About Me

My photo
wikitech.xyz
Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.
View my complete profile

Paleo Fudge - චොකලට් වලින් රසම රස පොඩි කෑමක්

ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලේසියෙන්ම චොකලට් වලින් රසම රස පොඩි කෑමක් (Chocolate Fudge) හදාගන්න විදි…
Paleo Fudge - චොකලට් වලින් රසම රස පොඩි කෑමක්
ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ ලේසියෙන්ම චොකලට් වලින් රසම රස පොඩි කෑමක් (Chocolate Fudge) හදාගන්න විදිහ. තනිකරම චොකලට්! කප් කේක්/ මෆින් හදන කප් වල මේක හදලා තියෙන හින්දා තමයි මේකට මේ කප් කේක් වගේ පෙනුමක් ලැබිලා තියෙන්නෙ. හවස් වරුවක තේ බොන වෙලාවකට එහෙම ඔන්න මේක හොදයි. මේ දීලා තියෙන ප්‍රමාණ වලින් ගත්තොත් ඔයාලට මේ වගේ කප් 10-12ක් විතර හදාගන්න පුලුවන්. ඒ වගේම කියන්න ඕනෙ මේවා ගොඩක් හයිය එහෙම නෑ. මෘදුයි වගේම හපනකොට ඔයාලට තේරෙයි ක්‍රීම් ගතියක් තියෙනවා කියලා.. මේකට ගන්න දේවල් අතරින් "චොකලට් චිප්ස්" ඔයාලා කඩෙන් ගන්නකොට "වෙජිටේරියන්" අයට ගැලපෙන විදිහට හදපු "චොකලට් චිප්ස්" ගන්න පුලුවන් උනොත් මේක කෑම එක සම්පූණයෙන්ම "වෙජිටේරියන්" අයට ගැලපෙන විදිහට හදාගන්න පුලුවන්. පොල් කිරියි, පොල් තෙලුයි ඉතින් කිසිම අවුලක් නෑනෙ. ඒ වගේම කියන්න ඕනෙ මේකට අපි කිරි වර්ග (Dairy) පාවිච්චි කරන්නෙත් නෑ. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..

අවශ්‍ය දේවල්:
  • චොකලට් චිප්ස් කප් 1ක් (Chocolate Chips)
  • සම්පූර්ණ යොදය සහිත පොල් කිරි (ඒ කියන්නෙ මිටි කිරි) මේස හැදි 6ක්
  • පොල් තෙල් මේස හැදි 1ක්

සාදාගන්නා ආකාරය:
  • මුලින්ම කරන්න තියෙන්නෙ අවශ්‍ය දේවල් යටතේ තියෙන ඔක්කොම දේවල් ටික එක භාජනයකට දාගෙන ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න ඕනෙ. ඩබල් බොයිල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා ඉවුම් පිහුම් ඇප් එකේ දැන්නම් සෑහෙන්න වතාවක් කියලා දීලා තියෙනවා. ඩබල් බොයිල් ක්‍රමය [Double Boil Method] කියන්නෙ කුඩා බදුනක් සහ එම කුඩා බදුන ගිල්විය හැකි ප්‍රමාණයේ විශාල බදුනක් ගෙන, විශාල බදුනට වතුර දමා ලිප තබා කුඩා බදුන එම විශාල බදුනේ වතුර මත තබා කුඩා බදුනෙහි මොනවා හරි දිය කර ගන්න එකට. මෙහෙම කරපුවහම අර පොඩි භාජනේ තියෙන දේවල් ටික අනවශ්‍ය විදිහට කරවෙන එක එහෙම වලක්වාගන්න පුලුවන්. ඒ එක හේතුවක්.
  • හරි! දැන් ඊලගට කරන්න ඕන දේ තමයි මෆින් ට්‍රේ එකකට කප් කේක් හදනකොට පාවිච්චි කරන කඩදාසි (Muffin liners) දාගෙන සූදානම් කරගන්න එක.
  • දැන් කරන්න තියෙන්නෙ කලින් අපි හදාගත්තු මිශ්‍රණයෙන් මේස හැදි 1ක් වගේ ප්‍රමාණ වලින් අර සූදානම් කරගත්තු කප් කේක් අච්චු වලට දාගන්න එක.
  • දැන් ඔය විදිහට මිශ්‍රණ දාගත්ත කප් ටික අවන් එකට දානවා එහෙම නෙමෙයි ඕන්! අවන් එකක් ගැන හිතන්නවත් එපා. හරි! ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි මේ කප් ටික ෆ්‍රිජ් එකේ දාලා පැය 1/2ක් තියෙන්න හරින එක.
  • අන්තිමට මිශ්‍රණය හයි වුනහම ෆ්‍රිජ් එකෙන් එලියට ඇරන් පොඩ්ඩක් සරසාගන්න පුලුවන් ලුණු, කැරමල්, කපාගත්ත කජු වගේ මොනවා හරි දෙයක් පාවිච්චි කරලා. ඔන්න වැඩේ ඉවරයි එහෙනම්!

පොටෝ ටිකත් බලන්නකෝ..
මේ තියෙන්නෙ චොකලට් චිප්ස්.

මේ වගේ මෆින් ට්‍රේ එකකට කප් කේක් හදනකොට පාවිච්චි කරන කඩදාසි (Muffin liners) දාගෙන සූදානම් කරගන්න. නිකන්ම මෆින් ට්‍රේ එකට මේ මිශ්‍රණය දැම්මොත් පස්සෙ ගලවාගන්න අමාරු වෙනවා.

මේ තියෙන්නෙ වැඩ ඔක්කොම ඉවර වුනාට පස්සෙ අපි හදාගත්ත අපේ රසම රස කෑම එක. වැඩ ඉවරයිනෙ, දැන් ඉතින් කන්න තමයි තියෙන්නෙ.















මේ ලිපිය අපි සිංහලට කරපු පරිවර්තනයක්. මුල් ලිපිය ලබාගත්තේ paleoglutenfree.com වෙබ් අඩවියෙන්.
wikitech.xyz
wikitech.xyz

Welcome to WikiTech! We are your go-to destination for insightful and up-to-date tech-related articles and information.

Article Tag
Newer Posts
Older Posts
Comment