කන්න හිතෙන්නේ. කොත්තමල්ලි කොල ටිකක් අරන් මේක ලස්සන කර ගත්තට පස්සෙනම් සේරම වැඩ ඉවරයි.
  • ඊට පස්සෙ රස බලන්න විතරයි තියෙන්නේ.

වැදගත්:
  • මේකට කැමති ඕනම බිම්මල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියා ගන්න කන්න පුළුවන් බිම්මල් විතරක් තෝරගන්න. මොකද සමහර බිම්මල් කෑමට ගන්න හොද නැහැ. ඒ නිසා හොදට බලලා බිම්මල් තෝර ගන්න.
  • ගරම් මසාලා කුඩු සුපර් මාකට් වල ගන්න තියෙනවා.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත්වෙනකොට අබ, සූදුරු, මහදුරු එක්ක කුරුදු පොතු කෑල්ලක් දාගෙන.

මේ ඒකට කපාගත්ත ළූණු, ඉගුරු සුදු ළූණු, රම්පෙ, කරපිංචා, අමු මිරිස් සේරම දාගෙන.

දැන් ළූණු ටික යන්තම් දුඹුරු පාට වෙනකම් බැද ගන්න ඕනෙ.

මේ ඒකට බිම්මල් ටිකයි කපාගත්ත තක්කාලි ටිකයි එකතු කරගෙන.

මේ ඊට පස්සේ මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, කහ කුඩු එක්ක ලුණු චුට්ටක් එකතු කරගෙන.

මේ තුනපහයි, ගරම් මසාලයි එකතු කරගෙන බිම්මල් ටික උයාගන්න ගමන්.

දැන් ඉතින් අන්තිමට කොත්තමල්ලි කොල ටිකක් එකතු කරගෙන පොඩ්ඩක් සරසාගෙන එහෙම කෑමට ගන්න පුලුවන්.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ mysrilankanrecipe.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment