About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Thumbprint Cookies - ජෑම් පිරවූ රසම රස කුකීස්

ඔන්න දැන් ඔයාලට රසම රස කුකීස් වර්ගයක් (බිස්කට් වර්ගයක්) හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. හරිම …
Thumbprint Cookies - ජෑම් පිරවූ රසම රස කුකීස්
ඔන්න දැන් ඔයාලට රසම රස කුකීස් වර්ගයක් (බිස්කට් වර්ගයක්) හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නෙ. හරිම ලේසියි හදන්න. පොඩ්ඩක්වත් ආමරු නෑ. උඩ ෆොටෝ එකේ තියෙනවා වගේ චොකලට් වලින් එහෙම එක එක පිරවුම් එහෙම දාලා, ඒ වගේම චුට්ටක් සරසාගෙන එහෙම ඔයාලට කැමති කැමති විදිහට මේ කුකීස් හදාගන්න පුලුවන් මූලිකවම කුකීස් එක හදන්නෙ කොහොමද කියලා ඉගෙන ගත්තහම. මේ රෙසිපි එකේදි ඔයාලට කියලා දෙන්න යන්නෙ ජෑම් පුරවාගත්ත කුකීස් හදාගන්නේ කොහොමද කියලා. ඒක හැමෝටම ලේසියිනෙ. බලන්නකෝ එහෙනම් කොහොමද මේ කුකීස් හදන්නේ කියලා..

අවශ්‍ය දේවල්:
  • ලුණු රහිත බටර් කෝප්ප 1 යි (බටර් ටික ෆ්‍රිජ් එකේ නම් තියෙන්නෙ මේක හදන්න පාවිච්චි කරනකොට බටර් ටික ෆ්‍රිජ් එකෙන් එලියට ඇරන් මොලොක් වෙන්න තියලා ගන්න.)
  • සීනි කෝප්ප 1/2 ක්
  • සාමාන්‍ය පාන් පිටි කෝප්ප 2 ක් (all-purpose flour)
  • කෝන් ස්ටාච් මේස හැදි 3 ක් (Cornstarch)
  • වැනිලා තේ හැදි 1 ක් (Vanilla extract)
  • කැමති රසයකින් ජෑම් කෝප්ප 1/4 ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම වැඩ ටික කරන්න පටන් ගන්න කලින් අවන් එක 350°F ට දාගෙන රත්වෙන්න හරින්න අපි වැඩ ටික කරලා ඉවර වෙනකන්. ඒ වගේම අවන් එකට දාන්න පුලුවන් ට්‍රේ එකක් (තැටියක්) ඇරගෙන ඒකට තෙල් කඩදාසියක් එහෙම දාලා සූදානම් කරගෙන පැත්තකින් තියාගන්න.
  • බෝල් එකක් (භාජනයක්) ඇරගෙන ඒකට බටරුයි සීනියි දාලා බීටර් එකකින් බීට් කරගන්න. (බීට් කරගන්න ඕන තරම ගැන හරියටම තේරුම්ගන්න පල්ලෙහා දාලා තියෙන ෆොටෝ එක බලන්නකෝ..)
  • හරි ඊට පස්සෙ වැනිලයි පාන් පිටියි කෝන් ස්ටාචුයි දාලා ලී හැන්දකින් වගේ හොදට කලවම් කරගන්න මේ ටික හොදට ඇනෙනකම්.
  • දැන් මේ හදාගත්ත මිශ්‍රණයෙන් අඟල් 1 1/4 වගේ බෝල හදාගෙන අර අපි කලින් සූදානම් කරගත්ත ට්‍රේ එක උඩින් අඟලක, අඟල් එක හමාරක වගෙ පරතරයක් හිටින විදිහට තියාගන්න.
  • ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අතේ මහපටඟිල්ල වගේ පාවිච්චි කරලා අර තැටිය උඩින් තියාගත්ත හැම බෝලයක් උඩින්ම අඟල් 1/2ක් වගේ ගැඹුර වලක් හැදෙන විදිහට තදකරගන්න එක. ෆොටෝ එක බලනකොට ඔයාලට වැඩේ කරගන්න ඕන විදිහ තේරෙයි.
  • දැන් අපි හදන්න යන්නෙ ජෑම් පුරවපු කුකීස් හින්දා අපි දැන් මේ කුකීස් උඩින් හදාගත්ත වල පිරෙන විදිහට ජෑම් පුරවාගන්න ඕනෙ. ජෑම පාවිච්චි නොකර චොකලට් වලින් වගේ සරස ගන්න එහෙම නම් ඔයාලා හිතාගෙන ඉන්නෙ, එහෙමනම් දැන් ජෑම් පුරවාගන්න එපා!
  • දැන් කරන්න තියෙන්නෙ කුකීස් තියාගෙන තියෙන මේ ට්‍රේ කලින් අපි රත්වෙන්න් තියපු අවන් එකට දාගෙන විනාඩි 10-12ක් වගේ බේක් කරගන්න එක. හැබැයි බිස්කට් දුඹුරු පාට වෙනකන් එහෙම බේක් කරගන්න එපා!
  • බේක් වුනාට පස්සෙ කුකීස් ටික ට්‍රේ එකෙන් අයින් කරගෙන නිවෙන්න හරින්න.
  • නිවුනට පස්සෙ ඔයාලට කැමතිනම් තවදුරටත් මේ කුකීස් සරසාගන්න වැඩ එහෙම කරන්න පුලුවන්. එච්චරයි! වැඩේ ඉවරයි!

වැදගත්:
  • හුලන් වදින්නෙ නැති වෙන්න බෝතලයකට වගේ දාලා මේ කුකීස් ටික අහුරාගන්න පුලුවන් නම් ඔයාලට මේ කුකීස් සතියක් වගේ නරක් නොවී තියාගන්න පුලුවන්.
  • කෝන් ස්ටාච් සහ වැනිලා ඔයාලට සුපරි වෙලඳසැල් වලින් වගේම කේක් බඩු කඩවල් වලිනුත් ගන්න පුලුවන්.

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ බොල් එකකට බටරුයි සීනියි වැනිලා දාලා බීට් කරගෙන ඒකට වැනිලා, පාන් පිටි, කෝන් ස්ටාච් දාලා කලවම් කරගෙන ඒ මිශ්‍රණයෙන් බෝල හදාගෙන.

මේක අමතර ෆොටෝ එකක්. මේකට කලින් ෆොටෝ එකේ තියෙන බටරුයි සීනියි බීට් වෙන්න ඕන පදම හරියට පෙන්නෙ නැති හින්දයි මේක දැම්මෙ. මේ ගානට බීට් වුනානම් හරි.

මේකත් අමතර ෆොටෝ එකක්. පිටි එකම දාලා මිශ්‍රණයෙන් බෝල හදාගන්න ලෑස්ති වෙනකොට ඒ මිශ්‍රණය මෙන්න මේ බෝල් එකේ තියෙන ගානට ඇනිලා (කලවම් වෙලා) තිබ්බානම් ඇති. (මේකෙ මේ අතට අයිස් ක්‍රීම් ස්කූප් එකකින් [අයිස් ක්‍රීම් බෙදන හැන්දකින්] ටිකක් දාගෙන තියෙන්නෙ මිශ්‍රණයේ පදම බලන්න එහෙම නෙමේ. මිශ්‍රණයේ පදම හරි හින්දා මේ බෝලයක් හදාගන්නයි යන්නෙ.)

මේ තියෙන්නෙ ඉතුරු පියවරවල් ටික. මේ ටිකන් නම් ඔයලට බලපුවහම් තේරෙනවානෙ වෙන්න ඕනෙ මොකක්ද කියලා..

මේ තියෙන්නෙ බේක් කරලා ඉවර වුන කුකීස් ටික. දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ..

මේ තියෙන්නෙ මේ විදිහටම කුකීස් හදාගෙන ඒවා එක එක ආකාරයට සරසාගෙන. ඔයාලට මේ වගේ වැඩවලට අත්දැකීම් තියේනම් මීට වඩා ලස්සනට මේ කුකීස් ටික සරසාගන්න පුලුවන් වෙයි ඔන්න.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ tipbuzz.com වෙබ් අඩවියෙන්. ඔයාලට මේ කුකීස් හදනකොට මොනවා හරි ගැටලුවක් මතු වුනොත් මේ යූ-ටියුබ් වීඩියෝ එක (https://www.youtube.com/watch?v=1Cf7HSsvWyA) බලන්න..
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment